(රංජන් කස්තුරි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ලෝක ගුරු දිනය නිමිත්තෙන් මීගමුව පාසල පැවැති උත්සවයකදී ගුරුවරුන් හා ගුරුවරියන් අශෝභන ලෙස නර්තණයක යෙදුණු බවට  මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයට පැමිණිල්ලක් ලැබී ඇත.  

පාසලකට හෝ ගුරුදින සමරුමකට හෝ නොගැලපෙන ගීතයක් පසුබිමෙන් වාදනය වෙද්දී ගුරුවරු හා ගුරුවරියන් පිරිසක් ඊට තාල තබමින් නර්තණයක් යොදෙන දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් මේ දීනවල සමාජ මාධ්‍යවල සැරසන අතර ඊට බොහෝ පිරිසකගේ විරෝධය එල්ල වී තිබේ.

‘‘මේ මධ්‍යසාර බිමේ ජොලිය - ගෑණු නොදන්නේ - ඒ රසය දන්න නිසයි පිරිමි අපට නොදෙන්නේ‘‘ යන ගීතයට ගුරුවරු ගුරුවරියන් නර්තනයක යොදෙන ආකාරය එම වීඩියෝවෙන් ප්‍රදර්ශනය වේ.