ඕස්ට්‍රේලියාවට මුහුදු මගින් හොරෙන් මිනිසුන් යවන කණ්ඩායමේ නායකයකු බව කියන ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගත් බව ඉන්දුනීසියා පොලිසිය කියයි.
අක්‍රම් හෙවත් රොසෙන් යන නමින් හැදින්වෙන මොහු දකුණු ජාකර්තා නුවර බොගෝර් හිදී අත්අඩංගුවට ගත් බවත්, පසුගිය ජූලියේ ජාවා ඊසානදිග වෙරළේදී ගිලී ගිය බෝට්ටු ගමන සංවිධානය කරන්නට ඇත්තේ මොහු බවට පොලිසිය සැක කරයි.
එම බෝට්ටුවේ 210ක් සිටි අතර 189ක් දිවි බේරාගත්හ.
තවත් මිනිස් ජාවාරම්කරුවකු වන ජාවඩ් මහමුද් (දිලූ) සම්බන්ධ පරීක්ෂණ අවසන් කළ බවත්, ඔහු බෝට්ටු තුනකින් මිනිසුන් යවා ඇති බවත්, ඉන් එක් බෝට්ටුවක් පසුගිය ජූනියේදී පෙරැළී සිය දෙනකු පමණ මිය ගිය බවත් ඉන්දුනීසියා පොලිසිය කියයි.
මේ දෙදෙනාට එරෙහිව උසාවියේ නඩු පැවරීමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd