සල්ලි පොලියට දුන්නේයැයි සැකපිට ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ඉතාලි පොලිසිය කියයි.
ලාංකිකයකුට කලින් ලබා දුන් ණයක පොලී ලෙස ඉතාලියේ මෙසීනා නගරයේ පියස්ස දෙල්පෝපලෝ චතුරස්‍රෙය් අවන්හලක දී එම ලාංකිකයාගෙන් යූරෝ250 ලබා ගනිද්දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සන්තකයේ තිබී පුද්ගලයන් කිහිප දෙනකුගේ විදෙස් ගමන් බලපත්‍ර කිහිපයක් සහ ඉතාලියේ නැවතීමේ බලපත්‍ර කිහිපයක් සොයා ගෙන තිබේ. ණය ලබා ගනිද්දී හිලව් ලෙසා මේවා තබා ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
ඔහුගේ වාහනය පරීක්ෂා කිරීමේ දී පිස්තෝලයක් හා සෙන්ටිමීටර නවයක් දිග පිහියක් සොයා ගත් බව ද ඉතාලි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ මුදලින් තම අවශ්‍යතා පිරිමහගන්නා සීට්ටූ දමන්නෝ කොහෙත් සිටිති (නි)
හොඳ වැඩේ ඉතාලි ඇවිල්ලත් කරන දේවල් වලට (නි)
මිලානෝ නගරයේ සීට්ටු ජාවාරම ජයටම කෙරෙනවා. එක්තරා සීට්ටුවක් මෙහෙයවපු කෙනෙක් වරක් මුළු සීට්ටු මුදල වන යුරෝ ලක්ෂයක් පමණ සොරකම් කර සැඟව සිටියා. (නි)