ලංකා වෘත්තීය සමිති සම්මේලනය එළැඹෙන ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර ඇතැයි එම සම්මේලනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
හතලිස් ලක්ෂයක් පමණවූ පෞද්ගලික අංශයේ කම්කරුවන් හා පොදු මහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට එම තීරණය ගත් බවත් පසුගිය කාලයේ විධායකය විසින් ව්‍යවස්ථාදායකය හා අධිකරණයට බලපෑම් කිරීම හේතුවෙන් ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් අහුරා ඇති බවත් එම සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඩී.ඩබ්ලිව්.සුබසිංහ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා! ජය සිකුරුයි ... (නි)
දිසානායක මහත්තයා දන්නවද දන්නෙ නැහැ ඔය කියන සමිතියේ සමස්ථ සාමාජික සංඛ්‍යාව. සාමාන්‍යයෙන් ආයතනයක ස්ථාන මාරු මණ්ඩලයට සහභාගි වීමට අදාල වෘත්තීය සමිතියේ සමාජික සංඛ්‍යාව සියයට පහලොව ඉක්මවන්න ඕනා. මෙයාලට මොන ආයතනයේද එම මණ්ඩලයකට සහභාගි වෙන්න පුළුවන් කියලා හොයලා බලන්න. එතකොට කාටද ජය සිකුරු කියලා පෙනේවි. (නදී)
ඔය යූනියන් එකේ ඡන්ද කීයක් විතර තියෙනවද හැබැටම?(හේ)
ඔයාගේ සමිතියේ ඡන්ද කොච්චර විතර තියෙනවද? (නදී)
ජයවේවා,ජයවේවා..! (ම)