එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීමට ඇති ආශාව නිසාම පොදු අපේක්ෂක ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කළ බව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කුරුණෑගලදී පැවසීය. තමා ඒම තීරණය ගත්තේ කැමැත්තකින් නොවන බවද එය පක්ෂයේ යහපත වෙනුවෙන් ගත් තීරණයක් බවද ඔහු කීවේය.
අනාගත එජාප ආණ්ඩුවක විධායක අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වනු දැකීමත් තම සිහිනයක් සැබෑ වීමක් බවද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජයි.(හේ)
නිහාල්, අගමැති රනිල් උනහම එජපය තමයි රජය (නදී)
කල්පනාවෙන් වැඩ කරන්න හැමෝම බලන් ඉන්නේ ඔබතුමාව කුලප්පු කරලා එජාපෙ ට මඩ ගහන්න (නදී)
ඔය කියන දෙකම විදායක නම් දැන් තියෙන විදිහ ඔහොම තිබුනාවේ.(නදී)
හිත යටින් කොපමණ වෛර කරනවා ඇද්ද. මෙතුමා කෙලින්ම කිව්වා රනිල් ඉල්ලන්නේ නැත්නම් මම හරි ඉල්ලනවා කියලා. පක්ෂයෙන්ම කෙනෙක්ව තෝරාගන්න බැරිතරමටම යු.එන්.පී.එක බංකොලොත්වෙලා. (නදී)
ඔබතුමාට රනිල් මහත්තයට තමා ඔය කැප කිරීම කරන්න බැරි. (නදී)
පොළොන්නරුවේ එම්.එස් - ජනපති , මාතර එම්.එස් - අගමැති , ඔයාට නියෝජ්‍ය ඇමතිකමක් දෙන්නම්. එන අයට ඇමතිකම් දෙන්නත් එපැයි. නැත්නම් උන් අායේ යාවි. දිගටම කැප කිරීම් කරන්න ඕනා. ඔන්න හරි නේ ? (නදී)
පටන් ගත්තා (නදී)
ඒ කියන්නේ මෛත්‍රීපාල මහතා ඉදිරිපත්වෙලා තියෙන්නේ එජාප රජයක් පිහිටුවන්න. මේක හරිම ප්‍රේහේලිකාවක්? (නදී)
අනිවාර්යෙන්ම කොටා ගන්නවා (නදී)
බළල්ලු ලවා කොස් අැට බාවන්න හදනවද ? සජිත්ට මොලේ කොලොප්පන් වෙලාද ? (නදී)
හිතේ දුකට වෙන මොනවා කියන්නද..රනිල් නොහිටින්න සජිත්ට බලයක් තිබුනානම් අනිවාර්යෙන් ඉල්ලලා දිනන්න තිබුන..(දී)
ඔබුට ජනතාවගේ ඇති කැමැත්ත මෙතන දාලා තියෙන ප්‍රතිචාර වලින් පේනවා නේද ? (නදී)
ඔබතුමා එහෙම කියන එක වැරදියි (දී)
අනේ සජිත් මහත්තයෝ, ඔහේව ගිය පාර රැවට්ටුවා මේ පාර විතරයි සරත් පොන්සේකා මහත්තය දාන්නේ ලබන පාර අපේ කෙනෙක් කියල, මේ පාරත් ඔහේ රැවට්ටුනනේ (නදී)
ඉතාම වටිනා සුදුසුම තීරණයක්. අපේ රට බේරගන්න තියෙන හොඳම අවස්ථාව මෙය විය හැක (නදී)
මහත්තයා එහෙම කියන්න එපා (දී)
ඇත්තමද ඔය කීව්වේ? (හේ)
මේකෙන් ඔබතුමාලගේ තියෙන වටිනාකම නැතිව යනවා (නදී)
මේකට තමයි කියන්නේ කපන්න බැරි අත ඉබිනවා කියලා (දිල්)
අනේ මන්දා දේශපාලනය කියන්නේ තනිකරම අච්චාරු හැලියක්. (නදී)
මේක නම් ලොකු පරිත්‍යාගයක්.(හේ)
කොහොම වුනත් කාලෙකට පස්සේ උණුසුම් මැතිවරණයක් මේක.(හේ)
ඔබ ගත් මේ තීරණයට ජය! රට ගළවාගන්න පුළුවන් කියලා දැන්නම් හොඳටම විශ්වාසයි. ජය වේවා පොදු අපේක්ෂකයාට! (නි)
මේක බළලුන් ලවා කොස් ඇට බාන්න තැත් කලා වගේ කතාවක් නේද? (ස)
එ.ජා.ප. රජයක් ? මෙයාට පිස්සු මෛත්‍රී දිනුවොත් එන්නේ චන්ද්‍රිකා ප්‍රමුඛ ශ්‍රි ලංකා රජයක් දිනුවම ඔය කියපුවා නොකොලොත් මොකද කරන්නේ. තවත් අවුරුදු 10, 12 ක් විපක්ෂෙම ඉන්නවෙයි. මම හිතුවා රනිල්ට නැතත් සජිත්ටවත් මොලේ ඇති කියලා (නදී)
මට මතක්වුණේ අර රෝහණ බැද්දගේ කලාකරුවාගේ ගීතය, "පෙරළුන පිට හොඳයි කියනවා" (නි)
සජිත් මහත්තයෝ එජාපයට යන එන මං නැති වෙලාවේ මෙහෙම හරි බලයට එන්න අවස්ථාව ලැබුන එක ගැන සන්තෝස වෙන්න , ඔය බොරු කතා නවතලා . නැතිනම් තවත් අවුරුදු ගණනක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී තමා ,(අ)
මේ ඇහුනද? පරිත්‍යාග කරලා මොනවාද බලාපොරොත්තු වෙන්නේ? (නි)
වෙන මොනවා කරන්නද. ඔයා ඉල්ලුවොත් දිනනවද ? කොහොම තිබුන පක්ෂයක්ද. (නදී)
අනේ මෙහෙම පරිත්‍යාග. සිරිසඟබෝ වෙන්න කතාව. (නදී)
බලමුකෝ අන්තිමට වෙන්නේ මොකක්ද කියලා (නි)
පොදු අපේෂකයාගේ අරමුණ විධායක ක්‍රමය අහෝසි කරන එක මිසක් එ ජා ප ආණ්ඩුවක් පිහිටවන එක නෙවෙයි (නදී)
අනාගත එජාප ආණ්ඩුවක විධායක අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වනු දැකීමත්? ඔන්න ඔතනයි අපට තිබෙන ගැටලුව. (නදී)
මෛත්‍රීපාල මහත්තයාගේ දේශපාලන වේදිකාවේ මේ වගේ බයිලා ගැහැව්වොත් රටේ දුක් විඳින අයගේ සිහිනය කෙසේ වෙතත් මෙයාගේ සිහිනය සැබෑ වෙනවා. අහිමි විජිතයට උරුම කීමේ පරාජිත මානසික තත්වය හොඳින් නිරූපණය වෙනවා. (නදී)
අන්තිමට ඔක්කොම මැඩම්ගේ හැට හතර මායමට අහු වුනා නේද? (අ)
ජයවේව !!!.(අ)
විදායක ක්‍රමය අහෝසි කරන්න මෛත්‍රී මැතිතුමා පොරොන්දු උනානේ ආනන්ද ඇයි මේ වගේ පහත් තේරුමක් නැති කතා ජනතාව අතරට ගෙනියන්නේ (නදී)
මේක ගුන්ඩුවක්. තව ටික දවසකින් ඔය ඔක්කොමලා අනාගන්නවා. යු අැන් පී දෙපිල බෙදෙනවා (නදී)
ඉවසීම තමයි බොහෝ ජයග්‍රහණ වලට මූලික අඩිතාලම වෙන්නේ (නි)
විධායක අගමැති ක්‍රමය නම් එන්නේ, පවතින විධායක ජනපති ක්‍රමය වෙනස් කරලා මොකටද? දෙකම සමානයිනේ! (නි)
මෙයාල හදන්නේ මේ රට කැඳ හැලියක් කරන්න. පේනවා නේද බලයට තියන කෑදර කම. මොකද රනිල්ව දාල ඡන්දය ඉල්ලන්න බැරි ? මෛත්‍රී ට මේ පව ගෙවන්න වෙයි ආත්ම ගණනාවක්. (නදී)
ප්‍රේමදාස ජනාධිපතිතුමා හැරනු කොට මිනිස්සුන්ගේ තරහට මේ තරම්ලක් වුනු එකම නායකයා රාජපක්ෂ ජනාධිපතිතුමා. බලනකොට දෙන්නම රටට වැඩ කරපු අය. නිකම් හිටිය නම් ඉවරය්. බැනුම් අහන්නේ වැඩ කරන කොට. වැරදි වෙන්නෙත් නැහැ නිකම් හිටිය නම්. (ස)
ඉතින් බලන්නකෝ. අපි ඡන්ද බලය ලැබුණු දා සිටම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. මෛත්‍රිපාල මහත්තයා ගැන අපේ තිබුනේ හොඳ හැඟීමක්. ඒත් මේ වැඩේ නම් අපි අනුමත කරන්නේ නැහැ (නදී)
බිම වාඩිවෙන්න එපා (නදී)
ඔය කවුරු තරඟයට ආවත් මහින්ද රාජපක්ෂ ජනාධිපති පරදවන්න ඔය කාටවත් බැහැ. (අ)
අනේ ඉතින් වෙන මොනව කියන්නද ගැටේට අහු වුනාට පස්සෙ(අ)
ඔබතුමාගේ කැප කිරීම අගේ කරනවා. එත් කාලා ඉන්න බැරි කකුලෙන් ඇදිල්ල නොවැ. (අ)
පටන් ගන්න යන්නේ ... තව ටික දවසකින් ඇන කොටා ගනී.(අ)
රනිල් මහතා සජිත් මහතාට ආදන්න ඕන. හොඳ බාන . (ස)
අපේ බලාපොරොත්තුව වුණේ ඔබව පොදු අපේක්ෂක කියලා දැකගන්න (දිල්)
මහින්දට තුන්වරක් බැහැ කිවුවට අනෙක් අයට එක්වරක්වත් බැහැනේ. හැබැයි දැන් පෙනෙන විදියට මහින්දට තුන්වරක් පුළුවන්, යුඑන්පියට එක්වරක්වත් බැහැ. (නි)
අපේ බලාපොරොත්තුව උනේ ඔබව පොදු ඇපෙක්ෂක කරයි කියලා. (ර)
හිතා ගෙන ඉන්නේ එහෙම තමයි. අන්තිමට මෛත්‍රිපාල නටවන්නේ මගුල ජෝඩු කරපු කපු නෝනා. එයත් ඒ ජ ප යේ නෙමෙයි. ඉතින් කොහොමද ඒ ජ ප ආණ්ඩුවක් එන්නේ. අගමැති වුනත් රනිල්ට බලයක් ලැබෙන්නේ නැහැ අඩු ගානේ විපක්ෂ නායකදුරයේ තියන තරම්වත්.(අ)
පොදු අපේක්සකයෙක් නම් එජාප රජයක් වෙන්නේ කොහොමද ?(අ)
මේ වැඩේට නිදහස් පක්ෂයේ ඡන්ද ලැබෙන්නේ නැහැ . යු.එන්.පී ඡන්ද ලැබෙන්නේ නැහැ.(නදී)
ඔය පරිත්‍යාගය දිගටම කරන්නද හිතාගෙන ඉන්නේ මන්ත්‍රීතුමාත් කියනවා රනිල් මහත්තයත් කියනවා (දී)