IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලෝක බොදු සමුළුව චීනයේ

උත්තරීතර සදහම් මග පසක් කළ 27 වෙනි ලෝක බෞද්ධ මහා සමුළුව   චීනයේ බඕජි නගරයේ පිහිටි ලෝක ප්‍රකට ඓතිහාසික ෆාමන් විහාරස්ථානයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.                

බුදුන් දෙසු ධර්මයට අනුව යමින්   බොදු ඉගැන්වීම් මනාව පිළිපැදීමින් ධර්මය ප්‍රචාරණය කිරීම  මෙන්ම ලෝක බෞද්ධයන් අතර සහෝදරත්වයත්, සහජීවනය වඩාත්  වර්ධනය කරගැනීම  මෙහි අරමුණ විය.

ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් එක් කරළමින් මීට හැට හතර වසරකට පෙරාතුව, එනම්, වර්ෂ 1950 දී කොළඹ දී ආචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ  දායකත්වයෙන් ආරම්භ කරන ලද මෙම ලෝක බෞද්ධ මහා සම්මේලනය තුළින් යහපත් බොදු සමාජයක් ඇති කිරීම සඳහා මනා දායකත්වයක් ලබා දෙන්නා සේම, සමාජ, අධ්‍යාපන හා සංස්කෘතික ක්‍රියාකාරකම් කෙරෙහි ද ප්‍රමුඛත්වයක් ලබා දේ.

ලෝක සාමය හා සහජීවනය වෙනුවෙන් වඩාත් ඵලදායී අයුරින් ක්‍රියා කිරීම අරමුණු කරගනිමින් තෙදිනක් තිස්සේ ලොව පුරා රටවල් 30 ක, බෞද්ධ නායක ස්වාමීන්වහන්සේලා මෙන්ම ගිහි ප්‍රභූ 600 ක පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම 27 වෙනි මහා සමුළුව  චීනයේ පැවැති ප්‍රථම අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.

මෙවර සමුළුව  සඳහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් කොළඹ - හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර මහා පරිවෙණාධිපති   ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ දූත පිරිසක් ද සහභාගී වූ අතර, එහිදී  ජනාධිපති මහින්ද රාජපක‍ෂ  මහතාගේ විශේෂ ශුභාශිංසන පණිවිඩයක් ද ඉදිරිපත් කෙරිණි.

අර්බුද වලින් පිරි අද ලෝකයේ පවතින ගැටළුකාරී තත්ත්වයන් වළක්වා ගැනීම  සඳහා  මීට සියවස් විසි පහකට පෙරාතුව ලොව්තුරු බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ධර්මය, එදා මෙන්ම අදට  වඩ වඩාත් උචිත බවත්, සාමය, කරුණාව, මෛත්‍රිය හා එකිනෙකාට ගරු කිරීම මත පදනම්ව ලෝකයාට දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මස්කන්ධය තුළින් ලෝක සාමයට මනා පිටිවහලක් සපයන බවත්  එම  පණිවිඩය ඔස්සේ පෙන්වා දී තිබිණි.

ධම්ම පද පාලියේ ලෝක වග්ගයේ ඇතුළත්  ‘‘උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය ධම්මං සුචරිතං චරෙ, ධම්මචාරී සුඛං සෙති අස්මිං ලොකෙ පරම්හි ච‘‘  ගාථාව උපුටා දක්වමින් ලෝකවාසීන් සුචරිතයේ යෙදීමේ ඇති වැදගත්කම, සිය පණිවිඩය ඔස්සේ  ජනාධිපතිවරයා  අවධාරණය කර සිටියේය.

මෙම  හරවත් පණිවිඩය වෙත බොහෝ දෙනාගේ අවධානය යොමු වූ අතර, කාලීන වැදගත්කමක් ඉසිලු එහි වටිනා කරුණු ප්‍රශංසාවටත්, අගය කිරීමටත් ලක්විණි.

20,000 කට අධික වෙහෙර විහාරස්ථානයන් පිහිටි චීනයේ, මිලියන 300 ක අධික බොදු බැතිමතුන් ජීවත්වන අතර, භික‍ෂූන්වහන්සේලා ලක‍ෂ 02 කටත් වඩා වැඩි සංඛ්‍යාවක් වැඩ වාසය කරති. මහත් ගරුබුහුමන් පෙරදැරිව චීන සම්ප්‍රදායානුකූල ආගමික වත්පිළිවෙත් වලින් ඇරැඹි මෙම සමු`ඵව තුළින් බෞද්ධ පුනරුදයක් වෙනුවෙන් මනා දායකත්වයක් දක්වූවා සේම, සමු`ඵවේ සාර්ථකත්වය වෙනුවෙන් සෑම දෙනෙකුගේම දායකත්වය කැපී පෙනුණි.

චීන බෞද්ධ සංගමයේ සභාපති අතිපූජ්‍ය චුවාන් යින් නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, මෙවන් සමු`ඵවක් ප්‍රථම වරට චීනයේ පැවැත්වීම තුළින් චීන බෞද්ධයන් හා ලෝක බෞද්ධයන් අතර සහෝදරත්වයේ දෑත් දිගු කිරීම ස`දහා කදිම අවස්ථාවක් උදා වූ බවයි.

එමෙන්ම, ලෝක බෞද්ධ මහා සම්මේලනයේ මහලේකම්. පල්ලොප් තායිරී මහතා සිය අදහස් දැක්වීම තුළින් කියා සිටියේ, රට රටවල් අතර මෙන්ම බොදු සමාජ අතර අදහස් හුවමාරු කරගනිමින් එකිනෙකා අතර අත්දැකීම් ඛෙදා හදා ගැනීම සඳහා මෙය කදිම තෝතැන්නක් වන බවය. එමෙන්ම, සමගිය හා සහෝදරත්වය වර්ධනය කරගැනීම වෙනුවෙන් ලෝක බෞද්ධ මහා සම්මේලනය නිරන්තරයෙන් කැපවී සිටින බවත්  ප්‍රකාශ කළේය.

තෙදිනක් පුරා පැවැති සමුළුවේ සමාප්ති උත්සව අවස්ථාව සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාව වෙනුවෙන් විශේෂ අනුශාසනාවක් සිදු කළ ශ්‍රී ලංකා දූත පිරිසේ ප්‍රධානී.  ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියෝ පෙන්වා වදාළේ, ථෙථරවාද, මහායාන, වජ්‍රයාන හා තන්ත්‍රයාන අදහන සැදැහැවතුන් එකට ඒකරාශී කරගනිමින් මනා ගිහි පැවිදි සම්බන්ධයක් ඇති කරළීමට මෙම සම්මේලනයට හැකි වූවා සේම, එතුළින් එකම ශාස්තෘවරයාණන් වහන්සේ නමකගේ ධර්මය ලොව පුරා ව්‍යාප්ත කරළීමට හැකියාව ලැබූ බවයි.

මෙවන් අභිමානවත් සමුළුවක ඇති වැදගත්කම වෙනුවෙන් ත්‍රෛයිනිකායික ගෞරවණීය මහා සඟරුවනේ මෙන්ම, ලක්වැසියන්ගේ පූර්ණ ආශිර්වාදය පිරිනමන බවත් වදාළ කුසලධම්ම හිමියෝ  චීනයත් ශ්‍රී ලංකාවත් අතර පවතින දීර්ගකාලීන මිතුදම ද මෙහිදී සිහිපත් කර සිටියහ.

මෙවර සමුළුවට සහභාගී වූ ගිහි පැවිදි පිරිසට පුරාණ සේද මාවතේ සමාරම්භය සනිටුහන් වූ චීනයේ ෂියෑංෂි පළාතේ ඓතිහාසිකත්වය මනාව දැක බලා ගන්නට හැකි විය. එමෙන්ම, ශ්‍රී ලංකා දූත පිරිසට තවත් භාග්‍යවන්ත උතුම් අවස්ථාවක් උදාකරළමින්, බුදුරජාණන් වහන්සේගේ දක‍ෂිණ දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින චීනයේ බීජිං නුවරට ම`දක් ඈතින් පිහිටි ලිංගුවාන්ග් විහාරස්ථානය වෙත ගොස් දන්ත ධාතූන් වහන්සේ විරාජමානව වැඩ සිටිනා ආකාරය ඒ අභියසටම ගොස් සියැසින් දැකබලා වැ`ද පුදා ගැනීමටත් අවස්ථාව ලැබිණි.

ලොව පහල වන සියලූ බුදුවරුන්ගේ ඒකායන ඉගැන්වීම වන ‘‘සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානු සාසනං‘‘  යන උතුම් වදං පෙළ මනාව පසක් වූ සමුළුවක සාඩම්බර සමාප්තිය එළෙස සනිටුහන් විය.

 1 02 05

 

03 04

 



අදහස් (0)

ලෝක බොදු සමුළුව චීනයේ

දමින්ද Sunday, 09 November 2014 05:33 PM

බුදුන් වහන්සේගේ ධර්මය සැමදා සත්‍යයයි (නි)

:       0       0

නිශේන් Thursday, 06 November 2014 05:07 PM

ඉතාමත් අගය කළයුතු කාලෝචිත ක්‍රියාවකි (නි)

:       0       0

සුරුවන් Friday, 07 November 2014 08:45 AM

මට හිතෙන්නේ බෞදධ දරශණයත් ටිබෙටයත් ආසියානු උරුමයන් වුනාට දලයි ලාමා තුමා ඊට ප්‍රතිවිරුදධ බටහිර ගැති ප්‍රතිපත්තියක ඉන්න බවයි.(හේ)

:       0       0

දුමින්ද Friday, 07 November 2014 04:45 PM

බුසු සසුන බැබළේවා! (නි)

:       0       0

කසුන් ධර්මවංශ Thursday, 06 November 2014 08:30 PM

මෙවන් වූ සාර්ථක සඟ සමුළුවක් අප රටේද පැවැත්වීමට හැකිවේවායි පතමි (නි)

:       0       0

ලලිත් Friday, 07 November 2014 11:50 AM

බුදු සසුන බැබළේවා!!!!! (නි)

:       0       0

දයාල් Thursday, 06 November 2014 11:51 PM

පුදුමාකාර ලස්සනක්. හිතට හරි සතුටක් දැනෙනවා (නි)

:       0       0

රංගන Tuesday, 18 November 2014 05:15 PM

මුළු ලොව බොදු සුවඳ පැතිරේවා! (නි)

:       0       0

නන්දසේන Friday, 07 November 2014 12:16 AM

සාධු සාධු සාධු!! (නි)

:       0       0

අසේල Friday, 07 November 2014 02:03 AM

අද කාලයට ගැළපෙන දෙයක්. සාධු සාධු!! (නි)

:       0       0

ලුම්බිණි Friday, 07 November 2014 03:48 AM

හැබැයි මේ විදියට නොවෙයි චීනය ටිබෙට් වල ඉන්න හාමුදුරුවරුන්ට සලකන්නේ. මොකද දන්නේ නැහැ එහෙම කරන්නේ. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 879 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site