කොරියාවේ සෝල් නුවරදී පැවැති ලෝක රෝද පුටු ටෙනිස් කණ්ඩායම් ශූරතාවලියේදී (IIවැනි කොටස) තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ උපාලි රාජකරුණා සහ ගාමිණී දිසානායක විසින් ජර්මනිය තරග 3-0 කින් පරාජය කරන ලදහ. අවසන් පුර්ව වටයේදී ප‍්‍රබල දකුණු අප‍්‍රිකානු පිල හමුවේ ශ්‍රී ලංකා පිල තරග 3-0 කින් පරාජය ලැබීමත් සමග ශ්‍රී ලංකාවට ලෝක රෝද පුටු ටෙනිස් කණ්ඩායම් තරගාවලියේ පළමු කොටසට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමිව ගියේය. ඒ අනුව තෙවැනි ස්ථානය සඳහා ජර්මනිය සමග ශ්‍රී ලංකාව තරග වැදුණි. ශූරයන් වු තායිලන්තය සහ අනුශූරතාව දිනාගත් දකුණු අප‍්‍රිකාව ලෝක රෝද පුටු ටෙනිස් කණ්ඩායම් තරගාවලියේ පළමු කොටසට සුදුසුකම් ලැබීය. පසුගිය වසරේ පස්වැනි ස්ථානයට පත් වු ශ්‍රී ලංකා පිල මෙවර රටවල් 12 ක් අතරින් තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීම කැපී පෙනේ. තරගාවලියේ මුලික වටයේ ‘සී’ කොටසේ තරග කළ ශ්‍රී ලංකා පිල, ඉතාලි කණ්ඩායම තරග 2-1 කින්ද, ස්ලොවැකියාව තරග 3-0 කින්ද පරදවා අවසන් පුර්ව වටයට පිවිසියේය. ගාමිණී සහ උපාලි කොරියාවේදී අන්තර්ජාතික විවෘත රෝද පුටු ටෙනිස් තරගාවලියට ද සහභාගිවීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෝක රෝද පුටු ටෙනිස් ශූරතාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට තෙවැනි ස්ථානය