ලන්ඩනයේ ෂෙෆීල්ඩිහි ගිය වසරේ ඩොමිනෝ පිට්සා බෙදමින් සිටි තවීෂ පීරිස් (25) ශ්‍රී ලාංකික ශිෂ්‍යයා ඝාතනය කළ ශම්රාස් ඛාන් ෂෙෆීල්ඩ් උසාවියේදී වරදකරු විය. දෙසතියක් පුරා නඩුව විභාග විය.
පැය 14 කට පසු ජුරී සභාවේ බහුතර තීරණය වුයේ ශම්රාස් ඛාන් වැරැදිකරු බවයි.ජුරීය දහයට දෙක වශයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කළේය.ඔහුට ද නඩුව ආරම්භයේදී වරද පිළිගත් කාසිම් අහමඩ්ට ද ජීවීතාන්තය දක්වා සිර දඩුවම් දීමට නියමිතය.
ශම්රාස් ඛාන් නිවැරදිකරු බව ප්‍රකාශ කැර තිබිණි . කාසිම් අහමඩ් ඊට කලින් වරද පිළිගත්තේය.
තවීෂ සිය කාරයෙන් පිට්සා ඇනවුමක් රැගෙන යද්දී පිට පිටම පිහියෙන් ඇන ඔහු මරා දමා ඇත්තේ ඔහුගේ ජංගම දුරකතනය සොරා ගන්නැයි පැමිණිල්ලෙන් කියැවිණි.
තවිෂ සන්නිවේදනය පිළිබඳව උපාධියක් දිනා බ්‍රිතාන්‍යයයේ සමාගමක රැකියාවට යාමට සියල්ල සුදානම් කර සිටියදී මෙසේ ඝාතනයට ලක්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්ගලන්තෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ... කියන සිංදුව මතක් වුණා (නි)
කොතනද වරද....? නීතියේ තමයි වරද. හරියට නීතියක් ගෙනෙනවා නම් සෑම නඩුවක්ම නියමිත කාලසීමාවක් තුල විසඳිය යුතුයි කියලා ඉවරයි. (නි)
සති දෙකෙන් නඩුව විභාග කරලත් ඉවරයි. අපේ රටේ නම්, කොහොමද නේද....? (නි)
ලංකාවේ නීති ක්ෂේත්‍රයේ නම් අවුරුදු ගාණක් නඩුව ඇදෙයි (නි)
කොහොමද වැඩේ? සති 2න් නඩුව ඉවරයි. ලංකාවෙ නම්?? (නි)
ලංකාවෙ නම් වසර ගණනක් වෙයි දඩුවම. (නි)
මා ඉපදුන මගේ රට ගැන මට ලැජ්ජා හිතෙනවා මේවා දැක්කම. අපේ රටේ කවදා මෙහෙම දියුණු වෙයිද දන්නේ නැහැ (නි)
ලන්ඩන් වල එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ.... (නි)
සමාව දීල එලියට දාන්ඩ ලොක්කෙක් ඊට උඩින් නැද්ද. (නදී)
ඕව එංගලන්තයේ උනාට ලංකාවේ වෙන්නේ නැහැ. (නදී)
ගොඩක් දෙනාට දැන් තේරිලා. (අ)
අන්න රටවල්. නීතිය කාටත් එකයි (නි)
ලංකාවේ තාම තියෙන්නෙත් සුද්දාගේ නීතිය තමයි. නමුත් ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. (නි)
ලංකාවේ නඩු තීන්දු දෙන්න බ්‍රිතානයේ බලපෑමත් හේතුවුණා කියලා අපි දන්නවා (නි)
එ්ගොල්ලොත් බලන් හිටිය අපේ තීන්දුව දෙනකම් ඇත්ත එ්කයි ! (ස)
කණගාටුයි. අපේ සහෝදරයෙක්! (නි)
ලංකාවේදී එංගලන්තයේ කෙනෙක් මියගියහම කොච්චර විරෝධතා ආවද? එංගලන්ත අගමැති පවා ලංකාවට පැමිණ පරීක්ෂණ පැවැත්වුවා. කොපමණ ප්‍රසිද්ධියක් දුන්නද තංගල්ලේ සිද්ධියට. අපේ කිසිම කෙනෙක් කිසිම මැදිහත්වීමක් නැතුව මෙවැනි තීරණයක් ගැනීම ගැන අපේ උපහාරය එංගලන්තයට හිමිවෙනවා. මේ අහිංසක තරුණයා කොපමණ බලාපොරොත්තු තියාගෙන හිටියාද? දෙමවුපියන් කොපමණ බලාපොරොත්තු තියාගෙන හිටියාද?අද ජාත්‍යාලය තිබෙන අය ඉතාමත් අඩුයි.ඉතාමත් කණගාටුයි. (නි)
මේක ලංකාවේද එන්ගලන්තේද කියලා මට මොකුත් මතක නැහැ (නි)
මේක එංගලන්තයේ සිදුවූ නිසා මෙතරම් ඉක්මනට නඩුව සාදාරන විදියට අසා ඉවර උනා. මෙය ලංකාවේ සිදු උනානම් තවත් අවුරුදු කිහිපයක් නඩුව අසනවා . විත්ති කරුත් පැමිණිලි කරුවනුත් ගෙවල් ඉඩම් විකුණා නීති වේදීන්ට මුදල් ගෙවාවි (නදී)
ලංකාවේ දේශපාලකයෙක් එංගලන්ත මනුස්සයෙක් මරල පෙම්වතිය දුෂණය කලාට දධුවම වසර 20 ක් හිරේ ,ඒ තීන්දුව දෙන්නත් කොච්චර කල් ගියාද . නමුත් ලංකාවේ සිසුවා මරපු මිනිහට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් .. අනේ ලංකාවට ගිය කල ..(ස)
ජංගම දුරකථනය සොරාගැනීමට මිනීමරන්න තරම් එංගලන්ත පුරවැසියන් බංකොලොත්ද? හිරු නොබසින අධිරාජ්‍යය අනේ මන්දා! වටිනා මනුස්ස ජීවිතයක්. (නි)
අපි ගැන ලැජ්ජා හිතෙනවා (නදී)
සංවර්ධනය වූ රටවල නඩු, පුළුවන් ඉක්මනින් අහලා ඉවර කරනවා. සංවර්ධනය වෙමින් පවතින රටවල නඩු අවුරුදු ගණන් ඇද ඇද යනවා. ඇයි එහෙම වෙන්නේ...? කොතනද වරද....? (නදී)
මට මතක් වෙනවා අමරදේව මහත්මයාගේ සසර වසන තුරූ නිවන් දකින තුරු ගීතය. (නදී)
අනේ, අපිට කොච්චර කල් ගියාද ? (නදී)
ලංකාවේ දුන්නේ අවුරුදු විස්සයි. එංගලන්තේ ජීවිතාන්තය දක්වාම. මැරුන් කාපු එක්කෙනෙක් ලාංකිකයෙක්,අනිත් කෙනා එංගලන්ත වැසියෙක්.කොහොමද වෙනස (නදී)