තම ස්වාමියාගේ නිවසින් ඩිරාම් පනස්දහසක් (රුපියල් 1781825) වටිනා රන් ආභරණ සොරකම් කළ ශී‍්‍ර ලංකා ගෘහසේවිකාවකට ඩුබායි අපරාධ අධිකරණය මාස 3 ක සිරදඬුවමක් පැනවූවේය.
සිර දඬුවම අවසානයේ ඇය වහාම ශී‍්‍රලංකාවට පිටත්කර හරින්නැයිද නියෝග කෙරිණි.
ඇයගේ ස්වාමියා පැවසූයේ නිවසේ වැඩකටයුතු සදහාත් අසනීපයෙන් සිටින තම මව බලාකියා ගැනීම සදහාත් මේ සේවිකාව බඳවා ගත් බවයි.
මාස 3 ක් තම නිවසේ රැුකියාව කළ ඇය එක්වනම අතුරදන්වූ බවත් ඇය ගැන සැක ඉපිදවූ තමා කළ පරික්ෂාවකදී තම සොහොයුරියගේ රන් ආභරණ කිසියම් පුද්ගලයෙකු සොරාගෙන ගොස් ඇතැයි හෙළිවූ බවත් ඔහුගේ ප‍්‍රකාශයේ දැක්වේ.
අත්අඩංගුවට ගත් ගෘහසේවිකාව සමග සොරකම් කරන ලද ආභරණ වලින් කොටස්ද සොයාගැනීමට පොලිසියට හැකිව තිබේ.
තම ස්වාමියාට අයත් ආභරණ සොරාගත් බව ඇය පිළිගෙනද ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කට්ටිය ගිහිල්ලා ඔහොම කරන එක කොච්චර නරකද? (නි)
අපේ රටේ නම නැති කරනවා, ඔය වගේ හොරු (දී)
අර ඕමානයේ හාම්පුතාගෙන් කරදර වුණ කාන්තාවට තාම නීතියේ පිහිටක් නැද්ද? දන්නෙ නැති හින්දයි අහන්නේ. (නි)
පුදුමයි මාස තුනෙන් බේරුණා (දිල්)
පුදුමයි මාස තුනෙන් බේරුනා.(බ)
පුදුමයි මාස තුනෙන් බේරුනා. (බ)
රටට අගෞරව කරන්න එන අයට මීට වඩා ලොකු දඬුවමක් දෙන්න ඕන (බ)
ඔය වගේ වැඩ කරන ගොඩක් අය ඉන්නවා. අනුන් රවටා ගෙන සල්ලි ගසා කනවා. (නදී)
ඩුබායි හින්දා හොඳයි. සෞදි වගේ රටක නම් ඇණ ගහල තමයි එවන්නේ. (ර)
කවුද දන්නේ ඇයව මේකට අහුකරන්න ඇති. අහිංසක ගැහැණු රට යන්නේ ලංකාවේ ඉදලා මොනවා කරන්නද. (නදී)
ඉක්මනින් පොහොසත් වෙන්න ගිහින් මාස 3ක් හිරේ ලැගලා ආපසු ලංකාවට එනවා. අපි ඔබව සාදරයෙන් පිලිගන්නවා. මෙවෙනි වාර්තා පිහුටුවා ලංකාවට කීර්තියක් ( අපකීර්තියක් ) ගෙනාවට (නදී)