ඉතාලියේ වැනෙතෝ පළාතේ ව්‍යාපාර කළමනාකරණය හැදෑරු අවසන් වසරේ විශ්ව විද්‍යාල සිසුන් අතරින් වැඩිම ලකුණු ගනිමින් තම උපාධිය ඉහළින්ම සමත්වීමට ගෙවින් නිර්මාල් ඇඹුල්දෙණිය (23) සිසුවා සමත්විය. ඔහු වෙරෝනා විශ්ව විද්‍යාලයයේත් ව්‍යාපාර කළමනාකරණය හැදෑරිය. ගම්පහ සිරි කුරුස විද්‍යාලයෙන් පහ වසර තෙක් අධ්‍යාපනය ලබා ඉතාලියට පැමිණ එතැන් සිට ඉතාලි භාෂාවෙන් අධ්‍යාපනය හදාරමින් ඉතාලි සිසුන් ද පරදවා ගෙවීන් නිර්මාල් ලැබූ මෙම ජයග‍්‍රහණය ඉතාලි මාධ්‍ය මහත් ඉහළින් වර්ණනා කරයි. ඔහුගේ එකම සහෝදරිය යොනාලි ඇඹුල්දෙණිය ත්‍රේන්තෝ විශ්ව විද්‍යාලයයේ සමාජ විද්‍යාව හදාරයි. ගෙවීන්ගේ ඥාති සොහොයුරා (මවගේ නංගිගේ පුතා) වන ස්ටීවන් ඩිරෝස් (19) ද අති දක්‍ෂ සිසුවෙකි. ඔහු උසස් පෙළ ඉහළින්ම සමත්ව ත්‍රේන්තෝ විශ්වවිද්‍යාලයයේ ඉංජිනේරු පිඨයට ඇතුළත් විය. එම සරසවියට සිසුන් ඇතුළත් කර ගැනීමට අපේ‍්‍රල් මැද පැවැති කඩඉම් විභාගයෙන් සිසුන් දෙදහසක් අතරින් ප‍්‍රථමයා බවට පත් වුයේ ඩිරෝස්ය.

ස්ටීවන් ඩිරෝස්
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ උණුසුම් සුභපැතුම්
අපේ දරුවො කියන්නේ ලෝකෙම දිනන දරුවෝ. ආසියාවේ හොඳම උගත් ළමයි අපට ඉන්නවා.
ඉතාලි වල ඉන්න අපිට ලොකු ආඩම්බරයක් ,,, පෙන්නන්න අපේ පුංචි රටේ දස්කම්...
(auguri !! ) සුභ පැතුම්!!! (ස)
වෙරෝනා ඉන්න සිංහල අපිට හරි ආඩම්බරයි...
අපේ උණුසුම් සුභ පැතුම්!
දක්ෂයන් අතරින් ප්‍රථමයා වෙච්ච නිර්මාල් ඔබටත් ඔබගේ සදාදර දෙමව්පියන්ටත් අපගේ සුබ පැතුම් (ස) !!!!!!!!!!!
ඔබ ඔබේ රටට ආඩම්බරයක් වගේම දෙමාපියන්ට යුතුකම් ඉටුකල පුතෙක්....ඔබට අපේ සුභ පැතුම්
කොහේ ගියත් ලංකාවේ පුත්තු බැබළෙනවා.
අපේ උණුසුම් සුභපැතුම්
කොහේ ගියත් ලංකාවේ පුත්තු බැබළෙනවා.
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා දරුවන් ඔබයි මව්බිම නම්බුව රකිනා සැලසුම් කළත් පාගන්නට ලොව දුදනා පෙන්වනු උතුම් රට ලක්බිම මයි වටිනා
ඔබ අපේ රටට ආඩම්බරයි පුතේ.
ඇමෙරිකාව ඔබාමට. ඉතාලිය ලංකාවට. ජය සිකුරුයි. ඔහොම යමු.
කොහෙ ගියත් අපේ රටේ නම තියන්න සූරයො ඉන්න එක ගැන ආඩම්බරයි, සුභපැතුම් නිර්මාල්.