(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳාම සමඟ සම්බන්ධ කෙරෙන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් (ITO) මෙරට පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි තීරණය කර තිබේ.
ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ ආයතන වෙන් වෙන්ව ගනු ලබන තීරණ වල අඩු පාඩු මඟහරවාලමින් එම කටයුතු වඩා කාර්යක්ෂම සහ විධිමත් කර ගැනීම වෙනුවෙන් මෙම නව කාර්යාලය ස්ථාපනය කෙරෙන අතර අදාළ සියලු ආයතන සම්බන්ධීකරණය කර ගනිමින් ජාත්‍යන්තර වෙළෙඳ අංශයන්හි උපරිම දායකත්වය රටේ ආර්ථිකයට ලබාදීම මෙමගින් සිදු කෙරෙනු ඇත.
පළමුව දකුණු ආසියාව සමඟ සම්බන්ධ වී පසුව නැගෙනහිර දක්වා ව්‍යාප්ත වෙමින් චීනය, තායිලන්තය හා ඉන්දුනීසියාව සමඟ සම්බන්ධ වීමට රජය අපේක්ෂා කරයි. අවසානයේදී ලෝක ආර්ථිකයෙන්, වෙළෙඳාමෙන් හා ජනගහනයෙන් 30%ක හිමිකාරීත්වය දරන "කලාපීය "විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (Regional Comprehensive Economic Partnership - RCEP) සමග සම්බන්ධ වීම ශ්‍රී ලංකාවේ අරමුණයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් පුවත් ලියන එකත්, කියවන එකත් කලය කා දැමීමක්. කර්යාල හදයි, සාකච්චා සහ සම්මන්ත්‍රන තියයි කමිටු පත් කරයි. සමහර එවට විශය භාර ඇමතිවරුනුත් අද පැයක් ප්‍රමාද වී පැමිනෙයි. මෙ පින් ජනදිපතිට කල හැකි අන් කිසිවක් නැත.
"අයිස්" වලින් මුළු ලෝක වෙළෙඳාමම අල්ලගත්ත රටක්නෙ...!
එච්චර දුර යන්න ඕන නැහැ, ඔයාට යන්නත් බැරි බව දන්නවා. පුළුවන් නම්, විදුලි කප්පාදුව, ඉන්ධන, ගෑස්, බෙහේත් හිඟය නැති කරන්න කෝ. මෙයාට තාම නැගිටින්නවත් බැහැ, පනින්න හදනවා.
මෙ කාර්යාලෙ එවුන්ගෙ හොද්ද බොර වේ..ආර්තිකේ කෙසේ වෙතත්...යකො මෙ තියෙන එකෙන් ගොඩ එන්න බලපන් මුලින්ම
ලෝක වෙළෙඳාම අල්ලන්න බාල බඩු හදලා බැහැ. මලකඩ නොබැඳෙන තීන්තවලින් මලකඩ හැදෙනවා. සෝඩා බීමවල එක වායු බුබුලක් නැහැ.
ලෝක වෙළෙඳපළ අල්ලන්න ලංකාවේ මොන ඉටිගෙඩියක්ද හදන්නේ?
ලෝක බැංකුව අල්ලන්නත් බැරි වෙන එකක් නෑ...
නෝ කමෙන්ට්ස්