මැද පෙරදිග, අග්නි දිග ආසියාව සහ ඇෆ්ගනිස්ථානය ආදී රටවල සේවය සදහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බලහත්කාර වැඩ ගැනීම් ඇතුළු පීඩාවන්ට ලක්වන බව ඇමරිකාව පවසයි.
එසේම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට රැකියා අවස්ථා සොයා ගැනීම සදහා ද විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති බවද ලොව පුරා රටවල මිනිස් ශ්‍රමයේ අවභාවිතය සහ මිනිස් ජාවාරම් පිළිබද සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ශ්‍රී ලංකාව පරීක්ෂාවට ලක්කළ යුතු දෙවන කාණ්ඩයේ රටක් ලෙස නම් කර ඇත. ඇතැම් ශ්‍රී ලාංකික කාන්තාවන් ජෝර්දානය, මාලදිවයින, මලයාසියාව, සිංගප්පූරුව ආදී රටවල බලහත්කාරයෙන් ගනිකා වෘත්තීයේ යොදවන බවට ද තොරතුරු ලැබී ඇතැයි එක්සත් ජනපද වාර්තාවේ සදහන්වේ.
ශ්‍රී ලංකාව මිනිස් ශ්‍රමය අවභාවිතයට ලක් කිරීම සහ මිනිස් ජාවාරම් වැළැක්වීමට ගෙන ඇති පියවර ද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රසාදයට ලක් වී ඇත.කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ද ළමයින් ලිංගික සංචාරක ව්‍යාපාර සදහා යොදා ගැනීම, කායික ආබාධයන්ට ලක්වූවන්ට සිඟමන් යැදීමට සිදුවීම ගෘහ සේවිකාවන් හිංසනයන්ට ලක්වීම ආදී කරුණු පිළිබදව ද සිහිපත් කරයි.
මිනිස් ජාවාරම් වැළැක්වීම සදහා ශ්‍රී ලංකාව අවශ්‍ය ප්‍රමිතී පූර්ණ ලෙස සපුරා නොමැති බවයි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පෙරේදා (30) ඉදිරිපත් කළ වාර්තාවේ සදහන් වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරාබියෙන් බැටකාපු අපි ගැන ලංකාව, ඇමරිකාව මොනවා කියන්නද, මොනවා කරන්නද? (නි)
ප්‍රියන්ත මෝඩ විදියට හිතන්න එපා. මේ අවුද්දේදීද ඕව ඔක්කොම වුනේ. රජාට නවත්ටන්න තිබුනනේ වහල් සේවයට මැදපෙරදිග යන එක. එයත් ඒ එවන සල්ලි වියදම් කරලා සුර සැප වින්ඳ මිසක්. ඕකට තමයි කියන්නේ කොදෙව් මානසිකත්වය කියල. (බ)
මොවුන්ට ඡන්දය දුන් අයත් මේවට වගකියන්න ඕනෑ (නි)
කාගේ වරදින්ද මෙහෙම වුණේ? (නි)
මේක පුදුම කතාවක්. ශ්‍රමිකයන්ගේ බලහත්කාරයෙන් වැඩගන්න, වදදෙන, මානව අයිතිවාසිකම් කඩන අරාබි රටවල් නොවේද එතකොට පරික්ෂා කරන්න ඕනෑ? (නි)
ශ්රී ලංකාව මිනිස් ශ්‍රමය අවභාවිතයට ලක්කිරීම සහ මිනිස් ජාවාරම් වැළැක්වීමට ගෙන ඇති පියවර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රසාදයට ලක්වුණාට ශ්‍රී ලාංකිකයින්ගේ නම් අප්‍රසාදයට ලක්වෙලා තියෙනවා. මේවා අපේ නිවටකම් වල ප්‍රතිඵල තමා. (නි)