ධර්මදුත සේවය සදහා ශ්‍රී ලාංකික හිමිවරු ලෝකය පුරා වැඩමකර සිටිති. ඉන්දියාවේ තානා දිස්ත්‍රික්කයට අයත් උල්ලාස් නගරයේ මහින්ද විහාරයේ විහාරාධිපති නලිවේල ආනන්ද හිමියෝ වචනයේ පරිසාම්ප්ත අර්ථයෙන්ම සැබැ ධර්මදුත සේවයේ යෙදෙන හිමි නමකි.
1971 දී ළමුන් 35 දෙනෙක් සමග විහාරස්ථානයට යාබදව ආරම්භ කළ තක්ශිලා විද්‍යාලයේ මේ වනවිට ළමුන් 5000 ක් ඉගෙනුම ලබති. අද දින ලංකාදීප එසැණ එම විද්‍යාලයට ගියේය. ආනන්ද හිමියන් අපව පංති කාමරයෙන් කාමරයට රැගෙන ගිය අතර මොහොතකින් සිසුනගේ විවේක කාලය එලඹුණි. අප ක්‍රීඩාංගනය මැදින් නැවත විහාරස්ථානය කරා පැමිණෙන අතරතුර ආනන්ද හිමියෝ වටකරගත් ළමුන් උන්වහන්සේගේ දෙපා සිඹින, දෙපා අතගාන, බදා ගන්නා අයුරු දුටු අපගේ දැසට කඳුලක් එක් විය.
‘‘මහත්තයෝ මේ ළමයින්ගේ දෑස පාදන්න මම විදින දුක් වින්ද දුක් අපමණයි. මේ ඔක්කොම අසරණ දුප්පත් දරුවෝ. මරාටි තමයි මෙයාලගේ භාෂාව. මම අවුරුදු 46ක් පුරාවට ඉන්දියාවේ ඉන්නේ. මට සිංහල, පාලි, හින්දි ඉංග්‍රීසි මරාටි දෙමල භාෂාවල් පුළුවන්. මාපලගම සිරි සරණංකර හිමිපාණන් තමයි මාව ඉංදියාවට රැගෙන ආවේ. බද්දේගම විමලවංශ මාහිමිපාණන් තමයි මට මේ දේවල් කරන්න උපදෙස් දුන්නේ.
මේ පින් උන්වහන්සේලාටත් අයිති වෙනවා. මම ගමේ අසරණ මිනිස්සුන්ටත් ගොඩක් පිහිට වෙනවා. ඒ හැමෝම මට ආදරෙයි. දිල්ලි තානාපති කාර්යාලය වගේම මුම්බායි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයෙනුත් අපිට උදව් තියෙනවා. අපි ගැන හොයලා බලනවා. මහා මහින්ද ජාත්‍යන්තර ධර්මදුත සංගමය මගින් තමයි මේ හැමදේම පාලනය වෙන්නේ.‘‘ යැයි ආනන්ද හිමියෝ අප සමග පැවසුහ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොතන උවත් ඔබ වහන්සේ කරන මනු සත්කාරයට බොහෝ පින් (නදී)
මම හිතනේ ලංකාවේ අසරණ දුප්පත් ළමුන් සිටින බව මේ හාමුදුරුවෝ දන්නේ නැතුව ඇති. අනේ මගේ කට . (ස)
මේවා කවුරු කවුරුත් ආදර්ශයට අරන් වැඩ කරනවා නම් කොච්චර හොඳයිද ? (නදී)
සංඝයා වහන්සේලා සතු වගකීම මෙය නොවේද ? (නදී)
තුරුණුවන් සරණින් තවදුරටත් ධර්ම ප්‍රචාරයේ යෙදෙන්න ශක්තිය දහිරිය ලැබේවා,(ස)
ඔබ වහන්සේට තෙරැවන් සරණයි. ! (ස)
හාමුදුරුවන් වහන්සේට නිරෝගී සැප ලැබේවා. (හේ)
මේ වගේ දේවල් සිදුවිය යුත්තේ.(හේ)
බුදු ගුණයන් කියාදී තිබෙන යහපත් පාඨයන් ක්‍රියාවට නගන ඔබ වැනි භික්ෂුන් වහන්සේ කෙනෙන් අනික් අයට දෙන ආදර්ශයක් , ඔබට පින් . අ/පුර ලීල් ගුණවර්ධන (ස).
ප්‍රියන්ත ගැන මට හරි කණගාටුයි.ඇයි අපේ හාමුදුරුවරු කොච්චර ලංකාවෙ ඉන්නවද? ඒ අයට බැරිද රට අල්ලන්න,පිකටින් කරන්න උද්ගෝෂණ කරන්න දුවගෙන යන වෙලාවේ අපේ රටේ ළමයි ගැන හිතන්න.ඔය කතා කරන්නෙ ඔබතුමා නෙමෙයි ඔබ තුමාගේ කුහක කම.උන් වහන්සේ කරනේ දේ හොද දෙයක් නම් ඒක අගය නොකර බහු බූත දොඩෝනවා.(ස)
මෙවන් දේ දකින්න අහන්න ලැබීමත් පිනක්. (නි)
මනුස්ස වර්ගයාට උදව් කරනවා කියන්නේ ජාති ආගම් වර්ග භේද වලින් තොරයි. ඒක නිසා අපක්ෂපාතිව හිතන්න උත්සාහ කරන්න.(ම)
එය අගේ කලයුතු වෑඩකි. එම දර්මදූත සේවාවේ අයිතිය මහායාන බෞද්දයින්ටත්, ක්‍රිස්තියානින්ටත්,අන් ආගමයිකයන්ටත් ලංකාවෙත් තිබෙනවානම් හොදයි. කතාකිරීමේ, කමෙන්ට් එකක් පලකිරීමේ අයිතියවත් අද අන් ආගමිකයින්ට ලෑබෙන්නේ ඉතා කලාතුරකින්. එතකොට කොහොමද ජාතීන් අතර, ආගමිකයින් අතර සහජීවනයක් ඈති කරන්නේ. (නදී)
ඔබවහන්සේගේ අති උතුම් ක්‍රියාව අගය කරමි. (ස)
ලංකාවේ හැම පන්සලකම වගේ දහම් පාසල් තියනවා. සිංහල මිනිස්සු හැම කෙනෙක්ම තම දරුවන් දහම් පාසල් යවන්නේ නැහැ. අපේ හිමිවරු ලංකාවේ හැම දෙයක්ම කරන්නේ තමන් ගැන හිතා නෙමේ. අපේ ම්නිස්සු ගැන හිතල. නමුත් ගුණ මකු මිනිස්සු ඒවා ගැන හිතන්නේ නැහැ. ලෝකයේ ගොඩක් රටවල සිංහල හිමිවරු ලොකු සේවාවන් සිදු කරනවා. ඒවා ගැන අපේ අය, කිසිම අගය කිරීමක් නැහැ. අනෙක, මුස්ලිම් දෙමල මිනිස්සු තම ජාතියේ පුජකවරුන්ව විවේචනය කරන්නේ නැහැ මොනදේ කලත්. සිංහල මිනිස්සු බලාගෙන ඉන්නෙම හාමුදුරුනමකට බනින්න බලාගෙන. ..... අපේ ස්වාමින් වහන්සේලා නැත්නම් මේවනවිට ලංකාව අපට නැතිවෙලා ගොඩක් කල්. ඔය දොස් කියන ඔබලා මාසයකට වරක්වත් පන්සල් යනවද? දානයක් දෙනවද? ස්වාමින් වහන්සේලාගේ දුක සැප හොයා බලනවද? පන්සලට ආධාරයක් කරනවද? එහෙම නොකරන මිනිස්සු දොස් කියමින් ඉන්නවා. දොස් කියන කට්ටිය හිතන්න, තම දරුවෙක් මහන කරන්න තමන්ට පුලුවන්ද ? ස්වාමින් වහන්සේ නමක් ලෙස කරන වැඩවලින් බාගයක්වත් තමන්ට කරන්න පුලුවන්ද කියල හිතන්න. නිකරුනේ උතුමන්ට දොස් කීමෙන් අකුසල් කරගන්න එපා.. අම්බපාලි කතාව අසාගෙන දැනගන්න. (ස)
ගරු ස්වාමීන්වහන්ස ,ඔබ වහන්සේට නිවන් දකින තුරා නීරෝගී සම්පත්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා .(හේ)
ඔබ වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදයත් මගේ ආයුෂත් ලැබේවා.! (ර)
ඇස් අදහා ගැනීමට නොහැකියි (දිල්)
දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනයට සහ ඒ ළමුන්ගේ ඇස් පැදීමට කටයුතු කිරීමට කටයුතු කිරීම ඉතාමත් අගය කොටසලකන්නෙමු. ඔබට අල්ලාහ්ගේ පිහිටාරක්ෂාව ලැබේවා (නදී)
කොතන උවත් ඔබ වහන්සේ කරන මනු සත්කාරයට බොහෝ පින්. (නදී)
ධර්මපාල මහත්මයාගේ කියමනට හදවතින්ම එකග වෙනවා. මේවා තමයි සිංහල ජාතියේ පිරිහීමට හේතු උන ප්‍රධාන වැරදි. දැන්වත් හදාගන්නවා නම් තමයි හොඳයි. (ර)
මෙබදු සත්කාර කරන යතිවරයන් වහන්සේලාට අපි අාශිර්වාද කරමු. (නදී)
සාදු..! සාදු..! සාදු..! නිවන් දකිනා පින් රැස් කර ගන්නට ඔබ වහන්සේට හැකි වේවා....! (නදී)
බුදු රජාණන් වහන්සේ ඉපදුන ඉන්දියාවේ. ඒවගේම අපේ ගරුතර ස්වාමීන්වහන්සේලාට කොච්චර දේවල් කරන්න පුලුවන්ද ,,,?(දිල්)
සැබෑ බුද්ධ පුත්‍රයෙක්.සාධු සාධු (දිල්)
මේ පිනෙන් නිවන් දකීවා(ස)
මෙවන් ක්‍රියා ,දැකීම ,ඇසීම කොතරම් උතුම්ද...(අ)
මෙවැනි භික්ෂුන් වහන්සේලා තමයි නියම බුද්ධ පුත්‍රයෝ. (නි)
ඔබවහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදයත් මගේ ආයුෂත් ලැබේවා. (ස)
ඔබ වහන්සේ එම දරුවන්ට නිවන් මග කියාදෙන සේක්වා. ! (ස)