දිගු කාලීන ගැටුම් වලට මුහුණ දී සාමය තහවුරු කිරීමට උත්සාහ කරන රටවල් සඳහා බලවත් රටවල මූල්‍ය දායකත්වය ඉහළ නැංවිය යුතු බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.එක්සත් ජාතීන්ගේ මහලේකම් විසින් ස්ථාපිත කරන ලද සාමය ගොඩනැගීමේ අරමුදලට පොරොන්දු වූ දායකත්වය බලවත් රටවලින් මෙතෙක් හිමිවී නොමැති බවද අමාත්‍ය සමරවීර මහතා සඳහන් කර සිටී.
ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව පැවති සාමය ගොඩනැගීමේ ආධාර සමුළුවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දක්වමින් මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ සාමය ගොඩනැගීමේ අරමුදලෙන් උපකාර ලැබිය යුතු රටක් ලෙස ශ්‍රී ලංකාවද නම් කර ඇති බවත් ,2015 ජනවාරි 8 වැනිදා ශ්‍රී ලංකාවේ සිදුවූ බල පෙරළියත් සමඟ මෙරට යහපාලනය ,ප‍්‍රජාතන්ත‍්‍රවාදය ,මානව හිමිකම් , නීතියේ ආධිපත්‍යය හා යුක්තිය වෙනුවෙන් බොහෝ වැඩ කොටසක් ඉටු කිරීමට හැකි වූ බවය.විශේෂයෙන් දිගු කාලීන සාමය තහවුරු කිරීම වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කරමින් සිටින්නේ යැයි ද විදේශ අමාත්‍යවරයා පැවසීය.එසේම එමඟින් ලැබුණු ආධාර මත උතුරේ නැවත පදිංචි කිරීම් හත්දහසක් පමණ සිදු කිරීමටද ශ්‍රී ලංකා රජයට හැකිවූ බව අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදී කීය.
දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ පැවති යුද්ධයෙන් පසුව නැවත ගොඩනැඟීම , ප‍්‍රතිසන්ධානය හා යුද්ධය නැවත ඇතිවීමට ඉඩ නොදීම වෙනුවෙන් ශ්‍රී ලංකාව කටයුතු කරන මේ මොහොතේදී මෙවැනි අරමුදලක වටිනාකම තම රජය හොඳින්ම දන්නා බවද හෙතෙම පෙන්වා දුන්නේය.
එබැවින් යුද්ධයෙන් පීඩා විඳින රටවල් ඇතුළුව ලොව පුරා සාමය තහවුරු කිරීමේ ක‍්‍රියාවලියට අදාළ අරමුදල තවදුරටත් ශක්තිමත් කරලීමට ලෝකයේ බලවත් රාජ්‍යයන් පියවර ගත යුතු බවද විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එහිදී සඳහන් කර සිටියේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ලොකු රටවල් ආඬි හත්දෙනා වගේලු