එංගලන්තයේ ජීවත්වන සුප්‍රකට ශ්‍රී ලාංකික කලාකරුවකුවන එස්.එල්.සෙනෙහෙදීරගේ ඒක පුද්ගලචිත්‍ර ප්‍රදර්ශනයක් පසුගියදා "ලේච්වර්ත් ගාර්ඩන් සිටි" චිත්‍රාගාරයේදී විවෘත විය. සෙනෙහෙදීරගේ නව නිර්මාණ 30ක් ඇතුළත්වන එම ප්‍රදර්ශනය මැයි මාසය අවසන් වනතුරුම පැවැත්වෙයි.
චිත්‍ර ප්‍රදර්ශනය ආරම්භවුයේ ලේච්වර්ත් පදනම් ආයතනයේ ප්‍රධානී විලියම් ආර්මිටෙජ් සහ උතුරු හාර්ට්ෆාර්ඩ්ෂයර් ප්‍රාන්ත සෞඛ්‍ය සේවා ප්‍රධානී ජෙරමි ක්රෝක්ස්ෆර්ඩ් ප්‍රධාන අමුත්තන් ලෙස සහභාගීවු කෙටි උත්සවයකිනි.
බ්‍රිතාන්‍ය මහා රැජිනගේ සහ ඩයානා කුමරියගේ විශාල චිත්‍රදෙකක් ඔහු මෙම ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත්කර ඇති චිත්‍ර මුර්ති සහ ප්‍රස්තාරික නිර්මාණ අතර කැපීපෙනෙන නිර්මාණ විය.
වසරවිසිපහක පමණ කාලයක් තිස්සේ චිත්‍ර කලා නිර්මාණයන්හි යෙදී ඉන්නා සෙනෙහෙදීරශ්‍රී ලංකාවේ, ජපානයේ සහ එංගලන්තයේදී ද චිත්‍ර ප්‍රදර්ශන කිහිපයක්මඉදිරිපත් කර ඇත. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංස්කෘතික සහ ආගමික වැඩ කටයුතුසඳහා තම නිර්මාණ සහ ශ්‍රම දායකත්වය ස්වෙච්ඡාවෙන් ලබාදෙන සෙනෙහෙදීර ලන්ඩන් නුවර නිෂ්පාදනය කළ චිත්‍රපට සඳහාද තම සහයෝගය ලබාදී ඇත.
ස්කොට්ලන්තයේ සහ ලේච්වර්ත් නගරයේ ශ්‍රී ලාංකික බෞද්ධ විහාරයන් දෙකෙහිම බුදුමදුරු නිර්මාණය කරන ලද්දේද ඔහු විසිනි.
ලන්ඩන්මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයෙන් චිත්‍රකර්ම උපාධියක් ලබාගත් සෙනෙහෙදීරදැනට ඇන්ග්ලියා විශ්වවිද්‍යාලයේ සිනමා රුපවාහිනී සහ මාධ්‍ය භාවිතය පිලිබඳ පශ්චාත් උපාධියක් සඳහා පර්යේෂණාත්මක කෘතියක් සකස්කරමින් සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ආඩම්බරයක්. අපේ කෙනෙක්නේ. ඔබගේ චිත්‍ර දැක්ම නැරඹීමට අනිවාර්යයෙන්ම එනවා.මොකද, මගේ අයියා ශ්‍රි ලංකාවේ චිත්‍ර ශිල්පියක්. මහ රැජිනගේ සිල්වර් ජුබිලියට රැජිනගේ පින්තුරය ඇද පළවැනි තැන දිනාගත්තේ මගේ දුව අවුරුදු දොළහේදී.ලංකාවෙන් ඇවිත් ඉන්න ළමයි හැමෝම මෙය නැරඹීමට යන්නම ඕනෑ. (නි)
ඔබට සියලුම ලාංකිකයන්ගේ ප්‍රනාමය ස්තූතියි.(නදී)
සුද්දා සාමාන්‍ය විදියට ඇදලා ඉන්න ලස්සන බලන්නකෝ. (නි)