කොරියාවේ සෝල් නුවරදී පැවැත්වෙන ලෝක රෝද පුටු ටෙනිස් කණ්ඩායම් ශූරතාවලියේදී (II වැනි කොටස) අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිල නියෝජනය කරන උපාලි රාජකරුණා සහ ගාමිණී දිසානායක ඊයේ (23) සමත්වුහ.
අන්තර්ජාතික රෝද පුටු ටෙනිස් සම්මේලනයේ මෙහෙයවීමෙන් මේ මස 27 දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් පුර්ව වටයේදී ශ්‍රී ලංකා පිල, දකුණු අප‍්‍රිකාව සමග තරග කිරීමට නියමිතය. තායිලන්තය සහ ජර්මනිය අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත් සෙසු රටවල් දෙක වේ.
තරගාවලියේ මුලික වටයේ ‘සී’ කොටසේ තරග කළ ශ්‍රී ලංකා පිල ඊයේ පැවැති තරගයෙන් ප‍්‍රබල ඉතාලි කණ්ඩායම තරග 2-1 කින් පරාජය කිරීමට සමත්විය. ‘සී’ කොටසේ ස්ලොවැකියාව, ඉතාලිය සහ ශ්‍රී ලංකාව තරග කළ අතර එහිදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ තරග 3-0 කින් ස්ලොවැකියාව පරාජය කළහ.
උපාලි රාජකරුණා සහ ගාමිණී දිසානායක ශ්‍රී ලංකාවේ අංක එකේ රෝද පුටු ටෙනිස් ක‍්‍රීඩකයෝ දෙදෙනා වෙති. ඉතාලියට එරෙහිව පැවැති තරගයේ පළමු කේවළ ඉසව්වේදී ගාමිණි දිසානායක විසින් ඉවන් ලියොන් පරදවා (6/1, 6/1) සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද, උපාලි රාජකරුණා දෙවැනි කේවළ ඉසව්වේදී ෆේබියන් මසායි හමුවේ පරාජය (6/4, 6/1)ලැබීය.
තීරණාත්මක යුගල ඉසව්වේදී තියුණු තරග වට තුනකින් පසුව (6/3, 5/7, 6/4) ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ජය ලැබුහ.
රෝදපුටු ටෙනිස් ජාතික ශූරයා වන උපාලි රාජකරුණා ලෝක රෝදපුටු ටෙනිස් ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ අතරේ 71 වැනි ස්ථානයේ සිටින අතර ගාමිණී එහි 79 වැනි ස්ථානයේ පසුවෙයි.
ශ්‍රී ලංකාව ලෝක රෝද පුටු ටෙනිස් කණ්ඩායම් තරගාවලිවලදී තෙවැනි හා පස්වැනි ස්ථාන හිමිකර ගැනීමට ද සමත්ව තිබේ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ලෝක රෝද පුටු ටෙනිස් ශූරතාවලියේදී උපාලි - ගාමිණී අවසන් පූර්ව වටයට එති
ඉන්දික Friday, 25 May 2012 09:14 AM
උණුසුම් සුභ පැතුම්
දර්ශන Friday, 25 May 2012 09:19 AM
ජය ඔබටයි.
අනුරාධ Thursday, 24 May 2012 07:25 PM
දිරිය දරුවනි, ඔබට ජය නියතයි
ජය Thursday, 24 May 2012 02:57 PM
මේ ක්‍රීඩකයන්ව රැක ගැනීම ක්‍රීඩා බලධාරීන‍්ගෙ යුතුකමක්. මෙන්න නියම ක්‍රීඩකයෝ. සුභපැතුම්!!!
ප්‍රසන්න Thursday, 24 May 2012 03:24 PM
මේක මේ හිතන තරම් ලේසි ගේමක් නෙමෙයි.ඔබට හදවතින්ම සුභ පැතුම්! කෝ මේ අපේ කට්ටිය? හොද දේකට නම් කමෙන්ට්ස් ලියන්නේ නෑ. කුණු ගොඩවල් නම් අවුස්සයි යස අගේට
ඩයනා Thursday, 24 May 2012 04:05 PM
මේ උපාලිල ගාමිණීල කොළඹ ටෙනිස් සංගම් ටෙනිස් පිටියෙ පුහුණු වෙනව බලන්න යන්න කියලා ක්‍රීඩාවට හිත ඇති අයට කියන්න කැමතිය. එතකොට තේරෙයි මේ ක්‍රීඩාවෙ තරම. උපාලි සහ ගාමිණී මේ ලබන්නෙ දහඩිය කදුළු අතරින් ලබාගත් ශක්තියේ ජයග්‍රහණයයි. ඔබ ශ්‍රී ලංකාවට අභිමානයක්...!!