(සුජිත් හේවාජූලිගේ සහ ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම තමා දැක නැති බවත් ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ පවා සාකච්ඡා නොකෙරුණු බවත් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී අද (24) පැවසීය.
“මේ ගිවිසුමෙන් අපට වන බාධා පිළිබඳව අපි දැනුම්වත් නැහැ. ඒ ගැන සොයා බලනවා” යැයි ඔහු කීය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම පිළිබඳව මතු වූ සංවාදයකදී ය.
මේ පිළිබඳව අදහස් දැක්වූ අර්ජුන රණතුංග මහතා මෙසේ පැවසීය.
“අප ගිවිසුම දැකලා නැහැ. ඒක දැන් පාර්ලිමේන්තුවට දෙනවා කියනවනේ. මං රටට හානියක් වන කිසිම දෙයක් කරන්නේ නැහැ. ආයෝජකයන් ගේනවා නම් මා රටට හොඳ විදියටයි කරන්නේ. මම ඉන්නකම් සංස්ථාව පෞද්ගලීකරණය කරන්න ඉඩ දෙන්නේ නැහැ. සංස්ථාවේ ලාභය යන්න ඕන ජනතාවටයි. අපි තෙල්වලට මිල සූත්‍රයක් දැම්මා. ඒක ලෝකෙ හැම තැනක ම තියෙන දෙයක්.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැබිනට් එකවත්, පාර්ලිමේන්තුවවත්, ඇමැතිවරුවත් නොදන්නා සිංගප්පූරු ගිවිසුමක්...
දැන් මෙම " මහජන නියෝජිතයා " පවසන දෙය සත්‍ය නම් රටේ මුල් පුරවැසිය ඇතුළු සියලුම මහජන නියෝජිතයන් විසින් ලක් පුරවැසියන් සියල්ලොවම නොමග යවා ඇතිබවක් පාට පක්ෂවලින් තොරව අවංකව සිතන කෙනෙකුට වැටහෙනවා නොවේද ????
විදේශීය ආයෝජකයෝ ගෙන එන්න ඉස්සරවෙලා දේශීය සුළු සහ මධ්‍යම ප්‍රමාණයේ ආයෝජකයින්ට පහසුකම් සලසන්න .. අලුතෙන් ලංකාවේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ගියාම එක එක බලපත්‍ර ලබාගන්න රාජ්‍ය ආයතනවල මාස කිහිපයක් රස්තියාදු වෙන්න සිදු වෙනවා. රාජ්‍ය බැංකුවකින් දේපල ඇපයට තබලා ණයක් ගන්න ගියහමත් රස්තියාදුව...
ඕක දැක්කේ නැත්නම් වගකිව යුතු කෙනෙකුගෙන් ඉල්ලීමක් කරලා ලබාගෙන කියවන්න අර අපොස සාමාන්‍යපෙළ වත් සමත් නැති මන්ත්‍රීවරු කරනවා වගේ... අපි දන්නේ නැහැ. දැක්කේ නැහැ. මතක නැහැ කියලා මග අරින්න බැහැ. ඔබතුමාට මේ ගැන හොඳ දැනුමක් තිබෙන බව අපි දන්නවා
මින් ඉදිරියට වෙනත් රටවල් එක්ක ගිවිසුම් අත්සන් කරනකොට ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අවසර ලබා ගත යුතු බවට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරන්න, එතකොට මේ කිසි ප්‍රශ්නයක්වත් නැහැනේ. මේක තමයි නියම ප්රජාතන්ත්රවාදය,
මෙවැනි වෙළඳ ගිවිසුම් දහය වසර නොසමත් මන්ත්‍රී වරුන්ගෙන් පිරි ලංකාවේ පාර්ලිමේන්තුව වැනි තැනකට ඉදිරිපත් කිරීමේ එතරම් අර්ථයක් නැහැ. එයට හේතුව නම්, මෙවැනි ගිවිසුමක අන්තර්ගතය මේ බොහෝ දෙනෙකුට නොතේරෙන අතර, ඔවුන් බොහෝවිට සිදු කරන්නේ යන්නන් වාලේ ගිවිසුමකට විරුද්ධ වීම පමණයි. පසුගිය සතියේ දෙරණ රුපවාහිනී නාලිකාවේ පැවති සංවාදයකදී හෙළිවූයේ බන්දුල ගුණවර්ධන වැනි "ආර්ථික විශේෂඥයින්" පවා මේ ගිවිසුම වැරිදි ආකාරයකට වටහාගෙන තිබූ බවකි. එබැවින්, මා සිතන්නේ ජනාධිපතිවරයා මේ පිළිබඳව පත් කළ කොමිසමේ වාර්තාව ලැබෙන තෙක් සියලු දෙනා ඉවසා සිටිය යුතු බවයි.
ගිවිසුම දැක්කාය කියා ඇති පලේ මොකක්ද? ක්‍රිකට් ගහපු ඔබට මේ ගිවිසුම කියවා තේරුම් ගැනීමේ හැකියාවක් තිබෙනවාද?