වතුර, විදුලිය ඇතුළු මූලික අවශතාවන් නැති පාසල් රැසක් තිබිය දී ඒවා සංවර්ධනය කරනවා වෙනුවට ලෝක බැංකුවෙන් ණය ගෙන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් රට යැවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් තිබෙන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද (22) පැවසීය.
මේ වන විට බස්නාහිර පළාත් කලාප අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් තායිලන්තය හා පිලිපීනය බලා යවා ඇති බව ද, ඉදිරියේ දී උතුරු මැද සහ උතුරේ කලාප අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන්ට යැවීමට නියමිත බව ද, එක් චාරිකාවක් සඳහා වැය කරන මුදල රුපියල් කෝටි 11ක් පමණ බව ද ස්ටාලින් මහතා කීවේය.
ඔහු මේ බව පැවසුවේ කොළඹ කොටුවේ ගුරු මැදුර ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව එම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ස්ටාලින් මහතා මෙසේ ද කීවේය.
‘ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපන සේවයේ දේශපාලන පළිගැනීමේ පදනම මත පත්වීම් 4800ක් ලබා දීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. අපි ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළා. එසේ තිබිය දීත් පත්වීම් දීමේ සූදානමක් තිබෙනවා.
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ විභාගයෙන් පසු 3859 දෙනකුට පත්වීම් ලබා දුන්නා. ඔවුන් සඳහා පසුගිය මැයි නව වැනිදා සිට ජුනි 16 වැනි දා තෙක් පුහුණවක්ද ලබා දුන්නා. නමුත් තවමත් ඔවුන් ස්ථාන ගත කර නෑ. ඔවුන්ට පාසල් ලබා දී නෑ. පත්වීම් ගත්තු සමහරු ඒ නිසා කළින් හිටපු පාසල්වලම පන්ති කාමරවල ඉගැන්වීම් කටයුතු කරනවා.
වැඩ බලන විදුහල්පතිවරුන් තවමත් ඉවත් කර නෑ. අධ්‍යාපන ඇමැතිවරයා විපක්ෂයේ සිටිය දී දේශපාලන පත්වීම්වලට හා වැඩ බලන විදුහල්පති වරුන් තබා ගැනීම ගැන විවේචනය කළා. නමුත් දැන් වෙන්නෙත් ඒදේම තමයි. විදුහල්පති පත්වීම් ලැබූවන්ට පාසල් ලබා නොදෙන්නේ වැඩ බලන විදුහල්පතිවරුන් සහ දේශපාලන පලිගැනීම් යැයි කියමින් පත් කරන අයට පුරප්පාඩු තබා ගන්නද කියා අපි අහනවා.
ලෝක බැංකුවෙන් විශේෂ ණයක් අරගෙන කලාප අධ්‍යක්ෂවරුන් රට යවන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. එක් සවාරියක් සඳහා වියදම මිලියන 116ක් පමණ. චෝදනා ලත් නිලධාරීන්, විනය පරීක්ෂණ පැවැත්වෙන නිලධාරීන් සහ විශ්‍රාම යන්න ආසන්න නිලධාරීනුත් එම සවාරිය ගිහින් තිබෙනවා.
ආණ්ඩුව පත්වූ විගස කිව්වා දූෂණ චෝදනා ඇති විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බව. නමුත් තවමත් එය සිදු වෙලා නෑ. චෝදනා ලත් විදුහල්පතිවරුන් තවමත් සිටිනවා. කොළඹ ආනන්ද විද්‍යාලයය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ වෙනත් ආකාරයකටයි.
මේ ක්‍රියාත්මක වෙන වැඩ අනුව අපට පෙනෙන්නේ පරණ ආණ්ඩුව කරගෙන ගිය වැඩ පිළිවෙළම මේ ආණ්ඩුවත් කරගෙන යන බවයි.‘‘ යැයි ද ස්ටාලින් මහතා කීවේය.
ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ මොහාන් පරාක්‍රම වීරසිංහ මහතා ද, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමයේ ලේකම් ජගත් ආනන්ද සිල්වා මහතා ද, පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් දයාරත්න පටබැඳි මහතා ද එම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තායිලන්තයේ හෝ පිලිපීනයේ අධ්‍යාපන ක්‍රමවේදයන්ට දහස් ගුණයක් ඉදිරියෙන් තියෙන අපේ අධ්‍යාපන ක්‍රමයට ඒ රටවලින් ගන්න පුළුවන් මොනවද. අපේ රටේ අධ්‍යාපනයට වියදම් කරන්න තියෙන සල්ලිවලින් පළාත්සභා වල නිලධාරීන්ට හා දේශපාලන පන්දම්කාරයින්ට දෙන දොලපිදේනි මේ. පාසල්වල ගරාවැටෙන ගොඩනැගිලි, විද්‍යාගාර, පුස්තකාල කියක් මේ සල්ලිවලින් හදන්න පුලුවන්ද? (බ)
පක්ෂ පාට සිඳලා දැවැන්ත ජාතික සන්ධානයක අවශ්‍යතාව මතු වෙමින් ඇත.(ම)
ඔය විදේශ ගමන මෙයාලට නොලැබීමේ වේදනාව තමයි ඔය. ඕක දුන්නෙ නැත්නම් කියන්නේ විදේශ පුහුණු අවස්ථා කප්පාදුව කියලා. ඔය යවන්නේ ඔය රටවල අධ්‍යාපන ආයතන වල නිරීක්ෂණ චාරිකාවක්.බලාපොරොත්තුව තමයි ඒ රටවලින් හොඳ යෝජනා ලංකාවට ක්‍රියාත්මක කරන්න රැගෙන ඒම. (බ)