ඇමරිකා එක්සත් ජනපදියේ වොෂින්ටන් නුවර ජාත්‍යන්තර නීති ශිෂ්‍ය සංගමය 57 වැනි වරට සංවිධානය කළ ෆ්ලිප්සි ජෝශප් අනුස්මරණ කථික තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවූ සිසුවියන් 5 දෙනකු එහිදී දස්කම් දැක්වීමට සමත්වූහ.
කොළඹ විශ්ව විද්‍යාලයයේ නීති අංශයේ ඉගෙනුම ලබන එම සිසුහු පළමු කණ්ඩායම් 100 අතරින් 56 වැනි ස්ථානය හිමිකරගත්හ. තරගාවලියේ හොඳම කථිකයන් 100 දෙනා අතුරින් 33 වැනි ස්ථානය උපේක්ෂා රණතුංග සිසුවිය දිනා ගත්තාය.
සජානි ප්‍රනාන්දු, ශලංකා වීරසිංහ, උපේක්ෂා රණතුංග, මල්ෂා වික්‍රමසිංහ, රයා ගෝමස් යන සිසුවියන් පස් දෙනා ශ්‍රී ලංකාව නියෝජනය කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තරයේ තවත් මෙවැනි හෝ ඉහල ජයග්‍රහණ ලැබීමට ඔබ සැමට ධෛර්ය ශක්තිය ලැබේවා යි පතමි.(ම)
කතාවට දක්ෂයන් ගෙන් අපිට අඩුවක් නැහැ.(ම)
ඔබලා දේශපාලනයට නම් එන්න එපා (හේ)
ඔබ සැමට සුබ පැතුම්! (නි)