
(යොහාන් භාසුර)
ලංකා සතොස ඉතිහාසයේ පළමු වරට රට පුරා ලංකා සතොස අළෙවිසල් 25 ක් හෙට (18) විවෘත කරයි.
සූරියවැව, පදවිය, මුතූර්, රඹෑව, තඹුත්තේගම, බෙරලියකන්ද, මින්නේරිය, පන්සල්ගොඩැල්ල, මහවැව, දෙල්තොට, නාත්තණ්ඩිය, හාරගම, දන්තුරේ, කරඬුපාන, පුඩලුඔය, වැලිමඩ, වැල්ලවාය, රත්නපුර, අවිස්සාවේල්ල, වෝක්ෂෝල් වීදිය, කෝරළඉම, පිංකන්ද, කලෙයිගාන, හපුගල සහ හෝමාගම යන නගරවල එම ලංකා සතොස නව අළෙවි ශාඛා විවෘත කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තිය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය සංකේතාත්මක කරමින් විවෘත වන මෙම ලංකා සතොස නව අළෙවි ශාඛා, එකම දිනයකදී එකම වේලාවක විවෘත වූ වැඩිම අළෙවි ශාඛා සංඛ්‍යාව ද වේ.
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් අනුව මෙම ලංකා සතොස ශාඛා විවෘත කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2500 යට කන්ඩ පුළුවන් වෙයි වගේ නේ...
අපූරු උපන් දින සැමරීම්.
පදවි ප්‍රාප්තිය සමරන්න තරම් හොඳටම කරලා තියන්නේ. මේ බන්දුල සතොසතුල කල වංචා දුෂණ මකන්න රාජපක්ෂලාව සතුටු කරන්න වැඩ.
ඒකත් රටේ මිනිස්සුන්ට භාන්ඩ ලබා දෙන්න අරමුනින් නෙමෙයි,තමුන්ගෙ පදවි ප්‍රාප්තිය අරමුනු කරලයි විවෘත කරන්නේ.කරන හැම එකම තමුන්ගෙ චන්ද ගොඩ වැඩි කරගන්න අරමුනින් කරන්නෙ....මේක නේ මේ රටට කෙල උනේ....
සතොසට අත්‍යවශ්‍ය ආහාර නැහැ. සීනි, පරිප්පු, අල, සහල්, කරවල. ලූනු සහ සහල්.