IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ලොක්කෝ 30ක් උසස් නිලතල සභාවට

(සුජිත් හේවාජුලිගේසහ අංජුල මහික වීරරත්න)

විදේශීය තානාපතිවරුන්, මහ  කොමසාරිස්වරුන් අට දෙනකු සහ අමාත්‍යාංශ ලේකම්වරුන් විසි දෙදෙනෙකුගේ  සුදුසුකම් පරීක්ෂා කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇත.

මෙසේ සුදුසුකම් පරීක්ෂා කෙරෙන්නේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට පත් කෙරුණු ප්‍රදීපා කොළන්නේ, ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත වශයෙන් නම් කරන ලද ජනාධිපති නීතිඥ විනිසුරු ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය,  පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් වශයෙන් නම් කරන ලද රියාර් අද්මිරාල්  ෆ්‍රෙඩී සෙනවිරත්න, කියුබා ජනරජයේ  ශ්‍රී ලංකා තානාපති වශයෙන් නම් කරන ලද මහින්දදාස රත්නායක, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  ශ්‍රී ලංකා තානාපති වශයෙන් නම් කරන ලද මහාචාර්ය අරූෂා විනෝදනී කුරේ, ජපානයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් නම් කරන ලද මහාචාර්ය පිවිතුරු ජගත් කුමාරසිංහ, දකුණු අප්‍රිකානු ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වශයෙන් නම් කරන ලද එයාර් චීෆ් මාර්ෂල්  උදේනි රාජපක්ෂ,  මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් වශයෙන් නම් කරන ලද නිමල් උපාලි සේනාධිර,ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කරන ලද එයාර් වයිස් මා‍ර්ෂල්  සම්පත් තුයියකොන්තා, මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්කරන ලද කේ.එම්.එම් සිරිවර්ධන,  බල ශක්ති අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත් කරන ලද මහාචාර්ය උදයංග හේමපාල,  කෘෂිකර්ම පශු සම්පත්  ඉඩම් වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්කරන ලද ඩීපි වික්‍රමසිංහ අධිකරණ සහජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්කරන ලද ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන,  අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත් කරන ලද  එන් කළුවැව, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත් කරන ලද කේඩීආර් ඔල්ගා, වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන මධ්‍යාංශය ලේකම් වශයෙන් පත්කරන ලද කේ.ඒ විමලේන්දිරරාජා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්කරන ලද වෛද්‍ය  අනිල් ජාසිංහ, ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ  ලේකම් වශයෙන් පත් කරන ලද ජේෂ්ඨ මහාචාර්ය කපිල සීකේ පෙරේරා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්කරන ලද ඩී ඩබ්ලිව් සෙනවිරත්න යන මහත්ම මහත්මීන්ගේය

මීට අමතරව  විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්කරන ලද අරුණි රණරාජා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත් කරන ලද කේආර් උඩුවාවල,නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්කරන ලද රංජිත් ආරියරත්න, ධීවර ජලජ හා සාගත සම්පත් අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්කරන ලද එම්.ඒ මන්ත්‍රීනායක,  රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්කරන ලද එස් ආලෝක බණ්ඩාර, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්කරන ලද එස් එම් පියතිස්ස, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්කරන ලද මොහොමඩ් නවවි,ග්‍රාමීය සංවර්ධන සමාජාරක්ෂණ ප්‍රජා සවි බල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත් කරන ලද මලර්මනී ගංගාදරන්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්කරන ලද තිලකා ජයසුන්දර, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්කරන ලද ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ  තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්කරන ලද අරුණ බණ්ඩාර  යන මහත්ම මහත්මීන්ගේද සුදුසුකම් පරීක්ෂා කරනු ලැබේ

මේ අයගේ පත්කිරීම් සම්බන්ධයෙන් කවර හෝ සංවිධානයක් හෝ පුද්ගලයෙකු විරෝධතා පළ කරන්නේ නම් ඊට අදාළ සංදේශ ලබන මස 10 වැනිදා හෝ ඊට පෙර ලේකම් උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කාරක සභා කාර්යාංශය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරිය  ඉල්ලීමක් කරන්නීය.



අදහස් (3)

ලොක්කෝ 30ක් උසස් නිලතල සභාවට

sakra Thursday, 27 February 2025 12:23 PM

මාලිමා ආණ්ඩුවක් යටතේ තානාපති වරුන් ලෙස පත්කරන්නේ විදේශ සේවයේ අය විතරයි , කිසිසේත්ම දේශපාලන පත්වීම් කරන්නේ නැති බව කිවා නේද ? බලාගෙන යනකොට උනුත් එකයි මුනුත් එකයි .

:       2       6

Kamal Koyarala Thursday, 27 February 2025 03:02 PM

විදේශ සේවයේ උසස් හොරුන් පිළිබඳවත් සෙවිය යුතුයි.

:       0       0

ගුණරත්න Thursday, 27 February 2025 07:33 PM

මෙතැන නාම ලේඛනයේ විදේශ සේවයේ ප්‍රවීණ නිලධාරීන් ගණන් කර වී මිටියක් දිනාගන්න. ඉක්මන් කරන්න.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site