කටාර් රාජ්‍යයෙහි දෝහා නුවර සාප්පු සංකිර්ණයක රිය ගාලක තිබී අහුලාගත් කටාර් රියාල් අනුදාහක් රුපියල් තිස්තුන්ලක්ෂයක් අහුලා බාර දුන් ශ්‍රී ලාංකිකයකුට ශ්‍රී ලාංකිකයින්ගේ අවංක කම ගැන දෝහා පොලීසිය ප්‍රණාමය පුද කරයි.
මොහොමඩ් නිබ්‍රාස් නැමති මෙම ශ්‍රී ලාංකිකයාගේ ගුණ අගයමින් එරට අභ්‍යන්තර අමාත්‍යංශ ට්විටර් හා ෆේස් බුක් සමාජ වෙඩ් අඩවි වල පැසසුමට ලක් කැර ඇත.
ශ්‍රී ලංකාවේ ගෙයක් ගැනීමට තරම් වු ඒ මුදල හිමිකරුට භාර දීම ගැන එරට ශ්‍රී ලාංකිකයෝ සතුට පළ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු මුදලක් හම්බවුනාම සිත වෙනස් වෙනවා. එහෙත් හිත වෙනස් කර ගන්නේ නැතුව එඩිතරව එය බාරදුන්න එකට අල්ලාහ් දෙවියන්ගෙන් ඔබට ලැබිය යුතු දෙය ඔබට අනිවාර්යෙන් ලැබේවී . (නි)
ඔබ අති විශිෂ්ට ශ්‍රී ලාංකිකයෙක් පුතා (නි)
කොස්වත්ත ඔබ වැරදියි. යුරෝපයේ මෙවැනි මුදලක් නැවත බාර දුනහොත් ලැබෙන්නෙ 100% ක් නෙමෙයි.සීයට දහයක ප්‍රතිශතයක් (නි)
ජලීල් , අර්ෂා, මේ ඔක්කොම මිනිස්සු දෙවියන් මවපු කට්ටිය උදගු වෙන්න එපා. මගේ ළඟගත් අවංක සිංහල මිනිස්සු වැඩකරනවා.(අ)
දෙන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ මේ වගේ වෙලාවට (දී)
මේ වගේ මොඩයෙක්
සතුටුයි අපට ඔබ ගැන මොහමෙඩ් නිෆ්ගල්,අපට ඉන්න මුස්ලිම් යාලුවෝ ගොඩක් හොදයි.මෝහමෙඩ් ශාරුක් හිතන විදිය අන්තිම වැරදියි. ඒ වගේ අය නිසා තමයි ලංකාවේ ප්‍රශ්න ඇති වෙන්න (නි)
ඔබට සුභ පැතුම්! (නි)
වැඩේ නම් හොඳයි.එහෙත් මේ පුත්‍රයා වාසනාවට පයින් ගහලා.ඔහු මෙය හොරකම් කළා නොවෙයිනේ.අනික ඔය රටවල අරාබියන්ට ඇතිතරම් මුදල් තියෙනවනේ.අනික ඔය සල්ලි නැවත බාරදීලා ඔහුට ලැබෙන දෙයක් නැහැනේ නේද? අවුරුදු ගණනාවක් කාටාර් වලට හිටියත් ඔය තරම් මුදලක් ඔහුට ලැබෙන්නේ නැහැනේ.ඔහුගේ ආගම අනුව "අල්ලාහ්" දෙවියන් ඔහුගේ වාසනාව ඔහුගේම දෙපතුල ළඟට ගෙනත් දුන්නට ඔහුට එය ලැබීමට තරම් වාසනාවක් නැහැ අනේ පව්.එහෙත් නොකියම බැරි දෙයක් තියෙනවා.ඒ නම් ඔහුගේ අවංකකමට බොහොම ස්තුතියි! (නි)
මුස්ලිම්වරුන් අතර ඔබ වගේ අවංක යහපත් මිනිසුන් කළුනික වගේ.ඔබ කරපු යහපත් ක්‍රියාව මම අගය කරමි.ඔබට ජයවේව!!!(අර්ෂා,ජලීල් හොඳ දෙට හොදයි කියන්න ජාතිය බලන්න ඕනේ නැහැ.) (දී)
කෝ බනින්නේ නැද්ද මුස්ලිම් කියලා? අපි හැමෝම ලාංකිකයෝ. මේ තරුණයා කළ දේ අගය කරනවා. ඔබට හරියනවා.ඔබේ අවංකකමට, දේව අර්ශිර්වාදය පතනවා. ඔබේ අනාගතයට ජේසු පිහිටයි! (නි)
ඕක ඉතින් මුස්ලිම් කොල්ලෙක් නිසා බාරදුන්නා.මුස්ලිම් අයගේ සුළු වැරදි වලට එරෙහිව අදහස් දාන මිනිසුනි,මේවට ප්‍රශංශා කරලා දාන්න (නි)
මුළු රටටම ගෞරවයක්, නියම ලක් පුතෙක්,ඔබට ජය වේවා!(නදී)
එයාට තිබුණේ ඕක අරන් හෙට ලංකාවට එන්න, මොකෝ ලංකාවේ කෙනෙක් ඕක ඇහිඳ ගත්තා කියලා කවුරුවත් දන්නේ නැහැනේ (නි)
එදිරිසින්හ, අවංක වන්න. ආවට ගියාට කතා කියන්න එපා. (නි)
සල්ලි අහුලනවා කාර් පාර්ක් කැමරා වල ලස්සනට තියෙනවා ඇති. කොල්ලා දන්නවා හොරකම් කළොත් මොකද වෙන්නේ කියලත් (නි)
මෙම ක්‍රියාව ඉතා අගය කළයුතු එකක් නමුත් කටාර් හිර ගෙදර වැඩිපුර ඉන්නේ ලාංකිකයෝ. (නි)
"මුස්ලිම් ජාතියේ අවංක කම නිසා ශ්‍රී ලංකාවටම ගරු නාමයක් ලැබුනා. සිංහල සහෝදරවරුන්ට හොඳ ආදර්ශයක් මේක " පොඩ්ඩක් හෝව්! මේ ඔබ කියන මුස්ලිම් ජාතික ලක්ෂ ගණනකින් එක්කෙනෙක් පමණි. අපි මුස්ලිම් සහෝදරවරු ගැන නොදන්නවා නොවෙයි (නි)
සහෝදරයා, ඔබ ගැන ආඩම්බරයි! සුබ අනාගතයක් වේවා! (නි)
"කෝ අර ජාතිවාදී අදහස් දාන නඩේ, මේවට නැද්ද ප්‍රතිචාර ???,." මොකෝ නැත්තේ ප්‍රතිචාරය මම කලින් දීලා ඇති. (නි)
හිස නමා ආචාර කරනවා (නි)
මොහමඩ් ෆාරුක්, ඔබ නම් මහා ජාතිවාදි ලෙඩෙක්. (නි)
ලාංකිකයෙක් හැටියට ආඩම්බරයි. අර්ෂා ජාති භේදයෙන් අපේ මුස්ලිම් කියන්න එපා. ලාංකිකයෙක් හැටියට ආඩම්බර වෙන්න, ඔයා වගේ පොඩි පිරිසක් නිසා තමයි ජාති භේද ඇති වෙන්නේ. ආඩම්බරයි නිබ්රාස් (අ)
නිලූ විදානගේ අදහසට මමත් එකගයි. ඇයි තවම අපිට ලාංකිකයෙක් හැටියට හිතන්න පතන්න බැරි. හැමදේටම ජාතිවාදයක් පටලවගන්නවා. මෙවන් ඉතා විශිෂ්ට ක්‍රියාවකදී සුබපතන්න. ඔබට අල්ලාහ්ගේ පිහිටයි! (නි)
ලංකාවේ මුදලින් ලක්ෂ 33 . නමුත් රටක් වසයෙන්, රටට වෙන ලාභය මිලකරන්න බැහැ. (දී)
ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් ආඩම්බර විය හැකි දෙයක් කරලා තියෙන්නේ. අපි ඔබව අගයකරනවා. (නි)
ඔබගේ උතුම් ක්‍රියාව අගය කරන අතර ඔබට දෙවියන්ගේ ආශීර්වාදය ලැබිල අනාගතය සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා. අද දවස වෙන කොට කටාර් රියල් එකක් රු.36.55 ක් එකියන්නේ අහුලපු මුදලේ වටිනාකම (දී)
ඔබ ලාංකිකයකු වීම ගැන සතුටක්.අල්ලාහ් ඛරීම්නේ.ඔබට වරදින් නැ.අල්ලාහ් දෙවි පිහිටෙන් ඔබේ හැම පැතුමක්ම ඉෂ්ට වේවා.ඔබට සුබ අනාගතයක්. (ස)
අපිත් කටාර් ඉන්නේ. සිංහල මුස්ලිම් කියල දෙයක් නැහැ. ලංකාවේ කියල කිව්වා නම් අපිට ගොඩක් සතුටුයි. මගේ යාලුවෝ 75% ක් ඉන්නේ සිංහල. අපි එකම සහෝදරයෝ වගේ. මොහොමඩ් ෆාරුක්,වගේ එක් කෙනෙක් දෙන්නෙක් නිසා තමයි මේවා. (නි)
අපේ සමහර මුස්ලිම් සහෝදරයන්ට අදහස් දකවන්නත් තේරුමක් නැහේ වගේ මට නම් දෙනෙන්නේ. නිකම් මෝඩ අදහස් පල කරන්න එපා ආගම ජාතිය ගාවගෙන. අපි ශ්‍රීලාංකික දරුවන් බහුතර සිංහල ජනතාව ඔයාල වගේ අදහස් දන්නේ නැහේ. මෙම සහෝදරයාගේ ක්‍රියාවෙන් ආඩම්බර වෙන්න ඕනේ සියලුදෙනාම ශ්‍රීලාංකිකයන් හැටියට මිසක් ජාති ආගම් හරහා නොව කියන එක කව්රුත් මත තිය ගත්තොත් හොඳය. (අ)
හැම දේකටම ජාතිවාදය පටලවා ගන්න එපා.සිංහල ,මුස්ලිම්,දෙමළ, අපි හැමෝම අන්තිමට ලාංකිකයෝ නේද.හොඳ දෙයක් අවංක හදින් දකින්න බැරිකම ඇත්තෙම්ම රෝගයක්. (ස)
මල්ලි, ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ. (නි)
ඔබට අපි ගරු කරනවා (දී)
අපේ සමහර අය අදහසක්වත් මේ වගේ උතුම් ක්‍රියාවක් වෙනුවෙන් ලියන්න දන්නේ නැහේ. සිංහල සහෝදරයන් කොතරම් ආඩම්බරයෙන්ද ඔවුන්ගේ අදහස් පල කරන්නේ. යමක් තේරෙන්නේ නැත්නම් අනුගෙන් වත් දෙනගෙන අදහස් පල කරපල්ලා නිකම් මෝඩයෝ වෙන්නේ නැතුව. (අ)
කුමරී හාමී ,රාජිත, රානා, බන්දුල, ඔයගොල්ලන්ගේ අදහස් ටිකක් මේකටත් දාන්නකෝ. අපි බලාගෙන ඉන්නවා. (අ)
ඔබගේ උතුම් ක්‍රියාව මම අගය කරනවා ඔබට දෙවියන්ගේ ආශීර්වාදය ලැබිල අනාගතය සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා. අද දවසේ කටාර් රියල් එකක වටිනකම රු.36.55 එකියන්නේ සම්පුර්ණ මුදලේ වටිනාකම රු.36,18450 මෙගාන හොඳටම ඇති ලංකාවේ සකසුරුවම් කමින් ව්‍යාපාරයක් කරගෙන ජීවත් වෙන්න නමුත් ඔබ මුදලට වඩා මනුස්සකම අගයකරමින් කරන ලද එඋතුම් ක්‍රියාව නිසා ලංකාවට අත්කරදුන් කිර්තිය ජාතිබේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන් විසින් අගය කලයුතුයි. (දී)
රටක් වටින කොල්ලෙක්. ඔබට කවදාවත් වරදින්නේ නැහැ (නි)
ශ්‍රි ලාංකික සොහොයුරාණෙනි,අපට අඩම්බරයක් ඔබතුමාගේ ක්‍රියාව.ජයවේවා!! (අ)
නුඹ අපේ රටට ලබාදුන් ගෞරවය බොහොම ඉහළයි මල්ලියේ (නි)
මෙතනට එයා මොන ජාතියේද කියන එක වැඩක් නැහැ. කොහොමහරි ලංකාවේ මනුස්සයෙක්. ගොඩක් ආඩම්බරයි ඒ වගේ මිනිස්සු ගැන (නි)
මට නම් ආරංචියක් ආවා. මේ රටේම කෙනෙක් කිව්වේ, මෙයාට කටාර් ආණ්ඩුවෙන් රස්සාවක් දෙන්න සුදානම් කරලා දෙන්න හිතාගෙන ඉන්නේ කියලා. මනුස්සකම සල්ලි වලට ගන්න බැහැ. අපිට මහත් ආඩම්බරයක් ලාංකිකයෙක් හැටියට. (නි)
ඔයා හරි මෝඩයි. අතට ආපු වාසනාවට පයින් ගැහුවා (නි)
අර්ෂා වැරදි දෙයක් කියලා නැහැනේ.සිංහලයෝ ජාතිවාදී වුනා නම් වෙළදාමට ආපු ඔයාලට මෙහෙ නවතින්න ඉඩ දෙයිද? මෙහි අදහස් දාන අයට උඩ බලාගෙන කෙල ගහන්න එපා කියලා ඉල්ලනවා. (නි)
ඔබට අපගේ ගෞරවය! දෙවියන්ගේ උදවු ඔබට ලැබේවා! (නි)
ඇත්තම කියනවා නම් මුස්ලිම් නිසා මුදල් නැවත ලැබුනා. ඕක තමයි මුස්ලිම් සහ අපි අතර තියන වෙනස.. නමුත් මෙතන ඉන්න අය මුස්ලිම්වරුන්ගේ වැරදි හොයනවා. ඇයි හොඳ දෙයකට තමුන්ට බැරි හොද ප්‍රතිචාර දාන්න (නි)
එදිරිසිංහ - මුලින්ම ආඩම්බර වෙන්න මේ සිදුවීම මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ටම ආඩම්බරයක්. මම කටාර්වල් දැන් අවුරුදු 12 කටත් ආසනන්නය් කිසිම සාප්පු සංකිර්ණයක රථගාලක ආරක්ෂක කැමරා මම නම් දැකල නැහැ. අහුලාගත් මුදල අය්තිකාරයට ලැබෙන්න ඒ අය්තිකාරය පින් කරලා තිබෙන්න ඔනෙය් මේ නිහතමානි ලාංකිකයෙක් මේක අහුලා ගැනීමට. මේ වගේ මුදල් අපිට ලැබුන කියල කවදාවත් සිතට එකගව නිදහසේ මේ මුදල් වලින් ජීවත් වෙන්න ලැබෙන්න නැහැ. වැරදි කරපු සිත ගොඩක් අපිට වද දෙය්, ආත්ම විශ්වාසය අවංකභාවය අනුව ජීවත් වන්නන්ට කිසිදිනක් වරදින්නේ නැහැ. "ධර්මය අනුව ජීවත් වන්න ධර්මය විසින් රැකෙය්" බුදු දහම. (සංජීව මහත්මය) - දෙවියන් වහන්සේ මෙයාගේ අවංකභාවය පරීක්ෂා කලා. මොහු විභාගය සමත්වුණා ලගදීම ප්‍රතිපල නිකුත් වෙනවා. (අ)
දයාබර සොහොයුර, යුක්තියට වඩා යුක්තිය රජයන යුගයක ඔබගේ ක්‍රියාව ඉතාමත් ප්‍රශංශනීයයි.ඔබ ගෙන ආවේ රටට ජාතියට අභිමානයකි.ජාතිවාදීන්ගේ පුහු කතාවලට නොරැවටෙන්න.ඔබ ලක් මාතාවගේ වීර පුත්‍රයෙකි.ලෝ වැසියන්ගෙන් ඔබට හිමිවන ආශිර්වාදයට මගේ ප්‍රණාමයද එක් කරමි.. ඔබට ජයෙන් ජයම වේවා!!! (නි)
අර මොහමඩ් ෆාරුක්ට කනේ පාරක් ගහන්න පුළුවන් නම් ගොඩක් පින් ... නිබ්‍රාස් මල්ලිට ජයෙන් ජයම වේවා ..(අ)
නඩරාජා මහතාණනි, මමත් හොඳ අවංක මුස්ලිම් කොල්ලෙක්. මමත් කසාද බැදීමට හොඳ ගැහැනු ළමයෙක් සොයමින් ඉන්නේ. ඔබට ගණදෙවි කාලි අම්මා, ශිව දෙයියන්ගේ පිහිටයි. ඉක්මනින් පිළිතුරක් දෙන්න (නි)
විශිෂ්ටයි! මල්ලියේ නුඹට බුදු සරණයි. (නි)
ජලීල්, ඔයා වගේ කෙනෙක් නෙමෙයි එයා. හොඳ මනුස්සයෙක් (නි)
මෙයා මුස්ලිම් වුනාට සිංහල වෙලා ඉපදෙන්න හිටපු කොල්ලෙක් (නි)
හොද කාර්යයක් (නි)
ඔබ කළ දේ ඉතාමත් අනර්ඝයි. අල්ලාහ් කෙරෙහි ඔබගේ විශ්වාසය තව තවත් දියුනු වේවා! (නි)
තමාගේ අවංකකම පෙන්වීම ලංකාවට කළ ගෞරවයක්. ඔබට සුබ අනාගතයක් (නි)
මැද පෙරදිග ඉන්න අය කරන්නෙම නරක වැඩමයි. මේ වගේ දෙයක් අහන්න ලැබිමත් අපට ඉමහත් සතුටක්. අපට ආඩම්බරයි ඔබ ගැන (නි)
මුළු රටටම ගෞරවයක්. දෙවි පිහිටයි ඔබට! (නි)
කෝ අද අර රනා? (නි)
ඔබ හැදු වැඩු දෙමව්පියන්ට මොන තරම් සතුටක් ඇද්ද ? ඔබට ජය ! (නි)
මේ ජලීල් හැර තවත් ජලීල්ලා සිටිනවාද? (නි)
රාජිත, රානා, බන්දුල, ඔයගොල්ලන්ගේ අදහස් ටිකක් මේකටත් දාන්නකෝ. අපි බලාගෙන ඉන්නවා. (නි)
නියමයි (නි)
පින් ඇති පුතෙක් . ඉසුරු හොයා ගියත් නියම විදිහට ලැබෙන මුදල රටක් වටිනවා. (ස)
ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ආඩම්බරයි. මොන ජාතියේ ආගමේ වුනත්. (ස)
ඔබගේ අවංකකම ගැනත්!අපේ රට ගැනත් හරිම ආඩම්බරයි! මල්ලියේ නුඹට කවදාවත් වරදින්නේ නෑ! ඔය මුදලට වඩා අනාගතයේදී ලැබේවි! මල්ලිගේ සියලුම යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට වේවා! එසේම ඔබ ඉතාලිය වගේ රටවල පිස්සු නටන, මරාගන්න, පොලිසියට බැන වදිමින් අපේ රටේ නම කැත කරන සමහර මිනිසුන්ට හොඳ ආදර්ශයක්! (ස)
මා දන්නා විදියට යුරෝපා රටවල නම් ඔය පසුම්ම්බියෙන් එම තරුණයාට කිසියම් ප්‍රතිශතයක් හිමි වෙනවා.ඒත් ඉතින් ඔය රටවල් ගැනනම් මම දන්නෙ නැහැ (නි)
ඔබ නියම මිනිසෙක්. ඔබට දීප්තිමත් අනාගතයක් (නි)
නැති බැරිකම නිසා රට ගිය මොහුට නිවසක් හදාගන්න කළගුණ සැලකීමක් වශයෙන් යම්කිසි පරිත්‍යාගයක් ලැබුණනම් තමා වටින්නෙ. (ස)
ඔබ විශිෂ්ටයි සර්. (ස)
ඔබට ජය වේවා ! සහෝදරයා.(නදී)
මෙවන් පුත්තු ශ්‍රී ලංකා මවට ආඩම්බරයක්... (ස)
ලංකාවේ ලේ වලින් හැදුනු මිනිස්සු කවදාවත් වරදක් කරන්නේ නැහැ (දී)
ශ්‍රී ලාංකිකයකු වසයෙන් ඔබ කළ කාර්යය අගය කරමි. (නි)
වීරයෙක්.ආදර්ශමත් මුස්ලිම් සහෝදරයෙක් (නි)
ජනාධිපති අරමුදලින් මිලියන 10 ක් දෙන්න වටිනවා. (නි)
මොහමඩ් ෆාරුක්, ඔබ හිතන විදිය වැරදියි. මෙතන සිංහල, මුස්ලිම් කියලා වෙනසක් නෙමෙයි තියෙන්නේ. පුද්ගලයෙකු සතු ගුණ යහපත්කම... අපි හැමෝම මෙවැනි ක්‍රියා අගය කරන්න ඕනෑ (නි)
මම හිතනවා කටාර් රාජ්‍යයෙන් මොහුට යම් කිසි හොද ක්‍රියාවක් හෝ ස්ථිර රැකියාවක්වත් ලබා දෙයි කියලා (නි)
ජාති ආගමි බේද පසෙකලා ඔබගේ අවංක සේවය අපි අගයන්නෙමු (නි)
අල්ලාහ්, කරීම් පුතා හරිම සන්තොසයි (අ)
නියම සිරි ලාංකිකයෙක්. ඔබට ජය! (නි)
අපේ එක්කෙනා අත් දෙකෙන්ම ගනිද්දී, අරයා දෙන්නේ තනි අතින්. ලොකු ගෞරවයකුත් පේන්නේ නැහැ. (ස)
ඔබ වැනි සහෝදරයන් අපේ රටට ආදර්ශයක් (නි)
මම ඔබව අගය කරනවා මගේ මව්බිමට දීපු ගෞරවයට. (ස)
මේ සිද්දිය කටාර් පත්තරවල මුල් පිටු වල ලොකුවට ලියලා තිබුනා. ඉන්දියන් යාලුවෙක් උදේම ගෙනත් පෙන්නුවා. වෙනත් රටවල්වලින් ඇවිත් ඉන්න හැමෝම හදුන්වන්නේ රටේ නමින්. ජාතිය කාටවත් වැඩක් නෑ. සවුදි වලදී හැරුනම. කරන හොඳ නරක යන්නේ රටේ නමින්. ශ්‍රී ලාංකිකයෝ විදියට පිටරට වලදී ජීවත් වන විදියට ලංකාවේ හැමෝමත් ඉන්නවනම් කොච්චර හොඳද? හැම විදියකම මිනිස්සු හැම ආගමකම ඉන්නවා. තමන්ගේ ආගම විතරක් හරි කියල හිතන අය ලෝකේ අනෙක් 75% වැරදි කියල මුලාවක ඉන්නේ. ලංකික හැමෝම මේ මල්ලිගේ හොඳ ක්‍රියාවෙන් සතුටු වෙලා ජීවිතයට ආදර්ශයක් ගනිමු!(නදී)
කටාර් වල ඉන්න අපිටත් ආඩම්බර හිතෙනවා ...(ස)
ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ආඩම්බරයි. මෙවන් පුත්තු ශ්‍රී ලංකා මවට ආඩම්බරයක්.රට ගිහින් තුට්ටු දෙකේ වැඩ කරලා අපේ රටේ නම කැත කරන සමහර මිනිසුන්ට හොඳම ආදර්ශයක්. ඔබට ජය වේවා! සියලු ප්‍රර්ථනා ඉටු වේවා! කියලා අපිත් ඔබ වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. (නි)
අහුලා ගත්තේ මම නම් පොලිසියට බාර දෙන එක සැක සහිතයි. ඔයා බොහොම හොද කෙනෙක් නිසා වරදින්නේ නැහැ.එහෙත් මට ලැබුනා නම් කියලා හිතෙනවා. (නි)
දැක්ක නේ ලංකාවේ අපේ මුස්ලිම් කොල්ල ලංකාවේ නම තිබ්බ හැටි. ඔබ අපට ආඩම්භරයකි සහෝදරයා... (ස)
මේක සිංහල කෙනෙක් ගත්තනම් මෙහෙම දෙනවද ? මුස්ලිම් ජාතියේ අවංක කම නිසා ශ්‍රී ලංකාවටම ගරු නාමයක් ලේබුනා. සිංහල සහෝදරවරුන්ට හොඳ ආදර්ශයක් මේක . (අ)
කෝ අර ජාතිවාදී අදහස් දාන නඩේ, මේවට නැද්ද ප්‍රතිචාර ???, ඔබට ජය සහෝදරයා.... (ස)
"ග්‍රීසියේ පඞිවරයෙක් ....දවල් අරන් ලාම්පුවක් ....සොයා ගියේ අවංකයෙක් .....දුලබ බැවින් එවැනි කෙනෙක් "....මෙය මා කුඩා කාලයේ කියවන ලද පොතක තිබු කවියකි. අද ලොව සීග්‍ර ලෙස පිරිහී ඇති මානව ගුණය නම් මිනිසුන්ගේ අවංක බවයි. මෙයට තරා තිරමක් නැත. යන්තම් තේරෙන අවධියේ සිට , රට , ලෝකය පාලනය කරන පුද්ගලයා දක්වා වංක බව විහිද ඇත. යම් ලෙසකින් වංක බව තරමක් හෝ තුරන් උවහොත් , මෙම ලෝකය මිට වඩා දහස් ගුණයක් සුන්දර වනු ඇත. කෙනකුගේ අවංක භාවය වැඩි දියණු වීමට ආගම පිටු බලයක් නොවන බව පැහැදිලි වන අතර සිදුවිය හැක්කේ තමා විසින් තමා ගැන ස්වයං විවරණයක් කර ගැනීමෙන් පමණි. මේ එවැනි පුද්ගලයන්ය......මෙවන් පුද්ගලයන් සුලුතරයකින් වුවද සමාජයට සිදුවන සෙත අතිමහත්ය. (ස)
ආදම්බරයි, ජාතික වීරයෙක් , කාලගුණ සැලකීම දෝහා රටේ වගකීම ,(අ)
ජාති ආගම් භේද ඕනේ නැහැ. ලංකාව කියන නම අහපු ගමන් අපේ ඇස් වලටත් කඳුළු උනනවා. ඒ දේශ භක්තිය හින්දා. ලංකාවේ තව තවත් මෙවන් පුතුන් බිහි වේවා. (ස)
නියම කොල්ලෙක් නේ.......(දී)
මල්ලි ඔබට ජය නියතයි. (ස)
සැබවින්ම ඔබ මුළු රටටම ආඩම්බරයක්. ඔබට වගේම ඔබ හැදු වැදු දෙමාපියන්ටත් ගෞරවය හිමි විය යුතුයි.ඔබ ගැන ලියන්න වදන් නැහැ (නි)
මෙහෙම අය අද ගොඩක් හොයන්න අමාරුයි. අපට රටට ඔබට ලොකු ආඩම්බරයක්. අපේ රටේ මේ අය අගයන්න ඕනෑ. (නි)
ගුණගරුක අවංක පුතෙක්. ඔබට ජය!
ජාතිවාදී අදහස් වලට නැවත ප්‍රතිචාර කරන්න යන්න එපා (නි)
නියමයි මල්ලි (නි)
ජලීල්, පේනවා නේද සිංහල මිනිස්සු හොද දෙය අගය කරන හැටි? නිකම් කට තිබුන පලියට කතා කරන්න එපා. (නි)
මෝහමඩ් ශාරුක්, අන්න වරද්දා ගන්නවා. ඔයාල තමා රට කොටවන්නේ. මෙතන මුස්ලිම් සිංහල බේදයක් නැහැ. අවංකකම විතරයි තියෙන්නේ (නි)
මොහොමඩ් නගුට පාගාගෙන. සාප්පු සංකීර්ණවල ආරක්ෂිත කැමරා තිබෙන නිසා මේ මුදල ගත්තත් නොගත්තත් එය අයිති කෙනාට හිමිවීමේ ඉඩකඩ වැඩිය (නි)
අල්ලා කරීම් මල්ලි ,සල්ලි ආණ්ඩුව ඔයාට සැලකුවා ,නමුත් සල්ලි අයිති කාරය ඔයාට අඩුම ගනනේ තැන්ක්ස් කරාද ,කලානම් තමා පුදුමේ ,මමත් ඔහේ හිටියනේ .(දී)
ඔබට සදා ජය.තෙරුවන් සරනයි (නි)
සරත් ,මොහොමඩ් නිබ්‍රාස් නැමති මෙම ශ්‍රී ලාංකිකයා ගැන ඔබ ආදර්ශමත් වන්න. ඔබ දන්නවද ඉතාලි වගේ රටක ඔය දෙය කළා නම්,අනිවාර්යෙන්ම ඔහුට එම මුදලින් 100% හිමිවනවා (නි)
අවංක කෙනා මොන ජාතියේ, ආගමේ ඉපදුනත් වෙනසක් නෑ, බොරුවට කෑගහන්නේ ජාතිවාදියෝ (දී)
ජලීල්, මෙතනටත් ජාති ආගම් භේදයක් ගෙනෙන්න එපා. ඔබේ අදහස ලියන්න. ජාතිවාදී අදහස් දාන නඩේ ගැන ලියා ඉල්ලන් කන්නේ නැතුව ඉන්න. (නි)
බලන්න. අර පොලිසියේ එක්කෙනා තනි අතින් කොලේ දෙන හැටි විතරක් (නි)
අපේ රටටත් නම්බුවක් මවැනි වැඩ කරන ඔයාලව පිලිගන්න ඕනේ ලංකාවට එනකොට මල් මාලා දාල (දී)
මොනවා වුනත් ආඩම්බරයි ලංකාවට. ජාතිවාදය හොද නැහැ මේ වගේ අවංක දේවල් වලට. මොන ජාතියේ වුනත් අවංකකමට සළකන්න ඕනෑ. (නි)
රටේ නම ඉදිරියට ගන්න වැඩකරපු එක ගැන සන්තෝෂයි. අපගේ ස්තුතිය. (නි)
හරාම් හලාල් ගැන හරි අවබෝධයක් තිබෙන හොඳ කොල්ලෙක්. ඔබ එලොව/මෙලොව දෙකේම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරමි (නි)
ඔබගේ ක්‍රියාව මව්බිමට ආඩම්බරයක් වගේම ඔබ මෙලොවට බිහිකළ මාපිය දෙදෙනාටත් කොතරම් ආඩම්බරයක්ද.ඔබේ පැතුම් ඉටු වී ඉක්මනින් ලංකාවට එන්ට ලැබේව! (අ)
කොහොමද ලංකාවේ කොල්ලන්ගේ වැඩ (දී)
සල්මන් හරි. කටාර් වල ඉන්න මල්ලිටත් අවනම්බුවක්. ඔබට ජය! (නි)
ඔන්න ශ්‍රීලංකා වේ නම රකින නියම මල්ලිකෙනක්....... ඔබට ජය නියතය..(අ)
ශ්‍රී ලාංකිකයෙක් හැටියට ඔයා ගැන මා සතුටු වෙනවා.ඉස්ලාම් ධර්මයට අනුව ජීවත් වෙන කෙනෙක් කියා ලෝකයට කියා දුන්නා.දුදනන්ගේ කලු පෑල්ලම් මෙවන් ක්‍රීයා තුලින්වත් මෑකී යත්වා!!! (නි)
මොන ජාතිකයෙක්ද කියන එක නොවෙයි වැදගත් ඔහුගේ ක්‍රියාවයි. (නි)
අති විශිෂ්ටයි. (ස)
අර්ශ, ජල්ලි, හොද දේවල් හොද විදිහට දකින්න ජාති ආගම් ප්‍රශ්නයක් නැහැ. බලන්න මෙතන වැඩිපුරම සුබ පතලා තියෙන්නේ සිංහල අය. (නි)
මොහොමඩ් මල්ලි ඔබ වැනි ශ්‍රිලන්කිකයින් ,අපේ රටට ලොකු ආඩම්බරයක්,ඔබට සුබ අනාගතයක්,ජයවේව. (දී)
ඔබත් ඔබ හැදු වැඩු දෙමුපියන්ටත් බුදු සරණයි! අවංකකම තමයි මුලිකම දේ. ඉදිරියේදී ඔබට වැඩි වැඩියෙන් ලැබෙනවා (නි)
මොහමඩ් නිබ්රාස් මහත්මයාණෙනි, ශ්‍රී ලංකාවේ නමට ගෙන දුන් ගෞරවයට අපි ඔබට ප්‍රසංශා කරමු. ඔබට දීප්තිමත් අනාගතයක් ඇත. (නි)
ඔබ ලංකාවේ දේශපාලනයට සම්බන්ධ කෙනෙක් නම් වෙන්න බැහැ.මොකද එයාලා ඔයා වගේ අවංක නැහැ.ආඩම්බරයි මල්ලි ඔයා ගැන.සුභ අනාගතයක් එක හිතින් පතනවා (නි)
අවංක ශ්‍රී ලාංකික කොල්ලෙක්. අපට ආඩම්බරයි ඔබ ගැන. (නි)
මල්ලි උඹ රත්තරන් කොල්ලෙක්.. මාත් මේ වගේ අවංක කොල්ලෙක් හොයා හොයා හිටියේ මගේ දුව දෙන්න.. ආගම් භේදයක් නෑ මේ අවංක කමට. උඹට ජේසු පිහිටයි ! ගණ දෙවියන්ගේ පිහිටයි ! කතරගම දෙවියන්ගේ පිහිටයි ! අල්ලාහ් පිහිටයි ! බුදු සරණයි ! (ස)
ෆාරුක්, නිකන් මෝඩ කතා කියන්නේ නැතුව ඉන්න (නි)
නියම ලක් පුතෙක්. (ස)
මොහොමඩ් ෆාරුක් ජාතිවාදය අවුස්සන්නද හදන්නේ? (නි)
ගොඩක් හොද වැඩක්. ඔබට ජය (නි)
අර්ශලා විදියට කතා කරන අය මට ඕනෑතරම් ඩුබායි වලදී හමුවෙලා තියෙනවා. (නි)
ඔබ ආදර්ශමත් සහෝදරයෙක්.ඔබට ජය වේවා. (නි)
මොහොමඩ් ෆාරුක්, අපේ රටේ ඉන්න පාරම්පරික මුස්ලිම් උදවිය කිසිම ජාතිවාදයක් නැති හොද හිත ඇති පිරිසක්. ඒ අතර ඔබ වැනි 'කට හැකරයන්' පිරිසකුත් ඉන්නවා (නි)
ඔබට රටේ උත්තමාචාරය (දී)
මම දන්නවා නම් මෙයාව මම උස්සගෙන ගිහිල්ලා සල්ලි ටික ගන්නවා (නි)
හොඳ වැඩ කරන්න ආගම් බේදයක් නැත.ලංකාවේ කොල්ලෙක්. සුභ පතමි. (නි)
ඔබට ජය !!! (නි)
ඔබගේ මේ ක්‍රියාව දෝහා ඉන්න ශ්‍රී ලාංකිකයෝ හැටියට අපගේ ස්තුතිය ඔබගේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා.(නදී)
හරිම ආඩම්බරයි! ඔයාට සුබ අනාගතයක්! හරියට යුතුකම් ඉෂ්ට කරනවා නම් ඔයාට ලොකු මුදලක් එනවා (කොමිස් එකක් )මමත් මේ රටේදී දැනට වසරකට පෙර ඇමරිකන් ඩොලර් 70,000ක චෙක් එකක් සමග ක්‍රෙඩිට් කාඩ් සහ තව ලියකියවිලි සමග පර්ස් එකක් ඇහිදලා මගේ මැඩම් මාර්ගයෙන් බාර දුන්නා. මට ගොඩක් ස්තුති කළා ලංකාවේ අයගේ අවංකකමට. ආයෙම දවසක් කාඩ් ගොඩක් ඇහින්දා ඩුබායි වල, විසා කාඩ් එකකුයි බැංකු කාඩ් වගයකුයි, මෙහෙ හැදුනුම්පතයි.මං යහළුවෙක් එක්ක කඩවල් වලින් අහලා අයිති කෙනාගේ අයියට බාර දුන්නා. ඊට පහුවදා එයාගේ වෙඩින් එකලු. හැදුනුම්පත නැති වුනා නම් ඒකත් කැන්සල් වෙනවලු. හැබැයි ඒ මනුස්සයා නම් මට ලංකා රුපියල් වලින් 4500ක් විතර දුන්නා (අපේ රටේ වගේම හොද අයත් ඉන්නවා ,නරක අයත් ඉන්නවා) (නි)
මොහොමඩ් ෆාරුක්, නුඹ ලංකාවේම ඉදගෙන සිංහලයන්ටම ගරහනවද? (නි)
මොහොම්මඩ් නිබ්‍රස්, ඉතාමත් සතුටු වෙනවා ඔබ වගේ ලාංකිකයන් ගැන. අපේ රටට කීර්ති නාමයක් ලැබුනා. ලාංකිකයන් ගැන විශ්වාසයක් ඇතිවුනා. අපිට හරිම ආඩම්බරයි. කටාර්හි වෙසෙන සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මගේ ගෞරවනීය ස්තුතිය පුද කරමි. (නි)
නිමල්ටත් පැත්ත මාරු වෙලා වගේ.හරියට ඇත්ත යථාර්තය දැනගෙන කතා කළොත් හොඳයි කියලා මට නම් හිතෙනවා.ඇයි අපි අතරේ අවංක අය නැද්ද ? (නි)
අපි අවංකව වැඩ කරන විට අපිට කවදාවත් වරදින්නේ නැහැ. ඔබගේ ජීවිත ගමනේ සියලු යස ඉසුරු ඔබට දෙවියන් තිළින කරනවා අනිවාර්යයි. (නි)
ඔහු සබැ ශ්‍රී ලංකිකයෙක්.(අ)
ඔබ කර ඇත්තේ ඇත්තටම අගය කළ යුතු දෙයක්. ශ්‍රී ලංකාවේ නම ආරක්ෂා කළ නියම ශ්‍රි ලාංකිකයෙක් ඔබ මොහොමඩ් නිබ්‍රස්, ඔබේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!! (නි)