හිටපු ලොකු නෝනයි මිණිපුරේ "සෙනෙවි" තුමයි පහුගියදාක කොක්කක පැටලුණාලු... කොක්කට හේතුව මහින්ද උන්නැහේ කියලයි ආරංචි. මිණිපුරේ "සෙනෙවි" තුමා හිටපු ලොකු නෝනට කීවලු අපේ පක්ෂයට ඡන්ද දිනන්න නම් හිටපු ලොකු තැන ඒ වැඩේට සම්බන්ධ කරගන්නම ඕනය කියල.
එතකොට ඕව බොරැ කතා එයාට කරන්න පුළුවන් කෙංගෙඩියක් නැහැ කියල හිටපු ලොකු නෝන කියාපි. ඒත් මැඩම් පාරට බැහැල බලන්න පාක්ෂිකයො ඉල්ලන්නෙ උන්නැහේ... නැත්නම් ගෝඨ කියල සෙනෙවිතුමා නැවතත් කීවලු... ඒකට කේන්ති ගිය හිටපු ලොකු නෝන "සෙනෙවිතුමා" පරණ ලොක්කට කඩේ යන මහා භයානක මිනිහෙක් කියල ලොකු බරබරයක් දැම්මලු...
ඒ වෙලාවෙ එතුමට විතරක් නොවේ මැඩම් අපි හැම නායකයටම කඩේ ගියා. දැනුත් යනව... අපිට ඕන අපේ ආණ්ඩුවක්... අපේ ආණ්ඩුවක් හදන්න හිටපු නායකයගෙ සහය නැතුව බැහැ"කියල මිණිපුරේ "සෙනෙවිතුමා" කිව්වම නැවතත් "මෙයා මහ භයානක මිනිහෙක්" කියපු පරණ ලොකු නෝන වේගවත් ගමනින් යන්න ගියාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමියට තිබෙන බලය ගැන ටිකක් සිහියේ තබාගත්තොත් හොඳයි (නි)