සෞදි අරාබියේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනකුට එරෙහිව ජෙඩා මහාධිකරණය මරණ දඬුවම තහවුරු කැර ඇතැයි විදේශ අමාත්‍යංශය පවසයි.
2007 වසරේදි ආයුධ සන්නද්ධව යේමන ජාතිකයකුට පහර දී මංකොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞදියේ ජෙඩා නුවර ප්‍රාථමික අධිකරණයෙන් 2008දී මරණ දඬුවම නියම වු මෙම ශ්‍රී ලාංකිකයින් තිදෙනා එම දඬුවම ලිහිල් කරන්නැයි ඉල්ලා ගොනු කළ අභියාචනය නිශ්ප්‍රභ කරමින් ජෙඩා මහාධිකරණය මෙම මරණ දඬුවම තහවුරු කැර තිබේ.
කුරුණෑගල මහව ඩබ්ලිව් එම් එන් බී තෙන්නකෝන් (33)දෙහිවල තුෂාර දිනේෂ් පෙරේරා(36) හා රාගම කේ ඒ පී ජී යු නානයක්කාර (34) එම තිදෙනාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙත් මේ දඬුවම ක්‍රියාත්මක කරනවා නම් අපටත් බයක් නැතුව ජීවත්වෙන්න පුළුවන්. (නි)
පවු කියලා හිතුනා මට (නි)
ලංකාවත් මේ වගේ නීති ගෙනෙන්න ඕනෑ. රටේ සල්ලි හොරකම් කළ අයට සහ මත්වර්ග ගෙන්නපු අයට. (නි)
වැරදි කර ඇත්නම් දඬුවම් විඳිය යුතුයි. අපේ ලංකාවේ ඔය වගේ දඬුවම් නැති නිසා තමයි ඔහොම වෙලා තියෙන්නේ (නි)
මොනවා වුණත් ලංකාවේ කෙනෙක් මෙහෙම මරනවා කිව්වහම අපිට නම් දුක හිතෙනවා ... (නි)
මරණීය දඩුවම ක්‍රියාත්මක කරන්න මෙහෙ තවමත් කල්මරනවා. (නි)
තවත් තරුණ සිංහලයෝ තුන්දෙනෙකුගේ අවසානය පෙනෙනවා (නි)
යුද සන්නද්ධව පහරදී මංකොල්ලකෑමේදී කෙනෙකු මියයාම මරණ දඬුවම දීමට තරම් වරදක්ද? සිරි ලංකාවේද සිදුවිය යුත්තේ යුද සන්නදව හොරකම් කිරීමේදී මරණයක් හෝ ආයුධ වලින් තුවාල සිදුවුයේ නම් මරණ දඬුවම දීමයි. (නි)
වැරැද්දක් කර නිසානේ ඔය දඩුවම ලැබෙන්න ඇත්තේ.ඔය වගේ අපේ රටෙත් දඩුවම් දිය යුතුයි.(හේ)
රටේ නීතිය දැන දැන මොකටද මේ වගේ දේවල් කළේ? අපරාදේ තරුණ ජීවිත තුනක්. (නි)
අපේ රටේ නම් මෙය ඉතාමත් සුළු සිද්ධියක්. බලන්න නීතියේ වෙනස (නදී)
ඒකතමයි දෙන්න ඕනෑ නියම දඬුවම (නි)
මෙන්න මේ වගේ නීති අපේ රටටත් ගේන්න ඕනේ එතකොට හරි අපරාද අඩුවෙයි (නදී)
ඉතාමත් මිලේජ්ජ තීන්දුවක්.! මොවුන් කරපු වැඩේ වැරදියි සහ නීතියෙන් දඩුවම් හිමි විය යුතුම වරදක් උනත් "මරණ දණ්ඩනය" වැනි තීන්දුවක් දෙන්න තරම් ලොකු වරදක්ද කියන එක නොසිතා ගත් මේ තීන්දුව සෞදියේ නූගත්කම පෙන්වන තවත් එක් සිදුවීමක් පමණයි. (නදී)
රටේ නිතිය දැනගෙන වැරදි කරන්න ගියොත් දඩුවම් ලැබෙනවා (නදී)
රජින්ද - එව බලව සෞදිය නූගත්ද ලංකාව නූගත්ද කියා (ස)
කෝ මේ රන්ජන්, රිසානාට විතරද කඩේ යන්නේ. සිංහල මිනිහට හැමදාම ඔය ටික තමයි. වැරදුනාම කව්රුත් නැහැ (නදී)
එක ජීවිතයක වටිනාකම තේරෙන්නේ මෙවැනි දඬුවම් නියම කරනකොට .(හේ)
රජින්ද ඔයා අදද මේ පුවත දන්නේ යේමන ජාතිකයා පහර දී මරලා මංකොල්ල කෑවේ. මංකොල්ලයක් පමනක් නම් අතක් කපනවා නැතිනම් හිර දඩුවම් දෙනවා එ්ක තමා ඇත්ත (නදී)
රජින්ද රජින්ද ඔයා අදද මේ පුවත දන්නේ යේමන ජාතිකයා පහර දී මරලයි මංකොල්ල කෑවේ මේකේ එය සදහන් වෙලා නැහැ මංකොල්ලයක් පමනක් නම් අතක් කපනවා නැතිනම් හිර දඩුවම් දෙනවා එක තමා ඇත්ත (ස)
ලංකාවේ ඉන්නේ උගත් අය නිසාද මිනි මරන්නේ තවත් කෙනෙක් මරා දැමීම ලොකු වරදක් නොවන බව බුදු දහමේ කියා නැත කාරණය කුමක් උනත් මේ තුන්දෙනා අාගම ඇදහුවේ නම් රට පුරා බහුලව දේශපාලුවන් විසින් ගෙන්වා විකුණන මත්පැන් වලින් දුරස් උනේ නම් මෙම අපරදයේ නොයෙදී ගැල වෙන්න තිබුන මෙහි සිටින සිංහලයන්ට බෝතලය අවශ්‍යම වෙනවා ආතතිය අඩු කර ගන්න. කාමර වලට කොටු වෙලා මුළු මුදලම ඉතුරු කරන්න බලනවා එකිනෙක අතරත් වාද විවාද දේසපාලනය අඩුවක් නැහැ මේ ගැන කනගාටුවෙනවා (ස)
ගුටිකෙපු කෙනා මොනතරම් බයෙන්,වේදනාවෙන් ඉන්න ඇතිද. අපරාධ කරුවන්ට අනුකම්පා කරන්න එපා. (නදී)
මේ රට වගේ මස්කඩ වල වැඩ කරන්න යන්න එපා (නදී)
අපි බලමු අර සවුදි කොල්ලට දෙන දඩුවම් මොකක්ද කියල. අපේ කොල්ලෙක් යටකරල මැරුවාට. (ස)
රජින්ද උබට පිසුද. මෙය තමි නියම තීන්දුව. (ස)
අනුරාධ මරණ දඩුවම දුන්න කියල ලෝකේ අපරාද අඩු වෙන්නෑ හොද හික්මීමක් ශික්ෂණයක් අධ්‍යාපනයක් තියෙන්න ඕනේ. එතකොට තරමක් අඩුවේවි. (ස)
දඩුවම වරදට සමානුපාතික විය යුතුයි (නදී)
මෙවන් වරදකට මරණිය දණ්ඩනය දිමත් ලොකු වරදකි. අපි රටක් ලෙස / සිංහලයින් ලෙස කලහැකි දේ කඩිනමින් ඉටුකල යුතුයි. ප්‍රමාද උනොත් රිසානාට උන දෙයම වෙයි. (නදී)
රජින්ද හරියට හරි. ලංකාව වගේ බුද්දිමතුන් ඉන්න රටකන් ඔයවගේ දඩුවම් දෙන්නේ නැහැ. ඔවුන් තුන්දෙනාව කොහොම හරි පාර්ලිමේන්තුවට යවනවා.(නදී)
රජින්ද, මෙම මංකොල්ල කෑම කරලා තියෙන්නේ යේමන් ජාතිකයා මරල දාලා. (නදී)
හැමදේටම කෑ ගහන උදවිය දැන්කෝ (දිල්)
රජින්ද ගේ කොමෙන්ටුවෙන් පේන්නේ ඔහුගේ නුගත්කම. මේක මිනී මැරුමක්. වැරදි කාරයින්ට නිසි දඬුවම් ලැබිය යුතුයි (නදී)
තිස් හැවිරිදි වියේ පසුවන මෙම තරුණයන්ට සිදු වූ ඉරණම ගැන හරි හැටි කරුණු නොදැනගෙන හුරේ දාන අපේම අය ගැන අපි ලැජ්ජා වියයුතුය. මම සිංහල වුවත් පිටරට වසන්නෙක් !! නීතිය ක්‍රියාත්මක කිරීමේදී පිටරටකදී ලාංකික අපිට සිදුවන හිරිහැර හා අසාධාරණ අපමණයි (නි)
නීති ගරුක යට පාඩුවේ ඉන්න පුළුවන්. (දිල්)
එ්කේ ආයේ දෙකක් නෑ.(හේ)
සවුදි කියන්නේ මොළේ කලඳක් තියන එව්න් ඉන්න රටක් නොවේ. මුන්ගේ රටේ බහුතරයක් 75% ක් පමණ රැකියා කරන්නේ නෑ රජයෙන් තමයි ජීවත් වෙන්න මුදල් දෙන්නේ මුන් ඒ නිසා අධ්‍යාපනය ලබාගන්න පෙළඹෙන්නේ නෑ මුන්ගේ හිත්වල තියෙන්නේ මිලේච්චත්වය කුඩා කාලේ ඉඳලම ලබා දෙන කෘර ආගම් වාදය විතරයි (බ)
නීතිය කෙසේ වෙතත් මනුස්සකම ගොඩක් වටිනවා .එය තේරුම් ගැනීමට සෞදියට තේරෙන් නෑ.මෙය සෞදියේ පසුබැස්මට හේතු වේ (අ)
ඒ රටේ නීති දැඩියි.ආයේ වෙනස් කරයිද දන්නේ නෑ.(හේ)
මේ පහර කෑ යේමන ජාතිකය මිය ගියා.එකයි ඔවුන්ට මරණ දඬුවම නියම වුනේ.ඒ බවක් මේ ලිපියේ සඳහන් වෙලා නැහැ එයින් සිදු වන්නේ වැරදි අර්ථකතනයක් ජනතාවට ලබාදීමක්. (හේ)
ලංකාවෙත් නීතිය හරිහැටි ක්‍රියාත්මක කළ යුතුයි. දැන් දුබලයාට එක නීතියකුත් බලවතාට තව නීතියකුත් වගේ ක්‍රමයක්නෙ දැන් තියෙන්නෙ.(අ)
මේ අය එක සුද්දෙක් ට දඩුවම් කලර තියනවද ? සෞදි, ඉන්දුනීසියා නිකමටවත් අඩිය තියන්න එපා (නදී)
තව පලයල්ලා අරාබියට (නදී)
රජින්ද මෙයාලා මැරුවේ ඔයාගේ ගෙදර අය නම් ඔයා මෙහෙම කියයිද (දිල්)
රිකාස් සහ අනුරාධ, ඔබගේ අදහස් මාත් අනුමත කරනවා. ඔබ හරි. (නි)
ලෝකේ යන්න වෙන රටවල් නැද්ද ? සෞදි විතරද තියෙන්නේ. (නදි)
ලකී, මෙයාලා කාවවත් මරලා නැහැ. ආපහු ලිපිය හරියට කියවන්න.(දිල්)
රජින්ද ගේ අදහසට මමත් එකඟයි. මතකද තමන්ගෙ පුංචි දුවව දූෂණය කරලා මරපු අරාබි මනුස්සයෙක්ට දඩයක් නියම කරලා නිදහස් කළා. බැලන්ස් නම් සේරටම එක වගේ වෙන්න ඕනා (නදී)
නුගත් හබ්බෝ සිටින මිලේච්ඡ රාජ්ජයක්. ලාංකිකයන් එහි සේවයට යවන එක නතර කල යුතුයි (නදී)
මරණ දණ්ඩනය දෙන්න තරම් ලොකු වරදක් නෙමෙයි කියන්නේ කොහොමද ? මනුස්ස ඝාතනයක් කලා නම් අනිවාර්යෙන් දඩුවම් දිය යුතුයි. (නදී)
මේ රටේ ඉදගන අපේ රටට නින්දා කරන අයට මෙහෙම වෙලා මදි. මේ අයව මරන්න ඕනේ කාන්තාරේ මැද වද දීලා (නදී)