IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලෝක පිහිනුම් ශූර ඩේල් හෘදයාබාධයකින් මිය යයි

ලෝක පිහිනුම් ශූර නෝර්වේ ජාතික ඇලෙක්සැන්ඩර් ඬේල් හදිසියේම හෘදයාබාධයකින් මිය ගොස් තිබේ. මීටර 100 (පිරිමි) ළය ආර පිහිනුම් ඉසව්වේ ලෝක ශූරයා වන 26 හැවිරිදි ඇලෙක්සැන්ඩර්, ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදානම්වීම සඳහා මේ දිනවල ඇමරිකාවේ විශේෂ පුහුණු කඳවුරකට සහභාගිවී සිටියදී මෙසේ මිය ගොස් තිබේ. පුහුණුවීම්වලින් පසුව නාන කාමරයේදී ඔහු හෘදයාබාධයක් ඇතිවීමෙන් බිම වැටී සිට ඇතැයි ද වාර්තාවේ. ඔහු නෝර්වේ රාජ්‍යයට පිහිනුම් ක‍්‍රීඩාවෙන් පළමු ඔලිම්පික් පදක්කම දිනා දීමේ ගෞරවය හිමිකර දුන් ක‍්‍රීඩකයාය. අවසන් වරට 2008 වසරේදී පැවැති බීජිං ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී මීටර 100 (පිරිමි) ළය ආර ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ඔහුට හැකිවිය. පසුගිය වසරේ චීනයේ ෂැන්ග්හයි නුවරදී පැවැති ලෝක පිහිනුම් ශූරතාවලියේදී මීටර 100 (පිරිමි) ළය ආර ඉසව්වේ රන් පදක්කම දිනාගත් ඇලෙක්සැන්ඩර්, නෝර්වේ ජනතාවගේ වීරයකු බවටද පත්ව සිටියේය. නෝර්වේ ජාතිකයන් 77 දෙනකු මිය ගිය සමූහ ඝාතනය සිදුවී දින කිහිපයකට පසුව ඇලෙක්සැන්ඩර්, ලෝක පිහිනුම් ශූරතාවලියේදී රන් පදක්කම දිනාගැනීම එම සිදුවීමෙන් කම්පනයට පත්ව සිටි නෝර්වේ ජනතාව සතුටට පත්කළ සිදුවීමක්විය.  



අදහස් (0)

ලෝක පිහිනුම් ශූර ඩේල් හෘදයාබාධයකින් මිය යයි

ජගත් Thursday, 03 May 2012 03:49 PM

මම මෙයත් එක්ක තරගෙට පීනන්නයි හිටියේ. දැන් ඉතිං මක් කරන්නද?

:       0       0

දේශප්‍රේමී Friday, 04 May 2012 09:42 AM

මේකත් කුමන්ත්‍රණයක්ද දන්නේ නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site