මෙරට මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කළ නිර්දේශ සහ ලක් රජයට සහාය පළ කරමින් ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ විවාදයේදී මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් ජිනිවා මානව හිමිකම් සමුළුවේදී අද (30) අදහස් දැක්වීමට නියමිතය
එය ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.0 - 3.30 ත් අතර කාලයේදී ආරම්භ වනු ඇතැයි ජිනීවා තානාපති ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකාවේ අවසන් යුද සමයේ ශ‍්‍රී ලංකාවේ සිදුවූවා යැයි පැවසෙන මානව හිම්කම් කඩවීම් පිළිබඳ සොයා බැලීම සඳහා හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිට විය යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු යෝජනා කර තිබු අතර එහෙත් මානව හිමිකම් පිළිබඳව සොයා බැලීමට ලක් රජය යෝජනා කළ දේශීය යාන්ත‍්‍රණයට සහාය පළ කරමින් ඇමරිකාව ජීනිවා මානව හිමිකම් කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කළ අතර ඊට බි‍්‍රතාන්‍යය ප‍්‍රමුඛ රටවල් කිහිපයක් සම අනුග‍්‍රහය දක්වන බව ද ප‍්‍රකාශ කළේය. ඒ අතර ඕස්ටේ‍්‍රලියාව මෙන්ම පැරණි යුගොස්ලෝවියා ජනරජ දෙකක් වන මොන්ටිනීග්‍රෝ සහ මැසිඩෝනියාවද සිටී. ශ‍්‍රී ලංකාව ද ඇමරිකා යෝජනාවට සම අනුග‍්‍රහය දක්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්‍යෙන්ම ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රෙලියාව වගේ දියුණු රටවල සහය අරගෙන හමුදාවේ සුලු පිරිසක් කළ යුද අපරාද ගැනත් අපි සොයාබැලිය යුතුයි...(ම)
මේ යාන්ත්‍රණය ගැන තව දුරටත් මා නම් හිතන්නේ නැහැ. අප මොකටද නිකම් ඔලුව කුරුවල් කරගන්නේ. අගමැතිතුමා හිතන දේ හොඳින් හෝ නරකින් එතුමා කරනවා. (ම)
ධම්ම මට අමතක වුණා , ජනාධිපති තුමා ගේ මුලික කාරය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාලනය කිරීම, සන්ධානය පාලනය කිරීම, ලියුම් ලිවීම , විනය පරීක්ෂණ පැවැත්වීම, ලේකලා මාරු කිරීම වගේ දේවල් නේ ,(අ)
ධම්ම මහතා හරියටම හරි. එතකොට අපේ විධායක ජනාදිපති පති තුමා ඉන්නේ මොකටද ?(ම)