ඉතාලියේ මෙසීනා නගරයේ විල්ලෆ්‍රාන්කා තෙර්රේනා ප්‍රදේශයේ යතුරුපැදියක් පදවාගෙන ශ්‍රීලාංකිකයකු (26) ඉතාලිජාතික කාන්තාවක් පදවාගෙන ආ මෝටර් රියක ගැටීමෙන් මිය ගියේය.හිස් ආවරණයක් පැළද සිටියත් හිස වේගයෙන් බිම වැදීම නිසා ඔහු මියගොස් ඇතැයි පවසයි. ඔහු අවන්හලක භෝජනාගාර සේවකයෙකු ලෙස සේවය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ථවත් මෛත්‍රීසහගත වදන් ලියා ඇති පිටිගල මහතාණෙනි, ඔබද නිදුක් නීරෝගී වේවා! (නි)
හැමදේටම වැඩිය පරිස්සම වැදගත් කියන්නේ ඒකයි.ඔයාට නිවන් සුව ලැබේවා සොයුර! (නි)
මෙයාගේ විස්තර ටිකක් දෙන්න පුලුවන්ද? ලංකාවේ කොහෙද? (නි)
නිවන් සැප ලැබේවා! (නි)
නදීර ධනුෂ්ක අතුකෝරළ 92/C යක්කල පාර රදාවාන නදීර අතුකෝරළ කියල ෆේස්බුක් එකේ ඉන්නෙ මේ මල්ලි අම්මාට බෙහෙත් ගන්න සල්ලි දාලා එද්දි තමයි මේ දේ වෙලා තියෙන්නෙ. හරිම පවු...(අ)
නිවන් සුව සොයුර ඔබට (දිල්)
පිටිගල මිලානෝ කියන්නේ හොඳ සංවේදී හදවතක් ඇති පුද්ගලයෙක්. මේ ඛේදවාචකය පිළිබඳ හොඳම අදහස ලියා ඇත්තේ ඔහුයි. නමුත් හිත් පිත් නැති සමහරු පිටිගල මිලානෝට පහර ගසන හැටි දකිනවිට මට ඇතිවන්නේ කළකිරීමක්. මියගිය අයගේ පවුලේ සැම වෙත අපගේ බලවත් කණගාටුව. (නි)
යතුරු පැදි වලින් සේවයට යන විශාල පිරිසක් සිටිනවා.ඉතාම ප්‍රවේශමෙන් ගමන් කරන්න.මාර්ග නීති හරියාකාරව අනුගමනය කරන්න.ජීවිතයක වටිනාකම මිල කළ නොහැකියි (නි)
වන්දියක් ලැබුනොත් තාත්ත ගනීවි,(දිල්)
නිවන් සැප ලැබේවා! දෙව් මව් තුරුලේ සැතපේවා! (නි)
නිවන් සැප ලැබේවා! අනේ පව් හරිම දුකයි.(නදී)
ඔහුට නිවන් සුව පතමු. ඔය මිලානෝ වාසි පිටිගල හිමි බණකුත් කියල තියෙන්නේ. (අ)
මේ මගේ මල්ලි දෙවියනේ. මල්ලි නැවත අපි අතරම ඉපදේවා...! ඒ දුක කියාගන්න බැහැ. ඒ වගේ සහෝදරයො නැහැ මේ ලෝකෙ. (නි)
මොහුගේ නම සහ විස්තර දෙන්න,අපිට කළ හැකි උදව්වක් කරන්නට. නිවන් සැප ලැබේවා! (නි)
මෙම ප්‍රශ්නය යට ගහන්ඩ වගේ හදන්නේ. කරුණාකර ඉතාලිය තුල මේ සම්බන්ධව ක්‍රියා කල හැකි කුමන හෝ සංවිධානයක් තිබේනම් හෙකි ඉක්මනින් ඉදිරිපත් වෙන්න.පිංසිද්දවෙනවා(දිල්)
මේ මල්ලිගේ අවසන් කටයුතු ඉක්මනින් කර ගැනීමට ඉතාලියේ ඉන්න ශ්‍රී ලංකික අපේ කට්ටිය පොඩ්ඩක් හොයල බලන්න ලොකු උදුවක් වේවි .... මේ මල්ලිගේ මස්සිනා විතරයි ඉන්නේ ඒක නිසා හැකි උපරිමයෙන් උදව් කරන්න .....මල්ලියේ ඔයාට නිවන්සුව .......(නදී)
ඉතාලියේ පිටිගල හිමිගේ අදහස මමත් අනුමත කරමි (දිල්)
රැකියාවක් කර පවුලක් රැකගන්න උත්සාහ කළ තරුණයෙක් සුළු අතපසුවීමකින් අකාලයේ මරු තුරුලට ගොස් ඇත. ජීවිතයේ අනිත්‍ය ස්වභාවය, අවිනිශ්චිත ස්වභාවය මෙයින්ම වැටහේ. මෙවන් වූ අන්ත අසරණ බවෙන් අපට මිදිය හැක්කේ හැකි පමණ කුසල් සහ පින් රැස් කිරීමෙන්ම පමණි. මෙම තරුණයාට නිවන් සුව ලැබීමට යහපත් ස්ථානයක උප්පත්තිය ලැබේවා! (නි)
සොහොයුර, ඔබට අජරාමර නිවන් සුව අත්වේවා! මා චීනයේ සිට... (නි)
ඔබට නිවෙන් සුව පතන්නෙමේ (අ)
ඔබට නිවන් සුව සොයුර! (නි)
මෙම අභාවය පිළිබඳව මොන්සා ජනතාවගේ කණගාටුව මෙයින් ප්‍රකාශ කරමි. (නි)