IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලක් දූ පුත්තු ඉතාලියේ බැබැලෙති

ඉතාලියේ වැනෙතෝ පළාතේ ව්‍යාපාර කළමනාකරණය හැදෑරු අවසන් වසරේ විශ්ව විද්‍යාල සිසුන් අතරින් වැඩිම ලකුණු ගනිමින් තම උපාධිය ඉහළින්ම සමත්වීමට ගෙවින් නිර්මාල් ඇඹුල්දෙණිය (23) සිසුවා සමත්විය. ඔහු වෙරෝනා විශ්ව විද්‍යාලයයේත් ව්‍යාපාර කළමනාකරණය හැදෑරිය. ගම්පහ සිරි කුරුස විද්‍යාලයෙන් පහ වසර තෙක් අධ්‍යාපනය ලබා ඉතාලියට පැමිණ එතැන් සිට ඉතාලි භාෂාවෙන් අධ්‍යාපනය හදාරමින් ඉතාලි සිසුන් ද පරදවා ගෙවීන් නිර්මාල් ලැබූ මෙම ජයග‍්‍රහණය ඉතාලි මාධ්‍ය මහත් ඉහළින් වර්ණනා කරයි. ඔහුගේ එකම සහෝදරිය යොනාලි ඇඹුල්දෙණිය ත්‍රේන්තෝ විශ්ව විද්‍යාලයයේ සමාජ විද්‍යාව හදාරයි. ගෙවීන්ගේ ඥාති සොහොයුරා (මවගේ නංගිගේ පුතා) වන ස්ටීවන් ඩිරෝස් (19) ද අති දක්‍ෂ සිසුවෙකි. ඔහු උසස් පෙළ ඉහළින්ම සමත්ව ත්‍රේන්තෝ විශ්වවිද්‍යාලයයේ ඉංජිනේරු පිඨයට ඇතුළත් විය. එම සරසවියට සිසුන් ඇතුළත් කර ගැනීමට අපේ‍්‍රල් මැද පැවැති කඩඉම් විභාගයෙන් සිසුන් දෙදහසක් අතරින් ප‍්‍රථමයා බවට පත් වුයේ ඩිරෝස්ය. ස්ටීවන් ඩිරෝස්



අදහස් (0)

ලක් දූ පුත්තු ඉතාලියේ බැබැලෙති

මේනක - ඉතාලියේ වෙරෝනා නුවර සිටි Thursday, 03 May 2012 03:24 PM

අපේ උණුසුම් සුභපැතුම්

:       0       0

පරාක්‍රම Thursday, 03 May 2012 05:19 PM

අපේ දරුවො කියන්නේ ලෝකෙම දිනන දරුවෝ. ආසියාවේ හොඳම උගත් ළමයි අපට ඉන්නවා.

:       0       0

ජොහාන් Thursday, 03 May 2012 06:22 PM

ඉතාලි වල ඉන්න අපිට ලොකු ආඩම්බරයක් ,,, පෙන්නන්න අපේ පුංචි රටේ දස්කම්...

:       0       0

රුවන් Thursday, 03 May 2012 08:08 PM

(auguri !! ) සුභ පැතුම්!!! (ස)

:       0       0

සුරන්ග Thursday, 03 May 2012 08:20 PM

වෙරෝනා ඉන්න සිංහල අපිට හරි ආඩම්බරයි...

:       0       0

සැමිසන් Friday, 04 May 2012 04:54 PM

අපේ උණුසුම් සුභ පැතුම්!

:       0       0

චමින්ද Thursday, 03 May 2012 11:09 PM

දක්ෂයන් අතරින් ප්‍රථමයා වෙච්ච නිර්මාල් ඔබටත් ඔබගේ සදාදර දෙමව්පියන්ටත් අපගේ සුබ පැතුම් (ස) !!!!!!!!!!!

:       0       0

දිල්හානි Thursday, 03 May 2012 11:58 PM

ඔබ ඔබේ රටට ආඩම්බරයක් වගේම දෙමාපියන්ට යුතුකම් ඉටුකල පුතෙක්....ඔබට අපේ සුභ පැතුම්

:       0       0

අනුර Friday, 04 May 2012 01:00 AM

කොහේ ගියත් ලංකා‍වේ පුත්තු බැබ‍ළෙනවා.

:       0       0

තිලින පෙරේරා Thursday, 03 May 2012 11:01 AM

අපේ උණුසුම් සුභපැතුම්

:       0       0

ඩී. පී ලියනගේ Thursday, 03 May 2012 11:44 AM

කොහේ ගියත් ලංකාවේ පුත්තු බැබළෙනවා.

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ Thursday, 03 May 2012 12:26 PM

උගත මනා ශිල්පයමයි මතු රැකෙනා දරුවන් ඔබයි මව්බිම නම්බුව රකිනා සැලසුම් කළත් පාගන්නට ලොව දුදනා පෙන්වනු උතුම් රට ලක්බිම මයි වටිනා

:       0       0

අන්දෝනි Thursday, 03 May 2012 12:32 PM

ඔබ අපේ රටට ආඩම්බරයි පුතේ.

:       0       0

සුමිත් Thursday, 03 May 2012 12:30 PM

ඇමෙරිකාව ඔබාමට. ඉතාලිය ලංකාවට. ජය සිකුරුයි. ඔහොම යමු.

:       0       0

අනුර - ඉරාකය Thursday, 03 May 2012 01:10 PM

කොහෙ ගියත් අපේ රටේ නම තියන්න සූරයො ඉන්න එක ගැන ආඩම්බරයි, සුභපැතුම් නිර්මාල්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site