
(රංජිත් රාජපක්ෂ)
ආකර්ෂණීය පොලී මුදලක් ලබාදෙන බවට මුහුණු පොත ඔස්සේ දැන්වීම් පළකරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටමින් රු.ලක්ෂ 450කට ආසන්න මුදලක් වංචා ලෙස ලබාගත් කියන කාන්තාවක මෙම 18 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි හැටන් ම ෙහසේත්‍රාත් එම්.ෆරුක්ඩීන් මහතා ඊෙය් 10 නියම කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බදුල්ල කන්දේගෙදර ප්‍රදේශයේ පදිංචිව දිලිනි ශාමේන් සොක්මන් (31) නමැති තිදරු මවකි.
සැකකාර කාන්තාව හැටන් ප්‍රදේශයේ කාන්තාවකගෙන් මෙවැනි ආකාරයකට රු.ලක්ෂ පහක මුදලක් ලබාගෙන එම මුදලට පොලිය හෝ ලබාගත් මුදල නොගෙවීම සම්බන්ධයෙන් එම කාන්තාව හැටන් පොලිසියට කළ පැමිණිල්ලක් මත සැකකාර කාන්තාව හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මීට පෙර දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබුවාය.
ඇප කොන්දේසියක් වූ එම සැකකාරිය සෑම මසකම අවසන් ඉරුදින හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පෙනී සිට අත්සන් කළ යුතු වුවත්, එසේ අත්සන් නොකර මාස පහක් තිස්සේ නඩුවාර තුනක් මගහැර සිටිම හේතුව මත වරෙන්තු ලබා සිටි අතර සැකකාරිය යළි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එසේ රිමාන්ඩ් කිරීමට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොකු පොලී සිහිනය බොඳ කළ කත රිමාන්ඩ්
m. saman perera Tuesday, 11 March 2025 12:19 AM
තාමත් මේවට අහුවෙන්න තරම් මෝඩයින් ඉන්න රටක් මේක...