ඕස්ටේ‍්‍රලියාවේ ෆර්ත් නුවර පදිංචි නලින් ජයවර්ධන සංගීතයෙන් දස්කම් දක්වයි. ඔහු කුඩා කළ සිට සංගීතයට ඇළුම් කළේය.
මේවන විට ඔහුගේම ස්වතන්ත‍්‍ර නිර්මාණ සමග වෙනත් ගීත ඇතුළත් ගී තැටි බොහෝමයක් එළිදැක්වීමට ඔහු සමත්වී ඇත්තේය. දේශීය වාද්‍ය භාණ්ඩ වලට මුල්තැන දෙමින් දේශීය සංස්කෘතිය ප‍්‍රධාන කොට නිර්මාණය වූ බොහෝ ගීත වල පද රචනා ඇමෙරිකාවේ වෙසෙන ආචාර්ය විකුම් පෙරේරාගේ සංගීත අධ්‍යක්ෂක සංගීත් වික‍්‍රමසිංහ සංගීතය සපයයි. නව පරපුරේ ගායිකා නිමන්ති චමෝදනී නලීන් සමග යුග ගී ගායනයට එක් වී සිටියි.
ඔහුගේ ගී තැටි විශාරද සුනිල් එදිරිසිංහ කලාකරුවාට පිළිගැන්වීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ උණුසුම් සුබ පැතුම් නලින් අයියා ... තුරුණුවන්ගේ සරණින් දිර්ගායුෂ පතනවා (නදී)
මේ ආනන්ද ජයවර්දන මහත්මයාගේ පුතෙක්ද ..එහෙනම් තාත්තත් සංගීතයට සම්බන්දනේ (නදී)
සිංදුවක කොටසක් තියෙන වීඩියෝ එකක් දැම්මා නම් තවත් වටිනවා. (නදී)
දර්ශන මහතාට පළමුව සිංහල පන්තියකට ගොසින් ඕනෑම පුවතක හෙඩිම එක ගැන අවබෝදයක් ලබා ගන්නේනම් හොදය. මම කියා ඇත්තේ මෙම පුවතේ සිරස් තලය මෙම පුවතට උචිත නැති බවයක්. ඔබ තුමා ඉංග්‍රීසියට වදින්නේ නැත්නම් මොනවද ඔයා ඕස්ට්‍රේලියාවල කරන්නේ. (බ)
ජයන්ත මහත්තයෝ නලින් සින්දු ගයන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න සිංහල සුද්දන්ට හා ඉංග්‍රීසියට දෙපා නමා වඳින සිංහල කළු සුද්දන්ට .රවී මහත්තය කියනවා නලින් දැකල නැහැලු .ඔයා පර්ත් වල කාවද දැකල තියෙන්නේ .ඔහේ ඉන්න සමහර කළු සිංහලයන් ගැන කියන්න ගියොත් ජාතක පොතක් ලියන්න පුළුවන් .උඩ බලාගෙන කෙල ගහගන්නේ ඇයි? (අ)
"නලින්ගේගීත පත්තර වල ඉන්න අය අහලානැතිවුනාට ලෝකයේ අන් රටවල්වය අය අගේට රස විදිනවා,ගීත 350 අදිසංඛයාවක් ගයා ඇති ඔහුගේ ගීත ලංකාවේ නාලිකා සහ යූටියුබය පුරාම ඉතාපහසුවෙන් සොයා රස විදිනට පුලුවන්" ඔහුගේ ගානයනය කෙනෙකුගේ හදවතට දැනෙන ගීත හඩකින් ගායනා කරන ගයකයේ. සුබ පැතුම් නලින් අයියා ...(බ)
මෙහෙම"නලින්අයියා ගේගීත පත්තරවල ඉන්න අය අහලා නැති වුනාට ලෝකයේ අන්රටවල් වල අය අගේට රස විදිනවා,ගීත 350 අදිසංඛයාවක් ගයා ඇති ඔහුගේ ගීත ලංකාවේ නාලිකා සහ යූටියුබය පුරාම ඉතා පහසුවෙන් සොයාරස විදිනට පුලුවන්" මටනම් ඔහුගේ සිංදු හදවතට පුදුම විදිහට කා වදිනවා තවතව ගී ගායනා කරන්න අපි වෙනුවෙන් නලින් අයියා... ඔබට බුදුසරණයි.(බ)
මම පර්ත් වල අවුරුදු 10 ජීවත්වෙනවා. නලින් අදුනනවා. ගීත කියන බව දන්නේ අද. මෙහේ ශ්‍රී ලංකික ප්‍රවීණ කලාකරුවන් සමග යුග ගායනා කරන අය ඉන්නවා. නලින් නම් දැකල නැත. (නදී)
නිහඩ සේවයක් කරන හොඳ කලාකරුවෙක්, සිංහල රසිකයන් අතරට ඉක්මනට එයි (නදී)
අනේ මන්දා මමත් පර්ත් සෑහෙන කාලයක ඉදලා. අද තමයි දැක්කේ. (නදී)
ඉතින් කලින් සින්දු කියන බව දැකල නැති නම් දැන් බලා ගන්න. අපිත් දන්නවා ඔය කියන පුරවරයේ ඉන්න සමහරු ලාංකිකයන් පාරේ දැක්කත් අහක බලාගෙන යන කොට්ටාශයක් ඉන්නවා. මමත් ආරාධනයක් මත නිවාඩුවක් ගත කරන්න එහෙ ගිය විට දැකපු දෙයක් ඒක. (නදී)
සමහරුන්ගේ උපන් හැකියාවල් මතු වෙන්නේ ජීවිතයේ සෑහෙන කාලයක් ගියාට පසුව. සමහරුන්ට නොයෙකුත් හේතු නිසා ඒවා මුල සිටම එලි දක්කන්න බැරි වෙනවා. සමහරු කුලෑටියි. කවුරු හරි ඉදිරියට තල්ලු කලාම හිටි ගමන් මතු වෙන අයත් ඉන්නවා. ඉතින් මේ මොන කාරණාව උනත් මේ පුද්ගලයාගේ දක්ෂකම අගය කරන එක හොඳයි නේද ? මමත් එහෙ තමයි ඉන්නේ මෙහෙම කෙනෙක් දැකලවත් නැහැ කියන්නේ පිටරට ඉන්න සමහර අයගේ කුහක කම තමයි. (නදී)
ඇත්තටම සතුටුයි! (නි)
ගම්පහ කොල්ලෙක්. ජයවේවා ! (නදී)
නලින් මහත්තයා ඇති දක්ෂ ගායකයෙක්,හොඳ කලා කුසලතාවයක් තිබෙන කලාකාමියෙක්. ගම්පහ ප්‍රදේශයෙන් බිහිවුණු යහපත් මහත්මයෙක්.මමත් එතුමාට ඉතා සිතින් සුබ පතනවා. (නදී)
ඕස්ට්‍රේලියාව පිනවන්න මෙහෙ ඉන්න සුද්දෝ සිංහල දැන ගන්න ඕනේ. (නදී)