සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති මොහොමඩ් හුසේන් මොහොමඩ් මහතා ප්‍රථම වරට නැගෙනහිර කලාපීය ශ්‍රී ලාංකිකයින් හමු විය.
සෞදි ශ්‍රී ලංකා වෙළෙඳ සබඳතා මෙන්ම සෞදි සංචාරකයින් ශ්‍රී ලංකාවට තව තවත් නැඹුරු කිරීමේ සාර්ථක පියවරක් ඉදිරියට තැබීම ශ්‍රී ලංකා රජය ලැබු ලොකු ජයග්‍රහණයක් බවත් ශ්‍රී ලංකාවේ ආයෝජනයට සෞදි රජයෙන් ආධාර මෙන්ම සෞදි අරාබියේ රැකියාවන් සඳහා පැමිණෙන ගෘහ සේවිකාවන් ඇතුළු නුපුහුණු ශ්‍රමිකයින් හට පුහුණු වැඩසටහන් ඇරැඹීමට සෞදි තාක්ෂණ නිලධාරීන් ඉදිරි දෙසතියක දී ශ්‍රී ලංකාවට යෑමට නියමිත බවත් ඔහු කීවේය.
දමාම් නුවරට බොහෝ ඈතින් පිහිටි අල් හසා සහ හෆුෆ් ප්‍රදේශවලද සංචාරය කළ තානාපති එහි ශ්‍රී ලාංකිකයාන්ගේ තොරතුරු සොයා බැලීය.
සෆුවා ප්‍රදේශයේද සංචාරය කළ තනාපති එහි ශ්‍රී ලාංකික හා ව්‍යාපාරික ප්‍රජාව විසින් පිළිගනු ලැබීය.
ශ්‍රී ලාංකික දරුදැරියන් සඳහා ජාත්‍යන්තර පාසලක් ලබා දෙන්නැයි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ ඉල්ලුහ.
හුසේන් මොහොමඩ් මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකික සහෝදර ජනතාව වෙනුවෙන් ඕනෑම සුබවාදී කටයුත්තක් කිරීමට තමා සෑම උත්සාහයක්ම ගන්නා බවයි.
නැගෙනහිර පළාතේ විදේශ සේවා නියුක්ති කාර්යාංශ සුභසාධන නියෝජිත චාලි තලයරත්න මහතාද තනාපති සමඟ මේ ගමනට සහභාගී විය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම වැඩ කරන්නෙත් ශ්‍රී ලංකා තානාපති මේ ආව කියන අල්හාසා ප්‍රදේශයේ .... මෙහෙ ලංකාවේ අය නිතරම එන ලංකා හෝටලයක් තියනවා. අඩුම ගානේ පොඩි දැනුම්දීමක් කරල එන්න තිබුනනේ ... මේ ඔක්කොම බොරු දේවල් . එන්න ඇති කට්ටිය හම්බවෙන්නත් ඇති . එත් පූර්ව ප්‍රචාරයක් දීල තිබුන නම් අපිටත් එන්න තිබුන . මෙයාල තමන්ගේ වගකීම් යුතුකම් හරියට ඉටු කරනවානම් මේ රටවල් වල මිනිස්සු දුක් විදින්නෑ (බ)
මේවා තානපති විජ්ජා සේවා (නදී)
මෙම තානාපති කාර්යාලයෙන් කෙරෙන සේවය ගැන අපි නම් කිසිම සතුටක් නැහැ. මම පුද්ගලිකවම දන්නවා මෙම තානාපති කාර්යාල හරහා අපට අවශ්‍ය දේවල් වෙන්නේ නැති විත්තිය. මෙමෙ කාර්යාලයට දුරකථන පණිවිඩයක් දීල ආයුබෝවන් කිව්වොත් උඩ බිම බලන ශ්‍රී ලංකික අනන්‍යතාවයක් නොදන්නා සේවක පිරිසක් ඉන්නේ. මම මේක වගිකීමෙන් කියන්නේ. මොකද මම මේ අත්දැකීම් ලබපු නිසා. මට මෙහෙම නම් අසරණ මිනිසුන්ට කොහොම සලකනවද කියල මට හිතා ගන්නත් බැහැ.(නදී)
ඉන්දික ගේ කතාවට මමත් එකගයි.ඔවුන් යම් ප්‍රදේශයකට යනවා නම් ඒ ප්‍රදේශයේ ඉන්න ලාංකිකයෝ ඔක්කොටම අනිවාර්යෙන් දැනුම් දීමක් කරන්න ඕන. මමත් සෞදි ඇවිල්ලා අවුරුදු 3 වෙනවා අපි ඉන්නවද මැරිලද කියලවත් ඔවුන් දන්නේ නැහැ.(දිල්)