IMG-LOGO

ලාංකිකයා ගඳ වැඩක් කරයි

ඉතාලියේ මිලානෝ නගරයේ ෆරීනි මාවතේ සුවඳවිලවුන් හළකින් සුවඳ විලවුන් බෝතල් දොළහක් සොරකම්කිරීමට තැත් කළැයි ලාංකිකයෙක් මිලානෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබීය.

 සුවඳ විලවුන් හලට ඇතුළුවූ ලාංකිකයා සුවඳ විලවුන් බෝතල්වල ඇති තීරුසංකේත ඉවත්කර ඒවා සොරකම්කරන බව දැනගත් වෙළඳසලේ කලමනාකරු ඔහු අල්ලාගැනිමට තැත්කිරීමේදී ලාංකිකයා ඔවුන්ට තර්ජනයකර පලායාමට තැත්කර ඇත.

ඔහු පොලිසිය කැඳවීය. ලාංකිකයා අත්අඩංගුවට ගනු ලැබීය.



අදහස් (0)

ලාංකිකයා ගඳ වැඩක් කරයි

සුදත් සමරසිංහ-මිලානෝ Thursday, 11 September 2014 08:30 AM

කොස්වත්ත, මේක ලොකු දෙයක් නොවෙන්නේ කොහොමද ? මට පේන්නේ ඔයත් ඒ ජාතියේම එක්කෙනෙක්ද කොහෙද? පිටිගලට කියන්න එපා තොප්පිය දාගන්න කියලා. ඔයා දාගන්න ඒ තොප්පිය. (නදී)

:       0       0

චමත් ඉතාලිය Wednesday, 10 September 2014 06:39 PM

අරුණ,ඉතාලි ජීවිතය කොහොමත් සුන්දර නැහැ.ඒ නිසාම නෙමෙයි, ඔය අය ඔය දේවල් කරන්නේ තමන්ගේ නැහැදීච්චකමටයි. හොරකම් කළේ අහිංසකකමට වෙන දෙයක් කරන්න නැතිකමට නම්, මොකටද කළමනාකරුට තර්ජනය කරන්නේ? ඔය වගේ මිනිස්සු කීපදෙනෙක් නිසා තමයි පිටිගල ඔය විදියට චෝදනා කරන්නේ (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 10 September 2014 06:47 PM

ඉතාලියේ ඉන්න බොහෝ අය කළොත් කරන්නෙම ගඳ වැඩම තමා (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 10 September 2014 07:12 PM

අරුණ,මේ හොරකම් කළ දේවල් විකුණන්න පුළුවන් වෙන්නෙත් විකුණලා ජීවත්වෙන්න පුළුවන් වෙන්නෙත් ලංකාවේ වෙන්න පුළුවන්.ඉතාලි ජාතිකයෝ වගේම අපිත් මේ වගේ බඩුවක් කඩෙන් ගන්නවා ඇරෙන්න ඔය වගේ පිටින් කෙනෙක්ගෙන් ගන්නේ නැහැ.යම් කෙනෙක් මිලදී ගත්තත් එම මුදලින් ඉතාලියේ ජීවත්වෙන්න බැහැ.මේක ලංකාවෙන්ම ගෙනා ජාතික පුරුද්දට කළ දෙයක්. (නි)

:       0       0

කොස්වත්ත Wednesday, 10 September 2014 07:29 PM

පිටිගල, ඔයාගෙ තොප්පිය ඔයාම දාගන්න. මේක ලොකු දෙයක් නොවේ (නි)

:       0       0

දසනායක Thursday, 11 September 2014 07:45 PM

මාලන්,ලංකාවේ ගම කොහෙද? මං මේ, නිකමට ඇහුවේ. (නි)

:       0       0

බර්නාඩ් Wednesday, 10 September 2014 08:55 PM

අපේ අය වැඩි හරියක් ගියතැන රට කනවා (නි)

:       0       0

මහින්ද Wednesday, 10 September 2014 09:47 PM

අරුණ, ඔය වගේ කතා කියන්න එපා (නි)

:       0       0

නවෝද් Thursday, 11 September 2014 09:40 AM

අර හොරු කට්ටිය එක්ක එකතු වෙලා කිසිම කරදරයක් නැතිව ගද නොගහා ගජරාමෙට හොරකම් කරන්න හැම පහසුකමක්ම සපයල තියෙද්දීත් මොන මෝඩයද ඉතාලි ගිහින් මෙහෙම පිස්සු කෙලින්නේ? (නදී)

:       0       0

රුවන් Thursday, 11 September 2014 09:42 AM

බන්දුල ඉතාලියේ ගඳ ගහන තැන් සොයන්න කලින් අපේ රට ඇතුලේ තියන ගඳ තැන් සොයා ගන්න. මහා පරිමාන බදු වංචා, මහජන දෙපළ නාස්තිය , රක්ෂිත වනාන්තර එළිකිරීම , ඔන්න ඕවා බලන්නකෝ ටිකක් . ඔයාගේ නහය වැඩ කරන්නේ පිටරට තියන කුණු ගොඩවල් වලට විතරද ? (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 11 September 2014 12:57 AM

අරුණ, හොරකම් කරලා ජීවත්වෙන්න ඉතාලි යන්න ඕනෑ නැහැ. ලංකාවේ ඉඳගෙන කුලී වැඩක් හරි කරලා ජීවත්වෙන්න පුළුවන් නේද? (නි)

:       0       0

නිලංග Thursday, 11 September 2014 01:38 AM

කැත වැඩ කරන කෙනා ඉතාලියේ තියා කොහේ හිටියත් කැතම තමා. (නි)

:       0       0

රොකී Thursday, 11 September 2014 01:46 AM

ඔය හුඟක් කට්ටිය ඉතාලියට පැනලා ගිහින් ඉන්නේ මෙහෙ ඉන්න බැරි හින්දා. එහෙ ගියත් කොරන්නේ මෙහෙදී කොරපු වැඩම තමයි. (නදී)

:       0       0

චන්දන Thursday, 11 September 2014 01:52 AM

ඔස්ට්‍රේලියාවට ආපු සමහර ලංකාවේ බෝට්ටු කාරයන්ගේ නොහොබිනා වැඩ සමග බලන කොට ඉතාලියේ මේ කෙරෙන දේවල් ඉතා සුළුයි. (නදී)

:       0       0

නිරන්ජන් Thursday, 11 September 2014 10:25 AM

ඉතාලියේ හොරකම් කරන අය හිතන් ඉන්නේ ලංකාවට ගිහින් බෙන්තර ගඟෙන් නාලා එහා පැත්තට පැන්නම සුවඳ හමනවා කියල වෙන්න ඇති. මෝඩයෝ (නදී)

:       0       0

පිටිගල Thursday, 11 September 2014 10:26 AM

තොප්පිය හරි අය කීප දෙනෙක්ම ඉන්නවානේ හැබෑටම. මම හිතුවා ඕක . ඉතින් මම කියපු එක හරි කියලා ඔප්පු උනා නේ. (නදී)

:       0       0

කුෂාන් Thursday, 11 September 2014 02:47 AM

මම දන්න කෙනෙකුත් මීට පෙර මේ වගේම වැඩක් කළා (නි)

:       0       0

මාලන් Thursday, 11 September 2014 11:02 AM

පිටිගලගේ තොප්පිය නැති වෙලා ගොඩක් කල් කියලා අපිට වැටහිලත් දැන් ගොඩක් කල්. අපි ඉතාලියේ හොරකම් තමයි කරන්නේ බන්. ඇයි කිචිද? (නදී)

:       0       0

පද්මිණී Thursday, 11 September 2014 05:12 AM

ලංකාවේ දොළොස් දෙනෙකුටම සෙන්ට් ගෙනත් දෙන්නම් කියල පොරොන්දු දීල තියෙන්න ඇති. (නදී)

:       0       0

ගයාන් Wednesday, 10 September 2014 12:12 PM

ඔන්න අපේ රට විරුවන්ගේ වීර ක්‍රියා. මාසෙකට සැරයක් ඉතාලියෙන් අපේ අයගේ වීර ක්‍රියාවක් අහන්න ලැබෙනවාමයි. බලු වලිගෙ උන පුරුකේ දැම්මත් ඇදේ අරින්න බැහැනේ. (නදී)

:       0       0

ධම්ම Wednesday, 10 September 2014 12:29 PM

එකත් එකටම බෝට්ටුවෙන්, කන්ටේනරෙන් ගිය කෙනෙක්.(නදී)

:       0       0

සුගුනවති Wednesday, 10 September 2014 12:36 PM

ඉතාලියේ ඉන්න බොහෝ ලාංකිකයින් කරන්නේ ගඳ වැඩ තමයි (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 10 September 2014 12:58 PM

කොහොමත් ඉතින් අපේ අය යන තැන ගඳගස්සලා තමයි පස්ස බලන්නේ. (නි)

:       0       0

පිටිගල Thursday, 11 September 2014 02:20 PM

නෑ මාලන් නුඹගේ උගත් කමට හරියන්න කරන්න තියෙන්නේ හොරකම් තමයි. ඉතාලියේ කරන රස්සාව ගැනත් කියන්න ඕන නැහැ (නදී)

:       0       0

ප්‍රදීප් Wednesday, 10 September 2014 01:58 PM

ලංකාවට ගෙනියන්න තෑගි එකතු කරනවා වෙන්න ඇති. (නි)

:       0       0

සත්‍යයා Wednesday, 10 September 2014 02:23 PM

වර්තමාන ශ්‍රී ලංකාවේ සාරධර්ම රටාවට අනුව ගඳ වැඩක් නොකළහොත් ඔහු ශ්‍රී ලාංකිකයෙක් නොවේ. හොඳින් බැරි නම් නරකින් හෝ ජාතික අනන්‍යතාවය රැකගැනීමට අපේ අය බොහොම දක්ෂයි. (නි)

:       0       0

පිටිගල Wednesday, 10 September 2014 02:58 PM

ඉතාලිය ඉන්න ලාංකිකයෝ වැඩි දෙනෙක් ගඳ වැඩ වලට දක්ෂ බව දැන් ලෝකයම දන්නා දෙයක්.(තොප්පිය හරි අයට දා ගන්න පුළුවන්) (අ)

:       0       0

අරුණ Wednesday, 10 September 2014 03:52 PM

ඒ වැඩේ නම් කැතයි. ඒවුණාට ජීවහ් වෙන්න කරපු දෙයක් වෙන්න පුලවන් ඒ මොකද. නියමිත රැකියාවක් නොමැතිව ජීවත් වෙන්න ඉතාලියේ ජිවිත සුන්දර නැහෑ. බඩ ගින්න නිවා ගන්න.කාමරකුලි ගෙවන්න වෙන්න පුලුවන් ...... ඒ නිසා බුද්දිමත්ව බලන්න.(අ)

:       0       0

ඇන්ටන් Wednesday, 10 September 2014 05:51 PM

පිටිගල මහත්තයෝ, ඉතාලියේ අයව ඔහොම පහත් කරලා කතාකරන්න එපා (නි)

:       0       0

හේෂාන් මානවඩු ඉතාලිය Wednesday, 10 September 2014 05:52 PM

ඉතාලියේ සිටිනා ලාංකික බහුතරය නිතරම ලංකාවේ නම කැත කරන ගඳ ගස්සවන වැඩ කරන එක සාමාන්‍ය දෙයක් (නි)

:       0       0

මාලන් Thursday, 11 September 2014 08:23 AM

ඉතාලියේ ඉන්න මිනිස්සු කෙරුවොත් කරන්නේ ගඳ වැඩම තමයි. නැත්නම් ඉතින් අර සුනාමි සහන මණ්ඩලයට ලැබුණු ආධාර මුදල් හොරා කයිද නේද බන්දුල? (නදී)

:       0       0

නන්දන Wednesday, 10 September 2014 06:09 PM

පිටිගල, ඔබේ තත්වයේ අය හා ඔබේ තත්වයෙන් හිතන අය වගේම ඔබට සමාන පවුල් පසුබිමක් තිබෙන ශ්‍රී ලාංකිකයින් ඉතාලියට නෙමේ දිව්‍ය ලෝකෙට ගියත් සුවඳ හමන වැඩක් කරයි කියලා හිතන්න බැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සනීපෙට ගමන් යන්න ’’ක්ලීන් ශ්‍රී ලංකා’’ වෙන් උදව්වක්
2025 මැයි මස 14 40 0

මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ ව


දුම්රිය ගමන්වාර 20ක් අවලංගු කරයි
2025 මැයි මස 14 79 0

දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්


මහින්දානන්දගෙන් අපේක්ෂිත ඇප ඇයදුමක්
2025 මැයි මස 14 124 0

ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කිරීමේ ක්‍රියාමාර්ගය තුළින් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කල


පෙම් යුවළ බසයට බිලි
2025 මැයි මස 14 940 0

යතුරුපැදියෙන් වෙසක් සිරි නරඹමින් ගමන් කරමින් සිටි පෙම්වතුන් යුවළක් මාතර බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ දී පෞද්ගලික බසයකට යටවීමෙන් මියගොස් ඇතැයි මාතර පො


බේස්ලයින් දුම්රිය හරස් මාර්ගය වහයි
2025 මැයි මස 14 433 0

කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර සහ නාරාහේන්පිට දුම්රිය ස්ථානය අතර පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් සඳහා එම හරස් ම


කොත්මලේ අනතුරින් මියගිය අයගේ වන්දි යවයි
2025 මැයි මස 14 304 0

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1370 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1589 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site