IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකානු ගායක ඇලෝයි බ්ලැක් කටුනායකට

( ටී.කේ.ජී.කපිල )

ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකානු ගායක ඇලෝයි බ්ලැක්  මහතා ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයක් සදහා අද(10 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය . 

 ඔහු ලෝකයේ රටවල් 22 ක ගීත දර්ශක වල ඉහළම ස්ථානයේ පසුවන අතර ඇමෙරිකාවේ '' ග්‍රැමී " සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් අතර මුළින්ම සිටින්නෙකි .

ජනාධිපති විද්‍යා සහ තාක්ෂණ  ජ්‍යෙෂ්ඨ උපදේශක ඇමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතාගේ ආරාධනාවක් පරිදි ඇලෝයි බ්ලැක් , ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සදහා සාකච්ඡා කිරිම සදහා මෙසේ මෙරටට පැමිණ තිබුණි .

එතුමා කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් මෙන්ම මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා ඇතුලු පිරිසක් විසින් මහත් හරසරින් යුතුව පිළිගැනීමක් සිදු කෙරුණි .



අදහස් (7)

ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකානු ගායක ඇලෝයි බ්ලැක් කටුනායකට

dds Monday, 10 March 2025 01:29 PM

මේ පිලිගැනිල්ලට නම් මෙහෙ නවතියි වගේ...

:       2       18

දොන් සේතං Monday, 10 March 2025 02:05 PM

අහපු නැති නමක්. මොන ලෝකෙද මෙයා ප්‍රසිද්ධ? දුප්පත් අපේ ගාණකට විදින ගැටයක්ද මේ...?

:       14       8

de silva berlin Monday, 10 March 2025 02:33 PM

වසර 28 යුරෝපේ ජිවත් වුණත් මෙහෙම කෙනක් ගැන ඇහුවෙත් අද

:       9       11

senaMonday, 10 March 2025 03:34 PM

මේ මනුස්සයා ලොකු නමක් තියෙන අමෙරිකානු රැප් ගායකයෙක් මහත්තයෝ... යුරොපේ කාණුවකට බැහැලා අවුරුදු 28 නෙවෙයි 100 ක් හිටියත් වැඩක් නැහැ ලෝකය ගැන නොදැන. මෝඩකම මෙතැන ප්‍රදර්ශනය නොකර අඩුම තරමේ ගූගල් එකේවත් කොටලා බලනවාකෝ...!

:       9       18

Pradeep KumaraMonday, 10 March 2025 05:19 PM

මසුරන් ටිකක් තිබුණා නම් සේනගේ කට දානවා අම්මපා...!

:       3       7

ගුණරත්න Monday, 10 March 2025 03:59 PM

කවුද මේ යකා, මම ඇහුවෙත් අදමයි. හ්ම් ආයෝජන ගෙන්නවාට ඉස්සර මාලිමාවුන් කිවූ කතා මතක් වෙනවා. ඔවුන් එදා කී රස කතා අනුව ආයෝජකයෝ කියන්නේ පල් හොරු..!

:       11       1

sethun Tuesday, 11 March 2025 03:21 AM

මෙතුමා හිටපු දක්ෂ ගායකයෙක්, දැන් නම් ලොකු ජනප්‍රියත්වයක් නැත. මොනවා වුණත් කරන්න හදන දෙය හොඳ දෙයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site