ලෝක පිහිනුම් ශූර නෝර්වේ ජාතික ඇලෙක්සැන්ඩර් ඬේල් හදිසියේම හෘදයාබාධයකින් මිය ගොස් තිබේ. මීටර 100 (පිරිමි) ළය ආර පිහිනුම් ඉසව්වේ ලෝක ශූරයා වන 26 හැවිරිදි ඇලෙක්සැන්ඩර්, ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදානම්වීම සඳහා මේ දිනවල ඇමරිකාවේ විශේෂ පුහුණු කඳවුරකට සහභාගිවී සිටියදී මෙසේ මිය ගොස් තිබේ.
පුහුණුවීම්වලින් පසුව නාන කාමරයේදී ඔහු හෘදයාබාධයක් ඇතිවීමෙන් බිම වැටී සිට ඇතැයි ද වාර්තාවේ. ඔහු නෝර්වේ රාජ්‍යයට පිහිනුම් ක‍්‍රීඩාවෙන් පළමු ඔලිම්පික් පදක්කම දිනා දීමේ ගෞරවය හිමිකර දුන් ක‍්‍රීඩකයාය. අවසන් වරට 2008 වසරේදී පැවැති බීජිං ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී මීටර 100 (පිරිමි) ළය ආර ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ඔහුට හැකිවිය.
පසුගිය වසරේ චීනයේ ෂැන්ග්හයි නුවරදී පැවැති ලෝක පිහිනුම් ශූරතාවලියේදී මීටර 100 (පිරිමි) ළය ආර ඉසව්වේ රන් පදක්කම දිනාගත් ඇලෙක්සැන්ඩර්, නෝර්වේ ජනතාවගේ වීරයකු බවටද පත්ව සිටියේය.
නෝර්වේ ජාතිකයන් 77 දෙනකු මිය ගිය සමූහ ඝාතනය සිදුවී දින කිහිපයකට පසුව ඇලෙක්සැන්ඩර්, ලෝක පිහිනුම් ශූරතාවලියේදී රන් පදක්කම දිනාගැනීම එම සිදුවීමෙන් කම්පනයට පත්ව සිටි නෝර්වේ ජනතාව සතුටට පත්කළ සිදුවීමක්විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මෙයත් එක්ක තරගෙට පීනන්නයි හිටියේ. දැන් ඉතිං මක් කරන්නද?
මේකත් කුමන්ත්‍රණයක්ද දන්නේ නෑ...