රුමේනියාවේදී මෙම මස් 27 වැනිදා ආරම්භවන ලෝක පාසල් චෙස් තරගාවලියට වසර 11 න් පහළ බාලක කාණ්ඩයෙන් තරග වැදීමට කොළඹ වේළුවන විදුහලේ එච්.පී. දෙනුවන් තීක්‍ෂණ සුදුසුකම් ලබා සිටියි.
ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය සංවිධානය කළ තේරීම් තරගාවලියේදී ඔහු ඒ සඳහා සුදුසුකම් සපිරීය. පැවැති 5 වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියේදී දෙනුවන් වයස 7 න් පහළ කණ්ඩායම් රිදී පදක්කමත් දිනා ගැනීමට සමත් විය. ජාත්‍යන්තර චෙස් තරගාවලි අටකට සහභාගිවී දස්කම් දක්වා තිබෙන ඔහු පළාත් මට්ටමේ තරග 20 කින් පමණ පදක්කම් දිනා තිබේ. විදුහල්පති ඩබ්. කරුණාතිලක, චෙස් ක‍්‍රීඩා භාර ආචාරිණි ශ්‍යාමලී මල්වැන්න හා චෙස් පුහුණුකරු ඉඳුනිල් පටබැඳිගේ යන මහත්ම මහත්මීහු ඔහුට මග පෙන්වමින් දිරිය ලබා දෙති.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd