අම්පාර රජගල බෞද්ධ ආශ‍්‍රම භූමියේ ප‍්‍රතිෂ්ඨාපන කටයුතු සහ අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ පුරාවස්තූන් සංරක්ෂණය වැඩිදියුණු කිරීමට ඇමෙරිකා ඩොලර් 300,000 ක් ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 42.1 ක්) ප‍්‍රදානය කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ සංස්කෘතික සහ ආගමික උරුමයන් සංරක්ෂණය කිරීමට සහාය දීමේ අරමුණෙන් ඇමෙරිකාව මෙම මුදල ප‍්‍රදානය කළ බව මෙරට ඇමෙරිකා තානාපති කාර්යාල කියයි.
මෙම ප‍්‍රතිපාදන මුදලින් ඇමෙරිකා ඩොලර් 150,000ක් සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ තානාපති අරමුදල හරහා රජගල බෞද්ධ ආශ‍්‍රම භූමියේ ප‍්‍රතිෂ්ඨාපන කටයුතු සිදු කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ප‍්‍රදානය කරන බව එම තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටියි. මීට අමතරව තවත් ඇමෙරිකා ඩොලර් 150,000ක ප‍්‍රතිපාදන අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ පුරාවස්තූන් සංරක්ෂණ සඳහා ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබා දීමට නියමිතය.
මෙරට ආගමික සහ සංස්කෘතික ස්ථාන සංරක්ෂණය කිරීම වැදගත් බව ඇමෙරිකාව වටහාගෙන තිබෙන බවත්, මෙම සහයෝගය හරහා සංස්කෘතික දැනුවත්වීම සහ සංචාරක කර්මාන්තයට නව ජවයක් ලබාදීමත්, ජනතාව අතර අවබෝධය වර්ධනය කිරීමත් සිදුවන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති අතුල් කෙෂාප් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවේශමෙන්! (නි)
බොහොම හොඳයි (නි)
අර නැතිවුණ කඩුව දැන් හොයාගන්න පුළුවන් වෙයි. (නි)
පුරා වස්තු රැකගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කරන හොඳ මහාචාර්යවරු ඉන්නවා. ඇමරිකානු ආධාර නිසි ලෙස යොදා ගැනීම ගැන ප්‍රශ්නයක් නැහැ. (ම)
මෙම මුදල ලැබීම සතුටට කාරණාවක්. නමුත් කල්පනාවෙන් ඉන්න (නි)
මට නම් මේ ගැන සතුටුයි (නි)
කුකුල් ෆාම් හදන්න නරින්ගෙන් ආධාර. (ස)
1815 ඉඳන් 1948 වෙනකන් එංගලතයත් අපේ පුරාවස්තු අරගෙන ගියා ආරක්ෂා කරන්න කියල. තාම ඒවා දුන්නෙත් නැහැ. (ස)
ශෙහාන් සහ මෙතැන අදහස් දමන සමහරු පුරුද්දට ඇමරිකාවට බනින ලංකාවේ ළිං මැඩියන් වගේ. ඉංග්‍රීසි පුලුවන් නම් ඇමරිකාව ලෝකයේ රටවල පුරාවස්තු රැකගැනීමට යුනෙස්කෝව සමඟ කර ඇති වැඩසටහන් ගැන අන්තර්ජාලයෙන් හොයාගෙන කියවන්න (නි)
එංගලන්තෙන් ගෙනිච්ච පුරාවස්තු ලන්ඩන් කෞතුකාගාරයේ තියෙනවා (ම)
නිදන් හාරලා රජ ගල විනාස කර එකට ආරක්ෂක අංශ වගකියන්න ඕනෑ (ම)
මෙලෝ හසරක් නොදැන ඇමරිකාවට බනිනවා . අවුරුදු පනහක විතර අතීතයේ ඉඳල ඇමරිකාව තමා ලංකාවට ආධාර දෙන ප්‍රමුකම රට. අසූ ගණන්වල බිස්කට් දුන්න ඉස්කෝලේ ළමයන්ට, යුනෙස්කෝව හරහා කොච්චර ආධාර දෙනවද. ඒ මදිවට ලංකාවේ අධ්‍යාපනය , රෝහල් වලට වැඩි හරියක් ආධාර දුන්නේ ඇමෙරිකාව . ලංකාවේ ප්‍රධානතම අපනයනය වන ඇගලුම් වලින් සියයට හතළිහක් ගන්නේ ඇමරිකාව. (ස)
හොඳ යෝජනාවක්. ලෝකේ අනික් රටවලත් කරලා තියනවා වගේ වැඩි ආරක්ෂාවට අපේ පුරාවස්තු ටිකත් ඇමරිකාවට ගෙනියමු (නි)
කොහොමටත් ඇමරිකාව අපේ පුරාවස්තු වලට නම් අත තිබ්බේ නැහැ දන්නා තරමින්. අපේ සමහරුන් පුරාවස්තු වැනසුවා පහුගිය අවුරුදු 36 තුල පාලන කාලයන්හිදී. ඇමරිකාවට බැන්නාට අපි බොහෝ ඇමරිකන් සොයා ගැනීම්, තාක්ෂණයන් තමයි භාවිතා කරන්නේ. (ර)
බොහොම සන්තෝෂයි (නි)
පුරාවස්තු බලන්න අනාගතයේදී ඇමෙරිකාවට යන්න වෙයිද? (නි)
අනේ ඇමරිකාවට බනින්න එපා, ඒ අය අපිට ගොඩාක් ආදරෙයි ! පුරා වස්තු වලටත් හරී ආදරෙයි. (හේ)
ඇමරිකානු රජයට අපගේ ප්‍රණාමය පුදකරනවා (නි)
කලින්ම පගාව දීලා ගේම ආරම්බ කිරීමට සැරසෙයි . (අ)
ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටෙව්වෙත් කටුගෙය හැදුවෙත් සුද්දන් විසින්. මේ කාලයේ පුරාවස්තු හොරකම් කරන්නේ සුද්දෝ ඇවිදින්ද.? (ර)