පහළොස් හැවිරිදි දැරියක දෙවරක් කෙළෙසීයැයි සැකපිට ඕස්ට්‍රේලියාවට ගිය සරණාගතයෙක් චෝදනා ලැබ සිටියි.
ජේ ඒ අප්පුහාමි (25) වසරකට පෙර ඕස්ට්‍රේලියාවට ගොස් සරණාගත තත්ත්වය බලාපොරොත්තුවෙන් සිටී.
ඔහු ඇප දීම බ්ලැක්ටවුන් මහේස්ත්‍රාත් විසින් ප්‍රතික්ෂේප කර ඇත. පල්ලියකදී හමු වූ දැරිය ඇගේ කැමැත්ත නැතිව ඇය දෙවරක් කෙළෙසා ඇතැයි පොලිසිය උසාවියට දැන්වීය.
ඔහු වරදකරු වුවහොත් ශ්‍රී ලංකාවට වහාම පිටුවහල් කිරීමට ඉඩ ඇත.
පොලිසිය කියනුයේ පැමිණිල්ල ඉතා ශක්තිමත් බවයි. මෙවැනි වරදකට වසර 25ක් දක්වා සිර දඩුවම් නියම කළ හැකි බවත්, ඊළඟ නඩු විභාගය සැප්තැම්බර 19 වැනිදාට කල් තැබූ බවත් උසාවිය ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේවල් වලට දෙයියෝ දඩුවම් දෙන්න ඕන දැනටමත් ලංකාවේ දුෂණ කොච්චර වෙනවද?හේතුව දඩුවම් නොදිම,මේ යට කොහේ හිටියත් අමතක නොවෙන්න දඩුවම් දුන්නනම් අයෙත් කරන්නේ නැහැ මේ වගේ තිරිසන් වැඩ (දී)
මේ වගේ වනචරයින්ට දැඩි දඬුවම් දිය යුතුයි. සරණාගත තත්වය ඉල්ලන්ට උපන් රටට විරුද්දව මොන විදියේ බොරු කීවද දන්නේ නැහැ.(නදී)
දඩුවම් දෙන්න ඕන . නැත්නම් මෙහෙම අපරාද නවත්වන්න බැහැ.
මොනවා අප්පුහාමියෝ? මෙහෙ බිරිඳකුත් ඉන්නවලු නේද? මගෙන්නම් කිසිම සමාවක් නැහැ ඒ වැඩේට. එහෙ කෙල්ලට වඩා මට දුක අපේ මෙහෙ කෙල්ල ගැන. (දී)
දඩුවම් දීමෙන් හෝ නොදීමෙන් මෙවැනි අමනුශ්‍යන්ගේ ක්‍රියා වලක්වන්න බැ.හොරා හා වැරදි කරන්නන්,හැම වෙලාවේම සිතන්නේ,තමා නීතියෙන් ගැලවෙන්න දක්ෂ බව.නීති තද රට වලත් මෙවැනි අපරාද සිද්දවෙනවා.මේක මානසික ලෙඩක්.මිනිසුන්ට විවිධ මානසික අසාවන් තිබෙනවා.නමුත් ඒවා පාලනය කිරීමට හැකියාවක් ඇත්තේ සමහර කොටස් වලට පමණි.මේ ලියන මටත් මානසික අසහනයක් තිබෙනවා රජ කෙනෙක් වෙන්න.ඒත් මම ඒක පාලනය කරගෙන ජිවත් වෙනවා. (දී)
සමහරවිට මේ මනුෂ්‍යයා නුගත් අයෙක් වෙන්න පුළුවන්. ඒකනේ හොරපාරේ ඇවිත් ඉන්නේ. ඒත් මම දන්නා උගත්කමින් පරතෙරටම ගිය අය කිහිප දෙනෙක් මෙහෙ ඉන්නවා ඔය දේවල් කරන්න ගිහිල්ලා රටම කාපු. නමුත් එහෙ වගේම මෙහෙත් 'කෙරුමෝ' ආරක්ෂා කරන්න අපේ අය සැදී පැහැදී ඉන්නවා. මෙවැනි නින්දිත මිනිසුන් ගැන පුළුල් ප්‍රචාරයක් දී අනාගතයේ මෙවැනි දේ වලට යොමුවන්නන් වළක්වා ගන්න. (නි)
ළමා අපාචර හෝ ලිංගික අපාචර කරන ඕනෑම ලොක්කෙක් පවතින රජයට පක්ෂපාතීව සිටින්නේ නම් . ප්‍රශ්නයක් නෑ (අ)
සරණාගතයෙක් කියන්නේ අර හොර බෝට්ටුවකින් ගිය කෙනෙක් වගේ. ඔය ටික කරගන්ට ගිය දුරක තරම.(අ)
මොවුන් මොනවට රටවල් වලට යනවද මන්දා? ගිහින් ශ්‍රී ලංකාවේ නමත්,ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආත්ම ගරුත්වයත් කෙළසනවා.දඩුවම් එහෙම දුන්නා නම් තමා හොද.පොදු සමා ඔවැනි වැරදි වලට ඒ රටවල නැහැනේ. (නි)
ඊයෙ පෙරේදා දවසක සමොඅත් කියලා පුද්ගලයෙක් ඉතාලි බයික් සිද්ධියට කොමෙන්ටුවක් දාල තිබුනානෙ ඔස්ට්‍රේලියාවෙන් නරක ආරංචි ලැබෙන්නෙ නෑ ඉතාලියෙන් විතරයි නරක ආරංචි එන්නෙ කියලා. මෙන්න කියලා කට ගන්න හම්බුනේ නෑ ඔස්ට්‍රේලියාවෙන් රේප් කේස් එකක්.(නදී)
බොලන් අප්පුහාමි දැන් ඉතින් ඒරොප්පේ අවුරුදු 25ක් ලාච්චුවක තමයි (දී)
තව තවත් සරණාගතයින් කියාගෙන එන අයව ඕස්ට්‍රේලියාවට අරගන්න. තව හොඳ හොඳ දේවල් අනාගතයෙදී අසන්න දකින්න ලැබේවි (නි)
සමහර අසරණයෝ මැද්දේ තිරිස්සන්නුත් පිටරට යනවා. අසරණයෝ ජිවිතේ පරදුවට තියල රට යන්නේ අනාගතේ ලස්සනට ජීවත්වෙන්න. නමුත් තිරිසන්නු රට යන්නේ තමන්ගේ තිරිසන්කම දියුනුකරගන්න. අන්තිමට වෙන්නේ අර අසරන්යන්න්ටත් මේ තිරිසන්නු නිසා තවත් අසරනවෙන්න. ( අනේ ඔය තිරිස්සන්නු තව ලංකාවට එවන්න එපා! තවත් දුක් විදින එක විතරයි වෙන්නේ. ,එනිසා ඉන්න තැනම තියා ගෙන හොද දඩුවමක් දෙන්න.(නදී)
කමක් නැහැ මිනිහා මෙහෙට එවන්න. මෙහෙ හිරගෙවල් වල අපායේ වගේ සැප තියෙනවා. (නදී)
මිනිපේ, මානසික අසහනය පාලනය කරගෙන ඉන්න එපා. ගොවිතැන් කරන්න. මඩ හෝදගත්තම රජ කෙනෙක් වුණහැකි. (නි)
ඔය තිරිසනා මෙහෙට එවන්න එපා.මෙහෙ ඇති තරම් ඔය වගේ අය හැමතැනම. (නි)
නීතියෙන් දඩුවම් ලැබුණත් නොලැබුණත් මේ ස්වභාව ධර්මය දෙන දඩුවම බොහොම බරපතලයි. ඒකෙන් කවදාවත් ගැළවෙන්න බැහැ (නි)
මෙහාට එවන්න එපා, අවුරුදු විසිපහම ඔහේ තියාගන්න (නි)
ඔහු ලංකාවට යවන්න. ඒක තමා දෙන්න තිබෙන හොදම දඩුවම. යමරජු ඉන්නවා. අපායත් තියෙනවා. (නි)
ඔය වගේ අප්පුහාමිලා ලෝකේ මොන රටකට ගියත් ගමයි රටයි දෙකම කාලා එන්නේ. (නි)
දුවේ ඔයා ගැන අපිට දුකයි. නීතිය දඩුවම් කරාවි.(නදී)
මොන ලෝකේ හිටියත් මෙයලාට නම් නිසි දඩුවම් දිය යුතුයි. (ස)
ඔය වගේ මිනිස්සුන්ව ලංකාව නැවත බාර නොගත යුතුයි. අපේ රටේ නමත් කනවා. මේ වගේ මිනිස්සු (ස)
අනේ අප්පුහාමි නුඹ ඒරොප්පෙ ගියත් පාට වෙනස් වෙලා නැහැ නේද? (ස)
පොඩි වෙනසකට තියෙන්නේ ඔය වගේම දේවල් කරපු අපේ ලංකාවේ අය ඇප ලබා ඇවිත් තමන්ගේ නිලතල වල ඉඳිමින් සහ ඒවා පාවිච්චි කරමින් යහතින් වැජඹෙනවා. (නදී)
අවුරුදු 25ක් ම ඔහේම තියාගන්න.ලංකාවට වඩා ඕස්ට්‍රේලියාව හොඳයි කියලනෙ ගියේ. (ස)
එක් කෙනෙක් දෙන්නෙක් රටේ නම තියද්දි 100 ක්, 200ක් රටේ නම කනවා..ඔන්න ඕකයි ඇත්ත කතාව... (ස)
කෙනෙක් සිංහල නිසා ලංකාව තුලදී වසරකට පෙර සරණාගතයෙක් වුණ ක්‍රමය දන්නා කෙනෙක් ඉන්නවා නම් අපගේද දැන ගැනීම පිණිස සඳහන් කරන ලෙස ඉල්ලමි. (නි)
එංගලන්තෙන් ආපු උදවියට අපේ පුන්චිලන්තයේ බෝට්ටු වලින් එන උදවියගේ මදාවිකාරකම් එක්ක තරග කරන්න බැහැ. මොකද උන් ශීලාචාරවෙලා සමජගතවෙලා බොහොම කල්.(නදී)
ගලබඩ, ඔහොම හිතාගෙන තමයි හැමෝම බෝට්ටු වලට නගින්නේ.ගියාට පස්සේ තමා දවල් තරු පෙනෙන්නේ. නොදන්නා දේවල් දන්නවා වගේ කියන්න ගිහිල්ලා විහිළුකාරයෙක් වෙන්න එපා. (නි)
ඕස්ට්‍රේලියාවේ එහෙම උනාට ඉතාලියේ ඒහෙම වෙන්නේ නැහැ (දී)
නව නීතිය අනුව සරණාගතයෝ කඳවුරුවලට බාර ගන්නේ නැහැ. පෙර හිටපු අයත් ඉවත්කරනවා. කැමතිනම් ආපහු ලංකාවට යන්න පුළුවන් එහෙම අකමැති කට්ටිය පැපුවා නෙව්ගිනි කියන රටට යවනවා. ඉගෙන ගන්න ආපු අය හැරෙන්න ඉතුරු වෙන්නේ මිග්රන්ට්ස්ල විතරයි.(නදී)
කොහේ ගියත් පුරුද්ද අතරින්ද බැහැ මෙයාලට හරියන්නේ ෂරියා නීතියම විතරයි (දී)
කාන්තාවට ගෞරව කරන සමාජයක ඔය වගේ වැඩවලට කිසිම සමාවක් නැහැ. වහාම නීතිය ක්‍රියාත්මක කරනවා.වසර ගණනාවක සිර දඬුවමකින් පසු ලංකාවට එවනවා. මොනම හේතුවක් නිසාවත් නැවත මේ රටට පැමිණීම තහනම් කරනවා. රටේ මිනිස්සු නීතියට අසීමිත බයක් දක්වනවා. අසීමිත නිදහසක් තිබෙන නිසා වැරදිවලටත් එසේම කියල හිතාගෙන මෙයාලා වැරදි කරලා ඉල්ලගෙන කනවා.(නදී)
එංගලන්තෙන් ඇවිල්ලා ඔය රටේ පැලපදියම් වෙච්ච ඈයෝ මතක් වෙනවා. (දී)
අප්පුහාමි කොටලා කොටලා කෙටුවේ වැරදි ගහටම එහෙනම් නේද ? ඕස්ට්‍රේලියාවේ හිරේට යනවා කියන්නේ මම අහල තියෙන විදියට රජ සැප. නරකද ඒ රටත් එක්ක කතා කරලා මෙයාව ගෙනත් අපේ හිරේට දැම්මොත් ඔන්න නියම දඬුවම. දෙනවනම් කාල වරෙන් කියලා.(නදී)
පව්කාරයෙක්... (නි)
නමින් නම් අප්පුහාමි. බලපුවහම ..............(දී)
ඕස්ට්‍රේලියාවේ ගොඩක් ඉන්නේ සරණාගතයෝ. නමසිය අසූ ගණන්වල ඉඳල මේ අය තවම යනවා.පස්සේ බොරුවට කියනවා 'මයිග්රේට්' කරා කියල.(දී)
කෝ අර ජාතිවාදී වීර ලා. මෝඩයින්. (ස)
ඔන්න ඔය නිසා තමයි අපි ඔය බෝට්ටු කාරයෝ මෙහෙ එනවට අකමැති . එයාල ඇවිත් මෙහෙත් කනවා.. සත්තු වගේ. (දී)
මේ මිනිස්සුන්ව සත්තුන්ට කන්න දාන්න මුන් තියාගෙන මොකටද නැත්නම් කුඩුවකට දාන්න මිනිස්සුන්ට බලන්න. (දී)
ලිංගික අපරාද කරන අයට ලෝකයේ බොහෝ රටවල ඉහලම දඬුවම් නියම කර ක්‍රියාත්මක වේ . එහෙත් ඉන්දියාව සහ ලංකාව වැනි රටවල මෙය සිදුවන්නේ නැත . උසස් නිලදාරීන් ගෙන් මැති ඇමති වරුන්ගෙන් ප්‍රාදේශීය සබා කාරයන්ගෙන් සිදුවන ළමා අපාචර සහ ලිංගික අපාචර එමටය . එහෙත් මේවා මුදලත් බලයත් යොදවා නීතියෙන් බේරී සිටිති . දිනපතා පුවත් මගින් දකින සිද්දීන් මත දිනකට ළමා අපාචර සහ ලිංගික අපාචර 10ක් වත් ලංකාවේ සිදුවේ . දෙවියනි ඔබ කොහිද ? (දී)
දෙමල කොල්ලෙකුත් ඔය වගේ වැඩක් කරලා බැනපු අය කෝ දැන්?
ඔස්ට්‍රේලියාව අපේ රටේ නායකයින්ට හොද ආදර්ශයක් දේවී. මෙයාට නීතිය හරියට ක්‍රියා කරවීමෙන්.(නදී)
මේ මනුස්සයා මහා මෝඩයෙක් (දී)
අප්පුහාමි.. මිනිහගේ නම තිබ්බ තැන ඉදන් අවුල්. (දී)
එහෙදීම දිය යුතු දඩුවම දෙන්න. මොකටද ලංකාවට එන්නේ? (දී)
අනේ අප්පුහාමි, වැඩේ කා ගත්තා නේද? මෙහෙ හිටියා නම් "මට දැන් මතක නැහැ" කියන්නවත් තිබුණා. කාගෙ හරි වටිනා උපදෙස් පතන්නත් තිබුණා. ඔන්න නොකිව්වයි කියන්න එපා, එහෙ නම් ගැලවීමක් නැහැ පුතෝ. (නි)
ඔහොම අපරාද කරපු ගොඩක් දෙනෙකුට කලින් රැකවරණ දුන්න.දැන් අහකයන නයි ඔඩොක්කුවේ දාගෙන කනෝ...කියනවා (දී)