IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලංකා තේ රස කරන්න අලුත් රෙගුලාසිය බලාත්මක කරයි

(අංජුල මහික වීරරත්න)

තේ දළුවල ප්‍රමිතිය ඉහල නැංවීම සඳහා ලංකා තේ මණ්ඩලය විසින් හඳුන්වා දෙන ලද B 60 වැඩ පිළිවෙළ ජනවාරි 1 වැනිදා  සිට බලාත්මක කළ බව ලංකා තේ මණ්ඩල කොමසාරිස් ජයන්ත එදිරිසිංහ මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.

නෙලා ගන්නා ලද තේ දළුවලින් සියයට 60ක්  ළපටි දළුවලින් සමන්විත ව තිබීම මෙම B 60 වැඩ පිළිවෙළ යටතේ අත්‍යවශ්‍ය වේ.

මෙරට නිෂ්පාදනය කෙරෙන තේ වල ගුණාත්මකභාවය ඉහල නැංවීම අරමුණු කර ගනිමින් මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කර ඇත.

මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම මගින් මෙරට වාර්ෂික තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 90කින් ඉහල යන අතර ප්‍රතික්ෂේපිත ( Refused Tea) තේ අන්තර් ගතවීම සියයට 7 දක්වා අවම කර ගැනීමට හැකි වන බව ලංකා තේ මණ්ඩලය පවසයි.

සාමාන්‍යයෙන් නිෂ්පාදනය කරන තේ වලින් ප්‍රතික්ෂේපිත තේ (Refused Tea)  තිබිය හැකි ප්‍රමාණය සියයට 7ක් වුවද , B 60 වැඩ පිළිවෙළ ක්‍රියාත්මක නොකිරීමෙන් ප්‍රතික්ෂේපිත තේ ප්‍රමාණය සියයට 17 දක්වා ඉහළ යා හැකි බව තේ මණ්ඩලය සඳහන් කරයි.



අදහස් (4)

ලංකා තේ රස කරන්න අලුත් රෙගුලාසිය බලාත්මක කරයි

තේපානිස් Thursday, 04 January 2024 01:50 PM

මේ සඳහා ඉතාමත් අවශ්‍ය දෙයක් තමයි දලු නෙලීම කරන අයට නිසි පුහුණුවක් ලබාදීම... සාමාන්‍යයෙන් අමුදලු කිලෝ ගණනේ නෙලනවිට සමහරක් අය වැඩි බරක් ගන්න මෝරපු කොළ කඩා ගේනවා (මේවා නිසා සාධාරණ ලෙසට කඩන අයටත් පාඩුවක් වෙනවා) ඊළඟට කසල තේ ලෙසට විශාල ප්‍රමාණයක් ඉවත්කරන්න වෙනවා. ඒවා බලපත්‍රලාභීන් අඩුවෙන් මිලට ගෙන කලවම් කරලා හොඳ තේ ලෙසට වෙළඳ පලට යවනවා... ලංකා තේ සංනාමය බාල වෙනවා වගේම ඒවා නිෂ්පාදනය කරන්න බලශක්තිය විශාල වශයෙන් වැයවෙනවා...

:       0       9

රනේ Thursday, 04 January 2024 03:47 PM

ලංකාව රසම තේ හැදුවාට අපේ රටේ අයට ගන්න ලැබෙන්නේ කසල...!

:       0       4

දෙල්ගොඩ Thursday, 04 January 2024 05:31 PM

මේක ප්‍රවර්ධනය කිරීමක් නොවෙයි, ඔබට පුළුවන් නම් රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රදේශයේ තේ කම්හලක් මගින් නිෂ්පාදනය කරන සි... අකුරින් පටන්ගන්නා තේ වර්ගයක් තියෙනවා... අරගෙන බලන්න...

:       0       3

Upul Friday, 05 January 2024 06:30 AM

කසළ තේ පරිභෝජනය ඵලදායී ලෙස අඩු කිරීමට අවශ්‍ය නම් එය අලෙවි කිරීම තහනම් කිරීමටත්, තේ හිමියන්ගේ බලපත්‍ර අහෝසි කිරීමටත් නීති පැනවිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site