ශ්‍රී ලාංකික නැවියන් අටදෙනෙකු සමග අල් කලිතියා නම් වෙළද නෞකාවක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය අධිකරණයේ නියෝග මත එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි තානාපති ආරංචි කියයි.
මේ වන විට එම නෞකාව ෆුජේරා ආශ්‍රිත මුහුදේ නැංගුරම් ලා ඇති අතර එය එක්සත් අරාබි එමීර්හි ෆුජේරා සමුද්‍ර ආරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, නීති විරෝධී කටයුතුවල නිරත වී ඇති බවට තෙවැනි පාර්ශවයක් මගින් නඩු පැවරීම හේතුවෙන් යැයි ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාල ආරංචි පවසයි.
කෙසේ වෙතත් එම නෞකාව අයත් රට හෝ එය කුමන ගමනාන්තයක් දක්වා යාත්‍රා කරමින් සිටියේ ද යන්න සහ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එහි තිබූ භාණ්ඩ පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd