තම ස්වාමියාගේ නිවසින් ඩිරාම් පනස්දහසක් (රුපියල් 1781825) වටිනා රන් ආභරණ සොරකම් කළ ශී‍්‍ර ලංකා ගෘහසේවිකාවකට ඩුබායි අපරාධ අධිකරණය මාස 3 ක සිරදඬුවමක් පැනවූවේය.
සිර දඬුවම අවසානයේ ඇය වහාම ශී‍්‍රලංකාවට පිටත්කර හරින්නැයිද නියෝග කෙරිණි.
ඇයගේ ස්වාමියා පැවසූයේ නිවසේ වැඩකටයුතු සදහාත් අසනීපයෙන් සිටින තම මව බලාකියා ගැනීම සදහාත් මේ සේවිකාව බඳවා ගත් බවයි.
මාස 3 ක් තම නිවසේ රැුකියාව කළ ඇය එක්වනම අතුරදන්වූ බවත් ඇය ගැන සැක ඉපිදවූ තමා කළ පරික්ෂාවකදී තම සොහොයුරියගේ රන් ආභරණ කිසියම් පුද්ගලයෙකු සොරාගෙන ගොස් ඇතැයි හෙළිවූ බවත් ඔහුගේ ප‍්‍රකාශයේ දැක්වේ.
අත්අඩංගුවට ගත් ගෘහසේවිකාව සමග සොරකම් කරන ලද ආභරණ වලින් කොටස්ද සොයාගැනීමට පොලිසියට හැකිව තිබේ.
තම ස්වාමියාට අයත් ආභරණ සොරාගත් බව ඇය පිළිගෙනද ඇත.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලක් හෙර ඩුබායි හිරේ
රුක්මාල් Wednesday, 12 November 2014 10:24 PM
ලංකාවේ කට්ටිය ගිහිල්ලා ඔහොම කරන එක කොච්චර නරකද? (නි)
තරිඳු දර්ශන Wednesday, 12 November 2014 05:54 AM
අපේ රටේ නම නැති කරනවා, ඔය වගේ හොරු (දී)
බණ්ඩාර රුසියාව Wednesday, 12 November 2014 02:43 PM
අර ඕමානයේ හාම්පුතාගෙන් කරදර වුණ කාන්තාවට තාම නීතියේ පිහිටක් නැද්ද? දන්නෙ නැති හින්දයි අහන්නේ. (නි)
සුජිත් Wednesday, 12 November 2014 07:12 AM
පුදුමයි මාස තුනෙන් බේරුණා (දිල්)
සුජිත් Wednesday, 12 November 2014 07:13 AM
පුදුමයි මාස තුනෙන් බේරුනා.(බ)
සුජිත් Wednesday, 12 November 2014 07:13 AM
පුදුමයි මාස තුනෙන් බේරුනා. (බ)
ප්‍රියානි වීරකෝන් Wednesday, 12 November 2014 07:38 AM
රටට අගෞරව කරන්න එන අයට මීට වඩා ලොකු දඬුවමක් දෙන්න ඕන (බ)
සුජානි Wednesday, 12 November 2014 04:34 PM
ඔය වගේ වැඩ කරන ගොඩක් අය ඉන්නවා. අනුන් රවටා ගෙන සල්ලි ගසා කනවා. (නදී)
ධම්ම Wednesday, 12 November 2014 09:49 AM
ඩුබායි හින්දා හොඳයි. සෞදි වගේ රටක නම් ඇණ ගහල තමයි එවන්නේ. (ර)
නුවන් Wednesday, 12 November 2014 10:20 AM
කවුද දන්නේ ඇයව මේකට අහුකරන්න ඇති. අහිංසක ගැහැණු රට යන්නේ ලංකාවේ ඉදලා මොනවා කරන්නද. (නදී)
ජයසෝම වැල්ලම්පිටිය Wednesday, 12 November 2014 10:29 AM
ඉක්මනින් පොහොසත් වෙන්න ගිහින් මාස 3ක් හිරේ ලැගලා ආපසු ලංකාවට එනවා. අපි ඔබව සාදරයෙන් පිලිගන්නවා. මෙවෙනි වාර්තා පිහුටුවා ලංකාවට කීර්තියක් ( අපකීර්තියක් ) ගෙනාවට (නදී)