
(රේඛා තරංගනී ෆොන්සේකා)
කොවිඩ් වසංගත තත්ත්වයේ ඩෙල්ටා ප්‍රභේදය රට පුරා පැතිර යාමේ අවදානමක් පවතින අවස්ථාවේ නිරෝධාන සෞඛ්‍ය නීති උල්ලංගනය වන ආකාරයට උද්ඝෝෂණයක් සිදු කර අයුතු ලෙස ජනයා ඒකරාශී කිරිමෙන් ජනජීවිතය අවධානමකට ලක්කළ බව කියමින් ලංකා ගුරු සේවා සංගමයට සහ එරෙහිව යුක්තිය උදෙසා ජනතාව සංවිධානයේ සභාපති ඩිල්ශාන් ගමගේ මහතා විසින් කොළඹ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් සිදු කරනු ලැබිය.
මෙම පැමිණිල්ල බාර දීමට මොරටුව කේන්ද්‍ර කරගනිමින් පිහිටවා ඇති යුක්තිය උදෙසා ජනතාව සංවිධානයේ ලේකම් තරිඳු රොද්‍රිගූ ජාතික සංවිධායක ආර්.එම්.කුමාර, සහ නිතිඥ මධුරංග විජයරත්න යන මහත්වරු එක්ව සිටියහ.
මෙම නීති විරෝධී උද්ඝෝෂණය සංවිධානය කළ වෘත්තීය සමිති නායකයන් සහ ඒ සඳහා සහභාගී වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ද මහජන සෞඛ්‍ය අවදානම සහිත උද්ඝෝෂණය පාලනය කිරීමට ක්‍රියා නොකළ සෞඛ්‍ය අවදානම පිළිබඳව සොයා නොබැලූ සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් සහ වගකිවයුතු සෞඛ්‍ය නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙසද එම පැමිණිල්ලේන් ඉල්ලා ඇත.
ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සහ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ යන මහතුන්ගේ නායකත්වයෙන් වෘත්තිය සමිති ගණනාවකගේ මූලිකත්වය යොදාගනිමින් සංවිධානය කළ මෙම උද්ඝෝෂණය සිදු කිරීමේදී ඔවුන්ගේ උද්ඝෝෂණ ක්‍රියාදාමය නිසා තමා ඇතුලු දෛනික රාජකාරිවලට කොළඹට පැමිණ සිටි සියලු සේවා ස්ථාන සඳහා වාර්තා කිරීමට ගිය සේවකයන් නීති විරෝධී උද්ඝෝෂණ මගින් දැඩි ලෙසම අවදානමකට ලක් වූ බව ඒ මහතා පැමිණ සිදු කරමින් කියා සිටියහ
මෙම නීති විරෝධී උද්ඝෝෂණය මගින් ශ්‍රී ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 262 වදන්ති ප්‍රකාරව රෝගයක් පැතිරෙන ආකාරයෙන් නොසැලකිලිමත්ව කටයුතු කිරීම සහ ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 263 වගන්තිය අනුව ජන ජීවිතයට අන්තරාදායක ලෙස කටයුතු කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවද එම සංවිධානය පැමිණිල්ල සිදුකරමින් වැඩිදුරටත් කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම කාලීන පියවරක්. ජෝශප් ස්ටාලින්, මහින්ද ජයසිංහගේ ගුරු ත්‍රස්තවාදයෙන් රටත්, සිසු පරපුරත් මුදාගත යුතුයි.
ඇවන්ට්ගාඩ්, අනිත් කණත් පලාගන්න තමයි හදන්නේ...!
මේ කටුක අවධියක සල්ලිම ඉල්ල ඉල්ලා රටම අපහසුතාවයට පත්කරන N.G.O. නඩයට නම් දඬුවම් හිමිවිය යුතුයි.
ඉතාම හොඳ වැඩක්... නමුත් මේකට නාමල් කරුණාරත්න මෙහෙයවන ගොවි උද්ඝෝෂණත් ඇතුළත් කරන්න ඕනේ. උද්ඝෝෂණ, උපවාස මේවා කරන්න ඕනේ සේවකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්... නමුත් මේ ඒකට වෙලාව නෙමෙයි. මේකේ හොඳ නරක කියා දෙන්න බැහැ. මොකද අපිට උගන්නපු ගුරුවරුත් මෙතන ඉන්නවා. අපි කොහොමද වැඩේ වැරැදි වුණත් උපදෙස් දෙන්නේ?
ගුරු සංගම් විතරක්ද? දැන් ඔය නීතිය කඩ කරන්නේ. කඩේ යන්න එපා මහත්තයෝ... ආණ්ඩුවේ මැති ඇමතිවරු කිරිබත් කාලා ජය සමරන ඒවා පේන්නේ නැත්තේ ඇයි කියලා තේරුම් ගන්න පුළුවන්...
විහිළු කරන්න එපා..
කොච්චර උගත්, බුද්ධිමත් සංවිධානයක්ද කියලා පේනවා පිටිපස්සේ ඉන්න කෙනා දැක්කම... මුහුණු ආවරණයකින් අමතර ආරක්ෂාවක් මිසක් මුඛ ආවරණයකින් ලැබෙන ප්‍රතිලාභය ලැබෙන්නේ නෑ.
ඒ එක්කම ආණ්ඩුවත් විරුද්ධව පැමිණිල්ලක් දැම්මොත් නරකද? මෙයාලට මෙච්චරකල් ගිහිල්ලත් ඇයි වැටුප් වැඩි නොකළේ කියලා... එහෙම වුණොත් තමයි ඔබලා දාගෙන තියෙන නමට අරුතක් ලැබෙන්නේ...
ටයි කෝට් ඇන්දාම ඉබේම සභාපතිතුමෙක් වෙනවා කියලා හිතන්න ඇති... පාරේ කිරිබත් උයාගෙන කනකොට මෙයා කොහේද දන්නේ නෑ හිටියේ...? ගුරුවරුන්ට අමාරුවක් නෑ... නිකන් ස්ට්‍රයික් කරන්න ජීවිත අවදානමකුත් අරගෙන... අද බඩුමිල දරාගන්න කාටද පුළුවන්? හෙට අනිද්දාට කිරිපිටි වල මිලත් ඉහළ යයි. අනෙකුත් සේවකයිනුත් පාරට බහින දිනය වැඩි ඈතක නෑ මෙහෙම ගියොත්...!
ගුරු-විදුහල්පති ඉල්ලීම් සාධාරණ වේ. ඒ පිළිබඳ විවාදයක් නැත. නමුත් මේ විරෝධතා රැල්ල සමග ස්ථිරවම ගුරුවරුන් විශාල ප්‍රමාණයක් කොවිඩ්වලට ගොදුරු වෙනවා. ඒ බව ඔවුන් අවධාරණය කරගත යුතුයි. ඔවුන්ට වැක්සින් දුන්නත් එමගින් රෝගය බෝවීම වැළකෙන්නේ නැති බව අවධාරණය කරගත යුතු වෙනවා.
අනේ මිනිසුන්ට තියෙන ආදරේ, කීයක් ඔහේලාට ලැබුණාද ඔය වැඩේට.., මිනිස්සු ඕවාට දෙපැත්තෙන්ම හිනාවෙනවා කොල්ලෝ...