වත්මන් රජය සෑම වෘත්තියකම ගෞරවය ආරක්ෂා කරන බවත්, ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගම සවිබල ගැන්වීම හා නව සේවා ව්‍යවස්ථාව ගැන ගුරුවරුන් දැනුම්වත් කිරීමෙන් ලංකා ගුරු සංගමයේ සාමාජිකයන් අඩුවෙතියි එහි ලේකම් බියවී ඇති බව පෙනෙන බවත් බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කියයි.
ආයතන සංග්‍රහය අනුව වෘත්තීය සමිති හෝ සම්මේලන මගින් සංවිධානය කරන පුහුණු පාඨමාලා හෝ වැඩමුළුවලට සහභාගී වන නිලධාරීන්ට රාජකාරි නිවාඩු ලබා දිය හැකි බව ද, යමකු නිවැරදි කණ්ඩායමට එකතු වන විට වැරදි කණ්ඩායම අතහරින බව ද, එවිට වැරදි කණ්ඩායමේ නායකයන් බියට පත් වන බව ද , ලංකා ගුරු සංගමයට ඇත්තේ එවැනි බියක් බව ද රණතුංග මහතා පවසයි.
ලංකා ගුරු සංගමයේ චෝදනාව ගැන කලබල නොවන තමා ඔවුන් ගැන අනුකම්පා කරන බව ද ඔහු කියයි.
බස්නාහිර ගුරුවරුන් දේශපාලන වඩට යොදා ගනිතියි ලංකා ගුරු සංගමය අද නිවේදනයක් නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනය හැර රටේ අන් සියලුම දේ දේශපාලනීකරණය වෙලා (නි)
අනේ බන්දුල නොදන්නා ඒවා කියන්න එපා (නදී)
මේ රටේ අධ්‍යාපනයත් සමඟ දේශපාලනය පටලාගන්න එක නම් එච්චර හොඳ නැහැ (නි)
චානක සමඟ මමත් එකඟ වෙනවා (නි)
අධ්‍යාපනයට දේශපාලනය රිංගවා ගන්නවා කියන්නේ මේවට තමයි (නදී)
එහෙනම් ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය ගුරුවරුන්ගේ සියලු ප්‍රශ්න විසදාවී? (අ)
ජේ.වී.පි අයට විතරයි හොද අධ්‍යාපන ආයතන වල දේශපාලනය කරන්න.කොහොමටත් එයාලා අනිත් මත බලහත්කාරයෙන් පහතට දාන්න නේ බලන්නෙ.නවක වදයෙන්ම ඒක පේනවානෙ. (අ)
මොන වැරැද්ද කලත් ඡන්දෙ අපේ ආණ්ඩුවට තමා, වැරදි ගොඩයි, එ්ත් අපේ කට්ටියනේ. මගේ බලාපොරොත්තුව මෙදා ලොකු මුදලක් මුලික වැටුපට එකතු කරයි කියලයි. (නදී)
එතකොට ගුරු සංගමේ මොකක්ද කරන්නේ දේශපාලනය නෙමෙයිද..අනේ අපි නොදන්නා ස්ටර්ලින් ගොයියාගේ වැල් බයිලා.තමන්ගේ වෘත්තිය අයිතිවාසිකම් දිනාගන්න පඩිපත වැඩිකරගන්න උසස්පෙළ සිසුන්ගේ පිළිතුරුපත් ඇගයීම වරක් නොව කීප වරක් ඇපේට ගත්තු ඒකෙන් නින්දිත පහත් අශික්ෂිත කාලකන්නි විදියට ගෞරවනිය ගුරු වෘත්තියට නොගැලපෙන ආකාරයට ඉල්ලීම් දිනාගන්න උත්සහ ගත්තු ගෞරවනිය ගුරු වෘත්තියත් කාලකන්නි බංකලොත් දේශපාලනයත් එකට පටලවල ගුරුවරයෙක් ගැන තියෙන භක්තිය ගෞරවය විනාශ කරපු ගුරුවරියන් තම ඉල්ලීම් සදහා වහලවල් වල නග්ගල ගුරු වෘත්තිය හැමෝගෙන්ම සිනහවට සමච්චලයට ලක් කරවපු ගුරු සංගමය ගැන කවර කතාද? එයාල අදහන බංකලොත් දේශපාලනේ තමයි ගුරුකම විතරක් නෙමෙයි අනෙකුත් සියලු වෘත්තින් වලට අද වින කැටල විනාශ කරලා තියෙන්නේ..(අ)
බන්දුල ....නිකන් මෝඩයෙක් වෙන්න එපා ...ගුරු වෘත්තිය විතරක් නොවෙයි ඕනෙම ප්‍රශ්නයකට බහුතරයකට පිළිගන්න ක්‍රමවේදය සකස් කිරීම පාලක පන්තියේ වගකීමයි. ඔවුන් එය හරියට ඉටුකරනවා නම් කිසිම කෙනෙකුට කිසිම කෙනෙක් පොළඹවා උද්ගෝෂණය කල නොහැකි වෙනවා. මේවා විසදන්න අමාරු ප්‍රශ්ණ නොවේ. කරුමෙට වෙලා තිබෙන්නේ පාලක පන්තිය නියෝජනය කරන්නේ සුදුසු පුද්ගලයන් නොවීමයි. එ්කේ නියෝජනය වන්නේ කෝච්චිවල මාල කඩපු, එතනෝල්, කුඩු ගෙන්වන බුද්ධියෙන් තොර අයවලුන් කියා ඔබ නොදන්නවා නොවිය හැක. ඔවුන්ට පුලුවන්ද මේ ජනතා ප්‍රශ්ණ විසදන්න. ඔවුන්ට කල හැක්කේ පාලක පන්තියට විරුද්ද මතවාදීන්ට පොලු මුගුරු වලින් පොලිසි ඉදිරිපිටදීම පහරදීම පමණි. (නදී)