IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ලොකු පුටුවක් ගැන අනාවැකියක්

20160314-oops-05පොලිස්පති සටන උණුසුම් වෙනකොට මේ ගැන කාගෙ කාගෙත් තියන උනන්දුව වැඩිවෙනව.. ආණ්ඩුවත් මේ ගැන නම් තුනක් සලකා බලනවය කියලා ආරංචියි..

ඒ ජරමර අස්සෙ මේ තනතුර බලාපොරොත්තුවෙන කෙනෙක් පසුගිය දවසක කඩුවෙල කිට්ටුව ඉන්න ප්‍රකට දෛවඥතුමෙක් හම්බුවෙන්න ගියාලු.. ගිහිල්ල ඒ ගැන අනාවැකියක් කියන්නැයි ඉල්ලීමකුත් කළා කියලා කියැවෙනව..

ඊළඟට දෛවඥතුමා පොඩි නිමිත්තකුත් අංජනමකුත් බලල අනාවැකියක් කිව්වලු. ඒ අනාවැකිය අනුව කියැවුණේ මේ නම් තුනෙන් සුදුසුම පුද්ගලයට තනතුර ලැබෙයි කියලලු. නමක් කියලා නැහැ හැබැයි තනතුර ලබන්නාගේ නම හරියටම දැනගන්න ඕනෑ බව අනාවැකිය අහන්න ගිය තැනැත්තා කිව්වම ආයෙමත් බුලත් කොළයක් අරන් තමන් සැක කරන කෙනාගෙ නම හිතාගෙන විනාඩි 5කින් එන්න කීවලු.

අනාවැකිය අහන්න ගිය කෙනා ඒ විදියට විනාඩි 5කින් බුලත් කොළයත් අරන් ආවය කියමුකො.

ඊට පස්සෙ දෛවඥතුමා පරලවෙලා එකපාරටම කියයි.. ඔබ හරි ඔබ හිතන් ඉන්න කෙනාට තමයි ඒ තනතුර ලැබෙන්නෙ කියලා.. එතකොට අනාවැකිය අහන්න ගිය කෙනාගෙ මූණ සවුත්තු වුණා. දෛවඥකුටියෙන් එළියට ආවා.. ඊට පස්සෙ උන්නැහේ යන ගමන් තමන් එක්ක ආපු සගයට කිව්වලු ඒකත් එහෙනම් එහෙම තමයි.. මං හිතුවෙ මං ගැන නෙවෙයි අහවලාගැනයි කියලා..

​ ඒත් පොලිස්පති පුටුව ලැබෙන්න යනවය කියන අහවලා කව්ද කියලා නම් උන්නැහේ කියලා නැහැ.
 

DESHAYA



අදහස් (0)

ලොකු පුටුවක් ගැන අනාවැකියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 649 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site