IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලොකු පැටීගේ රුපියල් කෝටි 1000 සුදු කළ දෙදෙනකු සොයයි

(ගයාන් සූරියආරච්චි)

සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් “ලොකු පැටී” නැමැත්තාගේ රුපියල් කෝටි 1000 කට ආසන්න මුදල් ගනුදෙනු සිදුකළ බව කියන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විමර්ශන ආරම්භ කර ඇත.

ලොකු පැටී නැමැත්තා විසින් ගිණුම් ගත කළ මුදල් එක් සැකකරුවකු උණ්ඩියල් ක්‍රමයට රට යවා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ලොකු පැටී නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් කටයුතු භාරව කටයුතු කළ කපුවකු ඉකුත් දා ගන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර එම සැකකරුගේ ගිණුමේ රුපියල් කෝටි 33 ක මුදලක් සංසරණය වී තිබූ බව පොලිසිය පවසයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී රුපියල් කෝටි 1000 ක මුදල් ගනුදෙනු කළ ගිණුම් දෙකක් හදුනාගෙන තිබුණි.

එම ගිණුම්වලින් ගනුදෙනු කළ පුද්ගලයන් ද මේවන විට හදුනාගෙන ඇති බව පොලිසිය කියයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘ලොකු පැටී‘ නැමැත්තා දැනට බූස්ස බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

 



අදහස් (2)

ලොකු පැටීගේ රුපියල් කෝටි 1000 සුදු කළ දෙදෙනකු සොයයි

පුවක්දණ්ඩේ විමලේ Tuesday, 21 October 2025 08:05 PM

ලොකු පැටීගෙ ලොකුයි කියන එක අයින් කෙරුවොත් ලැජ්ජාවටම යහ මාර්ගයට එයි.

:       1       3

Ranga perera Wednesday, 22 October 2025 06:22 AM

සමාවෙන්න මහත්තය ඔය දේ දැන හෝ නොදැන කරපු අය සිටිය හැකි. ඔවූන්ට කියන්න ඇත්ත කීමට වටිනාකම ක් තියෙන බව. බොරුව දැන හදුනාගෙන අත් හල අයද සිටිය හැකි. මගේ සියලු මව් වරුන්ට හා පිය වරැන්ට/ ආච්චිලා සීයලා හැමෝම උන්ඩියෙල් government exchange rate unit / xregister/ games. / communication pattern/ trigger/ credit_amount/ function test කියලා අපිට රජයේ digital currency ekek introduced කරන්න කියන්න. ලංකාවට සල්ලි Google rate ekata gedratama mudal dena door to door option තියෙන app ekak අපේ කොල්ලන්ට මහ දෙයක් නෙමෙයි. Profits handling and government income tax department Web එකේ app eka Google karanda. ඔය මොනව හැදුව ත් වැඩක් නෑ සර් හිත හැදිල නැත්නම්. ඇස් ඇත්තෙකුට පෙන්වා. තෙරැවන් සරණයි . රහතුන්ගේ ආර්යන්ගේ දේශයට නමස්කාරය වේවා. පැමිණි ගමන අවසානයි. යා යුතුව ඇති ගමන දුර නොවේවා. නමෝ බුද්ධාය

:       4       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site