හන්වැල්ලේ ජයන්ත තමිපෝ මහතා වසර ගනනාවක පටන් ඉතාලි පාදෝවා නුවර පදිංවී සිටිති. දිනපතා සේවය සදහා බසයෙන් ගමන් ගන්නා ඔහු පසුගියදා සේවය නිමකොට තම නිවස බලා යමින් සිටියේය. අවසන් නැවතූමිපොළින් බැසයෑමට සුදානමි වු මොහොතේ යාබද අසුනක්අයිතිකරුවකූ නොමැති බෑගයක් ඔහු දුටුවේය. ඵ් වන වීට වෙනත් කිසිදු අයෙකූ බස් රථයේ නොවීය. බෑගය පරික්‍ෂා කිරිමේදී යුරෝ පන්සිය පනහක්(රුපිල් අනුදහසක්) අඩංගූ මුදල් පසුම්බිය ද රියදුරු බලපත‍්‍රයක් ඇතුළු ලියකියවීලි රැසක් ද සමග ඇපල් සමාගමේ නවතම නිෂ්පාදනයක් වන අයිපෑඩි 3 සැහැල්ලු පරිගනකයත් ද දුටුවේය. මුදල් පසුමිවීබියේ ලියා තිබු දුරකථන අංකයට කතා කළ තමිපෝ ඵහි අයිතිකරු වන පාදෝවා දිස්ත‍්‍රික්කයට අයත් ආබනෝ නගරයේ පදිංචිකරුවකු වන ඉතාලි ජාතික රෝබැර්තෝ මෙනන්ට බෑගය බාර දුන්නේය. රෝහලේ නැවති ප‍්‍රතිකාර ගන්නා තම මව බැලිමට එද්දී බැගය අමතකව ගිය බව ඔහු තමිපෝට කියා ඇත. මෙම අවංක ක‍්‍රියාවට තම හෘදයාංගම ස්තූතිය පුදකළ රොබැර්තෝ ගේ මුදල් පරිත්‍යාගය ද තමා ප‍්‍රතික්ෂේප කළ බව තමිපෝ මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අය පිටරට වල ඇවිල්ලා කරන දේවල් දකිද්දි ඔබ ගැන මට ආඩම්බරයි සැබවින්ම
නිතරම අහන්න ලැබෙන්නේ මිනිස්සුන්ගේ වැරදි...ඉදල හිටල හරි මේ වගේ හොඳ දෙයක් අහන්න ලැබුණම ගොඩක් සතුටුයි....
නිතරම අහන්න ලැබෙන මිනිසුන්ගේ නරක දේ වෙනුවට හොද දෙයක් අහන්න ලැබීමත් සතුටක්
ඔබ ලක් මාතාවගේ දරුවෙකි.ඔබට ජය!
ටික දෙනෙක් නිසා ලංකාවේ නම කැත වුණාට බහුතරේ අවංකයි
ලංකාවේ ඉදලා ගිය අපේ සමහරු කරන දේවල් දකිද්දි මේක මොන තරම් වැදගත් දෙයක්ද?
සමහර අය හැම දේම දකින්නේ අනික් පැත්තට, හරියට ප්‍රතිචාර දාලා තිබුණ සංජය වගේ.
ලංකාවේ හොද මිනිස්සු කවදත් එහෙම තමයි
ඔබට දෙවි පිහිටයි
අපිට ඔබ ගැන ගොඩක් සතුටුයි ජයන්ත මාමේ
නියමයි ජයන්ත මාමේ, සුභ පැතුම්!
රාජසිංහ 2012-07-13 11:43:47 "ඔයා මේක ගත්ත නම් අයියේ ඔයාව අනිවාර්යයෙන් අහු වෙනවා. මොකද ඔයානේ අන්තිම නැවතුමෙන් බැහැලා ගිහින් තියෙන්නේ, " මනුස්සයෙක් කළ හොද වැඩක් අගය කරන්න බැරිනම් මුකුත් නොකියා කට පියා ගෙන ඉන්න. මගින් බැහැලා ගිය කෙනෙක් මේ දේ කළානම් ඒකට මේ පුද්ගලයා පළි නෑනේ
ලංකාවේ හොඳ අය බොහොම ඉන්නවා . ප්‍රසිද්ධ වූ අයගෙන් කෙනෙක් තමයි , ජයන්ත තම්පෝ මහතා . ඔබ ලංකාවට ආඩම්බරයක්. ස්තූතියි.
ඔබ ගැන ආඩම්බරයි ජයවේවා
එළ කොල්ලෙක් .....
ඔබ ගැන අපි දන්නවා.
සන්ජේ , මීහරක වුනාට උම්බෑ කියන්න එපා
අනේ මේ මහත්තයාගේ වැදගත්කම? ලංකාවේ නම තියනවා කියන්නේ මේ වගේ දේවලටද කියලා ලොකු ගෙඩින් එකටත් ණයයි. අර මේ ආටිකල් එක ලියපු කෙනාට කෝල් කරලා මේක කීවේ තම්පෝ මහතා හින්දම තේරෙනවා උදව් කිරීමේ පරමාර්තය... අනික තමයි ආටිකල් එකක් ලියන්න දේවල් නැත්නම් නොලියා ඉන්න මේ පත්තරකාරයෝත් දැන ගන්න ඕනේ. තම්පෝ මහතා ඕක රට වටේ ලෝකෙ වටේ නොකියා හිටියා නම් ඔබ තුමා කලේ හැබෑ අගය කලයුතු දෙයක් කියලා අපිට සතුටු වෙන්න තිබ්බා...
ඔබටත් ඔබ හැදු වඩු දෙමුපියන්ටත් දළදා සමිදු පිහිට ආරක්ෂාව පතමි !... සබැ ශ්‍රී ලංකික ගුණාත්මක අවන්කකමට පෙන්වූ ඔබ වැනි යට ජයෙන් ජයම වේවා
මොන මව්කිරි බිව්වත් මේ මහතා අන්සතු දෙය නොගන්න තමන්ගේ හිතට එකඟව ජීවත් වෙන මහත්මයෙක් වෙන්නට ඕන.ඔබ වැන්නුවන් රටට සම්පතක්. මතු දියණුවට මෙය ආශිර්වාදයක් වේවා. අ
කාවද යකෝ , ගොනාට අන්දන්න හදන්නේ ,මේවා , විශ්වාස කරන්න පුලුවන්ද
මෙම සද්ක්‍රියව වසර 2600 පැරනියි .මම ඔබ සැබෑ බෞඳ්ධයකු යයි කියමි.
නියමයි
පිටරට වල ඉන්න සෑම ලාංකිකයෙකුටම ආදර්ශයක්
හංවැල්ලේ නියම කොල්ලෙක්
නියම වැඩක්.ජය වේවා!
මේක හොද වැඩක්.ඔබට ජය!
ලාංකිකයෙක් වීම පිළිබද ආඩම්බරයි
සහොදරයාණෙනි, ඔබගේ අවංක කමට ස්තූතියා..!
නියම මවුකිරි බීපු රත්තරං කොල්ලෙක්. හදපු වඩපු දෙමවුපියන්ටත් ලොකු ගෞරවයක්
හොද ගතිගුණ හොද මිනිසෙකුගේ සෙවණැල්ල වගෙයි. ඔබට ජය!
ඔබ උතුම් මිනිසෙක්.අපිට ආඩම්බරයි ඔබ ගැන
නියම ලාංකිකයෙක්....
මිනිසුන් අතර මිනිසෙක්
කවුද දන්නේ ඕක ඇත්තද කියල ?
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත මේ කියමන සනාථ කළ ඔබට ජයෙන් ජය!
නියම කොල්ලෙක්
ඔයා මේක ගත්ත නම් අයියේ ඔයාව අනිවාර්යයෙන් අහු වෙනවා. මොකද ඔයානේ අන්තිම නැවතුමෙන් බැහැලා ගිහින් තියෙන්නේ
කැත කුණු නැති හදවතක් ඇති ඔබට ජය....
මෙවැනි රන් පුතුන් තව තවත් බිහි වේවා !!!!!
ලාංකිකයෙක් වීම පිළිබද ආඩම්බරයි
ඔබට කවදාවත් වරදින්නේ නෑ...ඔබට ජය..
ඔබ ඉතා වටිනා කෙනෙක්..ජය වේවා...
සන්ජේ, ඇත්ත හෝ හෝ බොරු හෝ ඔබතුමා නම් නියම රිනාත්මක මනසක් තියන මිනිහෙක්.
ලාංකිකයෙක් වීම පිළිබඳ ආඩම්බරයි..
ඇත්තටම හොදවැඩක් . මේ වගේ අය කියන් කී දෙනාද අද ඉන්නේ...
ආඩම්බරයි..
සංජේ නම් හොර දෙටුවෙක්. ජයන්ත මහතාට මගේ ප්‍රණාමය!
හොඳ දේවල් වැඩිපුර පළකරන්න..මේ ගැන සතුටුයි...
ඔබේ අවංක කම ඉවසන්න බැරි අය ඉන්න බව පේනවා...
හොද ක්‍රියාවකට ප්‍රශංශා කරන්න පුරුදු වීම මදි කමක් නොවේ
අපිට ඔබ ගැන ආඩම්බරයි
මෙවැනි මිනිසුන් රටට බිහිකරන මව් වරුන්ට අපගේ උපහාරය...