එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වැනි මහා මණ්ඩල සැසි වාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිව්යෝක් නුවරදී ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හමුවිය.
මේ අතර මිහිතලය ආරක්ෂා කර ගැනීම සඳහා ලොව සියලූම රටවල් අනුගමනය කළ යුතු ක්‍රම හා විධි සහිත ඓතිහාසික සම්මුතියක් වූ පැරිස් සම්මුතිය ශ්‍රී ලංකාවේ තහවුරු කරමින් බලාත්මක කිරීමට කටයුතු කළ බවට වූ වාර්තාව මෛත්‍රිපාල සිරිසේන ජනපති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුලස්ථානයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මුන්ට පිළිගැන්වීමද සිදු කැරිණි.
එක්සත් ජාතීන්ගේ 71 වන මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වූ රාජ්‍ය නායකයින් වෙනුවෙන් ඇමරිකා ජනාධිපති බැරැක් ඔබාමා පිරිනමන ලද රාත්‍රී භෝජන සංග්‍රහයට විශේෂ ඇරයුම් ලැබූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔබාමා යුවළ සමග ඡායාරූපයකටද පෙනී සිටියේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මෙහේ ඇවිල්ලා කියනදේත් අහලම ඉමුකෝ (නි)
ඔබ අපේ රටට අභිමානයක් ජනපතිදුනි (නි)
පිරිසිදු චේතනාවෙන් කරන සේවයේ රැස් හැමතැනම විහිදෙනවා. (ම)
ඔබට සුබ පැතුම්! (නි)
ජයසේකර, තරහ නැතුව බදු වලින් වැඩිවුණ බඩු ලිස්ට් එක පොඩ්ඩක් කියමුද බලන්න? (නි)
සිරී, ලංකාවේ නෙමෙයිද ඉන්නේ? (නි)
රට රටවල ඇවිදිනවා වගේම ඒවායින් ප්‍රයෝජනයකුත් තිබෙන්න ඕනෑ (නි)
ඔබාමා යුවල නම් කටපුරා හිනාවෙලා ඉන්නේ. (නි)
2025 දක්වා ඔබමය අපගේ නොසැළෙන ජනපති .... (නි)
ජයසේකර, ලංකාවේ නම් තමයි. තරහ නැතුව දාමුකෝ බලන්න බඩු ලිස්ට් එක (නි)
අහෝ! අපේ අසරණ වූ රට, ජාතිය බේරගන්න එන්නේ කවුද? (නි)
මෙවන් නායකයෙක් රටකට වාසනාවන්! (නි)
ඔබතුමාට සුබ පැතුම්! අපේ රට වෙනුවෙන් හොඳ දෙයක් කරන්න. (නි)
ජයවේවා ශ්‍රී ලංකා මාතා! (නි)