IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


‘ලංකා ගුරු සංගමේ බයවෙලා‘

වත්මන් රජය සෑම වෘත්තියකම ගෞරවය ආරක්ෂා කරන බවත්, ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගම සවිබල ගැන්වීම හා නව සේවා ව්‍යවස්ථාව ගැන ගුරුවරුන් දැනුම්වත් කිරීමෙන් ලංකා ගුරු සංගමයේ සාමාජිකයන් අඩුවෙතියි එහි ලේකම් බියවී ඇති බව පෙනෙන බවත් බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කියයි.

ආයතන සංග්‍රහය අනුව වෘත්තීය සමිති හෝ සම්මේලන මගින් සංවිධානය කරන පුහුණු පාඨමාලා හෝ වැඩමුළුවලට සහභාගී වන නිලධාරීන්ට රාජකාරි නිවාඩු ලබා දිය හැකි බව ද, යමකු නිවැරදි කණ්ඩායමට එකතු වන විට වැරදි කණ්ඩායම අතහරින බව ද, එවිට වැරදි කණ්ඩායමේ නායකයන් බියට පත් වන බව ද , ලංකා ගුරු සංගමයට ඇත්තේ එවැනි බියක් බව ද රණතුංග මහතා පවසයි.

ලංකා ගුරු සංගමයේ චෝදනාව ගැන කලබල නොවන තමා ඔවුන් ගැන අනුකම්පා කරන බව ද ඔහු කියයි.

බස්නාහිර ගුරුවරුන් දේශපාලන වඩට යොදා ගනිතියි ලංකා ගුරු සංගමය අද නිවේදනයක් නිකුත් කළේය.



අදහස් (0)

‘ලංකා ගුරු සංගමේ බයවෙලා‘

චානක. Wednesday, 22 October 2014 11:01 PM

දේශපාලනය හැර රටේ අන් සියලුම දේ දේශපාලනීකරණය වෙලා (නි)

:       0       0

සමීර සාලින්ද Thursday, 23 October 2014 10:16 AM

අනේ බන්දුල නොදන්නා ඒවා කියන්න එපා (නදී)

:       0       0

අශේන් Thursday, 23 October 2014 12:52 AM

මේ රටේ අධ්‍යාපනයත් සමඟ දේශපාලනය පටලාගන්න එක නම් එච්චර හොඳ නැහැ (නි)

:       0       0

විරාජ් Thursday, 23 October 2014 01:16 AM

චානක සමඟ මමත් එකඟ වෙනවා (නි)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 22 October 2014 12:15 PM

අධ්‍යාපනයට දේශපාලනය රිංගවා ගන්නවා කියන්නේ මේවට තමයි (නදී)

:       0       0

අනුරශාන්ත Thursday, 23 October 2014 02:47 AM

එහෙනම් ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය ගුරුවරුන්ගේ සියලු ප්‍රශ්න විසදාවී? (අ)

:       0       0

නිශාන්ත Thursday, 23 October 2014 02:48 AM

ජේ.වී.පි අයට විතරයි හොද අධ්‍යාපන ආයතන වල දේශපාලනය කරන්න.කොහොමටත් එයාලා අනිත් මත බලහත්කාරයෙන් පහතට දාන්න නේ බලන්නෙ.නවක වදයෙන්ම ඒක පේනවානෙ. (අ)

:       0       0

ජනිත් Wednesday, 22 October 2014 01:14 PM

මොන වැරැද්ද කලත් ඡන්දෙ අපේ ආණ්ඩුවට තමා, වැරදි ගොඩයි, එ්ත් අපේ කට්ටියනේ. මගේ බලාපොරොත්තුව මෙදා ලොකු මුදලක් මුලික වැටුපට එකතු කරයි කියලයි. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 23 October 2014 04:22 AM

එතකොට ගුරු සංගමේ මොකක්ද කරන්නේ දේශපාලනය නෙමෙයිද..අනේ අපි නොදන්නා ස්ටර්ලින් ගොයියාගේ වැල් බයිලා.තමන්ගේ වෘත්තිය අයිතිවාසිකම් දිනාගන්න පඩිපත වැඩිකරගන්න උසස්පෙළ සිසුන්ගේ පිළිතුරුපත් ඇගයීම වරක් නොව කීප වරක් ඇපේට ගත්තු ඒකෙන් නින්දිත පහත් අශික්ෂිත කාලකන්නි විදියට ගෞරවනිය ගුරු වෘත්තියට නොගැලපෙන ආකාරයට ඉල්ලීම් දිනාගන්න උත්සහ ගත්තු ගෞරවනිය ගුරු වෘත්තියත් කාලකන්නි බංකලොත් දේශපාලනයත් එකට පටලවල ගුරුවරයෙක් ගැන තියෙන භක්තිය ගෞරවය විනාශ කරපු ගුරුවරියන් තම ඉල්ලීම් සදහා වහලවල් වල නග්ගල ගුරු වෘත්තිය හැමෝගෙන්ම සිනහවට සමච්චලයට ලක් කරවපු ගුරු සංගමය ගැන කවර කතාද? එයාල අදහන බංකලොත් දේශපාලනේ තමයි ගුරුකම විතරක් නෙමෙයි අනෙකුත් සියලු වෘත්තින් වලට අද වින කැටල විනාශ කරලා තියෙන්නේ..(අ)

:       0       0

චානක. Thursday, 23 October 2014 05:15 AM

බන්දුල ....නිකන් මෝඩයෙක් වෙන්න එපා ...ගුරු වෘත්තිය විතරක් නොවෙයි ඕනෙම ප්‍රශ්නයකට බහුතරයකට පිළිගන්න ක්‍රමවේදය සකස් කිරීම පාලක පන්තියේ වගකීමයි. ඔවුන් එය හරියට ඉටුකරනවා නම් කිසිම කෙනෙකුට කිසිම කෙනෙක් පොළඹවා උද්ගෝෂණය කල නොහැකි වෙනවා. මේවා විසදන්න අමාරු ප්‍රශ්ණ නොවේ. කරුමෙට වෙලා තිබෙන්නේ පාලක පන්තිය නියෝජනය කරන්නේ සුදුසු පුද්ගලයන් නොවීමයි. එ්කේ නියෝජනය වන්නේ කෝච්චිවල මාල කඩපු, එතනෝල්, කුඩු ගෙන්වන බුද්ධියෙන් තොර අයවලුන් කියා ඔබ නොදන්නවා නොවිය හැක. ඔවුන්ට පුලුවන්ද මේ ජනතා ප්‍රශ්ණ විසදන්න. ඔවුන්ට කල හැක්කේ පාලක පන්තියට විරුද්ද මතවාදීන්ට පොලු මුගුරු වලින් පොලිසි ඉදිරිපිටදීම පහරදීම පමණි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1597 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 556 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 631 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site