මැලේසියාවේ සිටින ශ්‍රී ලාංකිකයකු වන මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජහිඩ් අත් අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදනයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකාව සැරසෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
2009 වසරේ සිට මේ දක්වා කන්ටේනර 7කින් ශ්‍රී ලංකාවට මත්කුඩු කිලෝ 750 - 1000 අතර ප්‍රමාණයක් එවීම සම්බන්ධයෙන් මොහු ළඟ වැදගත් තොරතුරු ඇතැයි පොලිසිය සැක කරයි.
මෙම පුද්ගලයා සෙල්වම් සහ පරාවර්තන නමැති සිංහල චිත්‍රපට දෙකක්ද නිෂ්පාදනය කර ඇතැයි කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහවල් ජාතියේ බිස්නස් කාරයෙක්නේ. (බ)
හැකි ඉක්මනින් අල්ලා ගන්න වැදගත් තොරතුරු රැසක් සොයා ගැනීමට හැකි වේ.(හේ)
ලෝකේ ඉන්න කුඩු කාරයෝ අල්ලන්න ඉස්සරවෙලා ලංකාවේ ඉන්න කුඩු මුදලාලිලා අල්ලලා ඉන්න ගේ ඇතුලේ ඉන්න නයි ඉද්දි කැලේ ඉන්න නයි හොයන්නැතිව අපේ ඉන්න එවුන්ගේ මොලේ තියෙන්නේ කොහෙද කියල අහන්න වෙනවා ලංකාවේ කුඩු මුදලාලිලා දේශපලකයෝ හින්දද උන්ව අල්ලන් නැත්තේ (බ)
මේ මේ මේ ... නිකන් බොරුවට මෙයාව අල්ලන්න ජනතා මුදල් වියදම් කරන්න එපා .. ඔය මනුස්සයට පාඩුවේ ඉන්න දීල අල්ලන්න හදන අයත් ගෙදරට වෙලා හිටියොත් ජනතා මුදල් කියක් හරි ඉතිරිවෙයි .. දැන් ඔය සිල්වලා , වෙලේ සුදාලව අල්ලලා නඩුත් අහල හිරෙත් දාල ඉන්නේ (බ)
පවු ඒ මනුස්සයට 3 වෙනි ෆිල්ම් එකත් ලංකාවේ කරන්න තව කුඩු තොගයක් ගෙන්න අවස්ථාව උදාකරල දෙන එක තමයි කරන්න තියෙන්නේ ..(බ)
හොඳ කලා කාරයෙක් නොවැ (නදී)
මුන්ට දෙන දඬුවම් කුමක්ද දෙවියනේ ? (බ)
මේ රටෙත් නැති කුඩු ජාවාරම් කාරයෝ අල්ල ගන්න දැඟලනවට වඩා හොඳ නැද්ද මේ රටේ ඉන්න පාර්ලිමේන්තුවේත් සිටිය ප්‍රසිද්ධ කුඩු කාරයෝ ටික අල්ල ගත්තා නම්. මොහු ඇල්ලුවත් ටික දවසක් තියාගෙන ඉඳලා නිදහස් කරාවි. මතකනේ වෙලේ සුදාට උන දේ ? (නදී)
ඇසට නොපෙනෙන සුපිරි කුඩු තරු. දැනටමත් පරක්කු වැඩියි මේවාගැන හොයාගනිද්දී. කමක් නැහැ අනාගත පරපුරවත් ගොඩ එයිනේ මේක මෙතනින් අතුගාල දැම්මොත්.(ම)