ලෝක ළමා දිනය සමරද්දී දඹුල්ල පොහොරන්වැව කනිටු විදුහලේ දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෝ මාස දෙකක පමණ කාලයක් සිට ගුරුවරයකු නොමැති නිසා අධ්‍යාපනයක් නොමැතිව අසරණ වී සිටිති.
බොහෝ දරුවෝ පාසට පැමිණිමට පවා මැලි කමක් දක්වති.
ලෝක ළමා සැමරුම් දිනයේදීද මෙම දරුවන් හුදකලා වී තැන තැන සෙල්ලම් කරති. වරින් වර දෙමාපියන් පැමිණ ගුරුවරයෙක් නොමැති පන්තිය බලා ගන්නා අයුරු ද දැකගැනීමට හැකි විය.
ගලේවෙල කළාප කාර්යාලයයෙන් දෙමාපියන්ට දැනුම් දී ඇත්තේ මැතිවරණයෙන් පසු ගුරුවරියක් එවන බවයි.
එහෙත් එම ඉල්ලීට ඉටු වී නැත.මේ පිළිබඳව විදුහල්පති ඩබ්ලිව් ජී එස් වීරසුරිය මහතා ද අසරණ වී සිටිති.
ගලේවෙල කළාප අධ්‍යාපන කාර්යාලයයෙන් විමසීමේදී නියෝජ්‍යය අධ්‍යාපන අධ්‍යක්ෂවරිය කියා සිටියේ වෙනත් පාසලක ගුරුවරියක් මෙම පාසලට අනියුක්ත කිරීමක් කර ඇති බවයි.එහෙත් එවැනි අනියුක්ත කිරීමක් පිළිබඳව දැකගැනීමට නොහැකි විය.
2025 දෙසැම්බර් මස 18
591
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෝක ළමා දිනේ ගුරු පුටු හිස්
ජගත් Tuesday, 01 October 2013 05:47 PM
නොමග යමන් පුතේ නුඹට රටක් නැතේ. (නි)
අතිජාත Tuesday, 01 October 2013 06:07 PM
මේ විදුහලේ විතරක් නොව, බොහෝ ග්‍රාමීය පාසල්වල තත්ත්වය ඔය විදිය තමයි (නි)
ලාල් Wednesday, 02 October 2013 02:52 AM
බන්දුල ශ්‍රිමතානන්ගෙන් මේ ගැන ඇහුවා නම් බලාගන්න තිබුනා දෙන උත්තරය (නි)
සනත් ,වෙරෝනා Tuesday, 01 October 2013 03:12 PM
අද ලෝක ළමා දිනය නොවේ. එ.ජා.සංවිධානය නිල වශයෙන් නිවේදනය කර තිබෙන්නේ නොවැම්බර් 20දාය. මේ ළමා දිනය ලංකාවේ විතරයි. අද ලෝක වැඩිහිටි දිනයයි. අද ලංකාවේ අම්මලා තාත්තලා 5 පන්තියේ ළමුන් සමඟ අඬන දිනයයි. අද ලංකාවේ ශිෂ්‍යත්ව ප්‍රතිපල නිකුත්කර ඇති බැවිනි. (ස)
සෝමසිරි Tuesday, 01 October 2013 08:00 PM
රට බල්ලට ගිහින් (නි)
රිෂාර්ඩ් Tuesday, 01 October 2013 03:42 PM
මට මෙතන මොනවා ලියන්නද කියලා හිතෙන්නේ නැහැ ? මොනවා උනත් ළමයින් ගේ අධ්‍යාපනය සමඟ සෙල්ලම් කිරීම ලොකු පාපයක්. (ස)
පද්මිණි Wednesday, 02 October 2013 09:36 AM
මැතිවරණයෙන් පසුව ගුරුවරයෙක් එවන බව කිවලු. (ස)
මන්ජුලැහැ Tuesday, 01 October 2013 04:39 PM
අනේ මේ අහිංසකයන්ට ගුරුවරයෙක් ලබා දෙන්න! (ස)