තමන් වහා නිදහස් කරන්නැයි ඉල්ලා තමිල්නාඩුවේ තිරුචි හි විශේෂ කඳවුරක රැඳවුම් බාරයේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයකු උපවාසයක් ආරම්භ කර ඇතැයි චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
හසන් මොහොමඩ් (30) නමැති එම ලාංකික සරණාගතයා බ්‍රහස්පතින්දා (30) සිට මෙම උපවාස ක‍්‍රියාමාර්ගය ආරම්භ කළ බවත් මොහු ව්‍යාජ වීසා භාවිතා කොට ඉන්දියාවට පැමිණිමේ චෝදනා මත මීට තෙවසරකට පෙර අත්අඩංගුවට ගෙන ඇති බවත් තමිල්නාඩු ත‍්‍රස්ත විමර්ශන ඒකක රැඳවුම් බාරයේ රඳවා තැබීමට එරට ආගමන විගමන බලධාරීන් කටයුතු කර තිබිණි.
නමුත් උපවාසයේ නිරත ලාංකිකයා ප‍්‍රකාශ කර සිටින්නේ තමාගේ දඬුවම් කාලය අවසන් වී තිබෙන බවත්,එහෙත් බලධාරීන් තමාව නිදහස් කිරීමට කටයුතු නොකළ බවය.
තමන් නිදහස් කොට නැවත දිවයිනට යෑමට අවශ්‍ය නීතිමය රාමුව සකස් කර දෙන තුරු මෙම උපවාසය දියත් කරන බවද එම ලාංකිකයා පවසා ඇතැයි චෙන්නායි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
තිරුචි විශේෂ රැඳවුම් කඳවුරේ නිලධාරීන් විසින් අදාළ ලාංකිකයා ගේ මෙම උපවාස ක‍්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තමිල්නාඩු ප‍්‍රාන්ත රජයේ බලධාරීන් දැනුම්වත් කර ඇතැයිද වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
194
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලාංකික සරණාගතයා ඉන්දියාවේ උපවාසයක