ශ්රී ලංකා ගුවන් හමුදා ගිනි නිවාරන හා ජිවිත ගලවා ගැනීමේ ඒකකය, කොළඹ ගිනි නිවාරන ඒකකය සමග එක්ව හදිසි ගිනි ගැනිමකදී ක‍්‍රියාකල යුතු ආකාරය පිළිබදව ලංකා බැංකු ගොඩනැගිල්ලේදී අද පෙරහුරු සරඹයක් කළේය.
මෙම වසර තුල ගුවන් හමුදාව විසින් සිදුකරන ලද 12 වන සරඹය වන අතර කොළඹ ගිනි නිවාරන ඒකකය නියෝජනය කරමින් 15 ක් ද, ගුවන් හමුදා ගිනි නිවාරන ඒකකය නියෝජනය කරමින් ගිනි නිවීමේ භටයියෝ 45 ද මෙම පුහුණු අභ්‍යාසය සදහා සහභාගි වූහ.
ලංකා බැංකුවේ සේවය කරන පුද්ගලයින් හට හදිසි අවස්ථාවකදී ක‍්‍රියාකල යුතු අකාරය පිළීබදව මෙම නිදර්ශණය මගින් මනාව අවබෝධ කර දීම අරමුණ වු අතර 1500 ආසන්න සේවයකයෝ පිරිසක් මෙම පුහුණු අභ්‍යාසය සදහා සහභාගි වූහ.
මෙහිදී පහල මාලවල සිටින පුද්ගලයින් හට ‘ජමිප් ශිට්‘ නමි වු වායු මෙටිටයකට පැනීමට සැලැස් වු අතර ඉහල මහල වල සිටින පුද්ගලයින් ‘සේෆ්ටි රෝප්‘ නමි වු කඹ ආධාරයෙන් මුදවා ගැනිමි සිදු කළේය.
මීට අමතරව ‘ස්කයි ලිෆ්ට් බ් බ්‍රොන්ඩෝ‘ නමි වු ගිනි නිවීමේ පුද්ගලයින් බේරා ගැනීමට හැකියාව ඇති ඉහලට එසවිය හැකි වාහනයක්ද ගුවන් හමුදා ගිනි නිවාරන භටයෝ යොදා ගත්හ.
මේ සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ප‍්‍රධාන ගිනි නිවාරන භාර නිලධාරි ගෲප් කැප්ටන් පී.එමි.සී.පී ඩයස් ,ගිනි නිවාරණ ඒකකයේ අංශභාර නිලධාරි ස්කොඩ‍්‍රන් ලීඩර් චමිල හෙටිටිආරචිචි යන නිලධාරින්ගේ මග පෙන්වීමෙන් සිදු කෙරුණු අතර මේ සදහා ගිනි නිවීසේ භටයෝ 35 දෙනෙකු පමණ සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතීතය මතක් වෙනවා (නි)
ඉතා හොදයි! (නි)
මාරි මෙයා අර පලවෙනි පින්තුරේ දුටුවම මටත් යන්න තිබ්බනම් (අ)
අගය කළයුතුයි (නි)
ඉතා වටිනා වැඩක්, පෙර පුහුණුව (නි)
තවමත් අපේ රටේ මිනිස්සුන්ට මේවා හුරු නැහැනේ. පේනවනේ බලාගෙන ඉන්න හැටි (නි)
වයඹ ඇමති කෙනෙකුගේ අමත්‍යංශයටත් ඔය පුහුණුව මීට පෙර දීලා තිබුණද මන්දා? (නි)
මෙච්චරයි කියන්න තියෙන්නේ.රට ආර්ථිකමය වශයෙන් ගොඩගන්න දැන් මේ ලෝකයේ කිසිම ජගතෙකුට බැහැ. (නි)
මිනිසුන්ගේ බඩගින්නත් නිවන්න බලන්න (නි)
කැනඩා දිසා, මේක ආර්ථික ගිනි නිවීමේ පෙරහුරුවක් නොවේ. අපේ රටේ ආර්ථිකය අපි බලා ගන්නම්. ඔයා කැනඩාවට වෙලා ඉන්න. ත්‍රස්තවාදය සමග යුද්ධ කරලා කවදාවත් දිනන්න බැහැ කියලා කිවුවෙත් ඔයා වගේ අය තමයි. (නි)
කැනඩා දිසා කැනඩා අගමැතිගේ නෑයෙක් වගෙයි.අපේ රට දිහා "පුල්ලි" ඇහෙන්මයි බලන්නේ. (නි)
පෙර පුහුණුව ඉතාම හොදයි සහභාගි කර ගත්තු අය වෙව්ලනවා (නදී)
විදේශ රටවල මන්ත්‍රීවරුන් වනුවෙන් ක්‍රියාත්මක වන විශේෂ හදිසි අවස්ථා ඒකකයන් තියනවා . කිසියම් හේතුවක් නිසා ඔවුනට ඉතා ඉක්ක්මනින් රෝහලට හෝ වෙනත් ස්ථානයකට ගෙනයාමට අවශ්‍ය වුවහොත් එය ඉතා කාර්යක්ෂමව කල හැකි සුවිශේෂී පහසුකම් වලින් සමන්විත හෙලිකොප්ටර් යානා මෙම ඒකක සතුව තියනවා ලංකාවෙත් මන්ත්‍රී වරුන් සහ රජයේ ඉහල නිළධාරීන් සදහා මෙවන් ඒකකයක් පිහිටවන්න .(දිල්)
ලේඛනා ගාරයේත් ඔය විදියට පෙරහුරුවක් කරා නම් හොදයි.(නදී)
ඉතාම හොදයි. මගේ අදහස අපේ ගිලන් රථ මීට වඩා නවීකරණ විය යුතුයි. තවත් විශාල වී එහි ඇතුළෙදීම රෝගියාට ප්‍රතිකාර කළවිට අතරමගදී මියයන අය අඩුවේවි (නි)
ශ්‍රියාලතාට වෙනම දෙයක් හිතිලා. (නි)
රක්ෂිත වනාන්තර ගිනි ගන්නා විට , මැඩ පවත්වන ආකාරය ගැනත් පෙරහුරු කළොත් තව තවත් වටිනවා, ජාතික උරුමයන් ආරක්ෂා කිරීමක් වශයෙන් (නි)
ඉතා වටිනවා (නි)
දුරදර්ශි ක්‍රියාවක් (දිල්)
පෙර පුහුණුව ඉතාම හොදයි...!! (නි)
මේ පෙරහුරුවත් නරක නැහැ. නමුත් මීට වැඩිය අත්‍යවශ්‍යම පෙරහුරුව මේක නෙමෙයි. මංකොල්ල කාරයෝ කඩාගෙන පැන්නම උන්ගෙනුත් බේරිලා පරිබෝගිකයොත් ආරක්සා කරගන්නේ කොහොමද කියල බැංකුවේ සේවකයන්ට වගේම බැංකුවට එන පරිබෝගියන්ටත් පෙරහුරුවක් දෙන එක. (නදී)
උපාලි ගේ අදහසින් හොඳ ඉඟියක් ලබා ගත්තෙමි. ස්තුතියි. (නි)
මං මගේ දරුවාගේ නමින් 1988 දී ළමා ගිණුමක් දැම්ම රුපියල් 250 කින්. අවුරුදු 20 කට පස්සේ ගියා ඒ මුදල ආපහු ගන්න. රුපියල් 150 ක් දුන්න 100ක් තියාගන. මං ඇහුව පොලියක් එහෙම තියෙනවද කියල. (අ)
අපේ පැත්තේ මහ නගර සභාවේ ගිනිනිවන අංශයේ වාහන වල මකුළු දැලුත් බැදිලා (නි)
බොහොම හොද වැඩක්. බලධරයිනි, මෙලෙසින් ගිනි නිවන උපකරණයක් ක්‍රියාකරන ආකාරය ජනමාධ්‍ය වලට ලබාදෙන්න. කර්මාන්ත කාර්යාල වල මේවා විස්තරාත්මකව තිබුණාට ප්‍රායෝගිකව දර්ශනය කිරීම ඉතා වැදගත්. (නි)
ශ්‍රියාලතාට ඇත්තටම ගින්නකට අහුවුණා නම් දැන් ඔය හිතන දේ හිතන්න නොවෙයි මතක් වෙන්නේ, දෙවියන් බුදුන් තමයි. එඓහම වුණොත් ඔයාව ගෙනයන්න කාන්තා සොල්දාදුවෙක් දානවලු. (නි)
විරෝදාර සෙබළුනි, ඔබලාට මගේ ප්‍රණාමය!! දිරිය හා ශක්තිය සමග තිස් තුන් කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා! ඉතාමත්ම අගය කරමි (නි)
රට්ටුන්ට මේවා දැකල ඊර්ෂිය හිතෙනවා ඇති (අ)