(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර ගම්මිරිස් ප්‍රජාව විසින් වාර්ෂිකව පවත්වන අන්තර්ජාතික සමුළුව 2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලෝකයේ ගම්මිරිස් නිෂ්පාදනය කරනු ලබන ප්‍රධාන රටවල් එක්ව 1972 වර්ෂයේදී ආසියා සහ පැසිෆික් කලාපයන්හි එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම යටතේ ජාත්‍යන්තර ගම්මිරිත් ප්‍රජාව නැමැති අන්තර්ජාතික සංවිධානය පිහිටුවා ගෙන ඇත.
මෙම සංවිධානයේ ප්‍රධාන සහ ස්ථිර සාමාජික රටවල් ලෙස ශ්‍රී ලංකාව ,ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව සහ වියට්නාමය කටයුතු කරනු ලබයි.
ගම්මිරිස් නිෂ්පාදනය හා සම්බන්ධ තාක්ෂණික හා ආර්ථික පර්යේෂණ ප්‍රතිඵල සාමාජික රටවල් අතර හුවමාරු කර ගැනීම සාම්ප්‍රදායික හා නව වෙළඳපොළ සඳහා වැඩසටහන් සකස් කිරීම හා ප්‍රවර්ධනය කිරීම,අන්තර්ජාතික වෙළදාම තුළ තීරු බදු හා තීරු බදු නොවන බාධක ලිහිල් කිරීම සඳහා සහයෝගීතාව ඇති කරගැනීම යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එකඟතාවයන්ට පැමිණීමේ අරමුණි ජාත්‍යන්තර ගම්මිරිස් ප්‍රජාවේ 52 වන අන්තර්ජාතික සමුළුව මේ වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා. පහුගිය දවස්වල ගම්මිරිස්වලට දිලීර රෝගයක් කියලා ප්‍රසිද්ධ මාධ්‍ය තුළින් දැක්කා.
සමුළුව ඉවර වුණාම අපේ අය ලංකාවේ හොඳම ගම්මිරිස් මෙව්වා තමයි කියලා ඵල දෙක ගානේ ඒ එන කට්ටියට දීලත් යවයි. අවුරුදු දෙක තුනකින් අය එහෙ හැදෙන ලංකාවේ ගම්මිරිස් විකුණයි... වෙන මොනවා වෙන්නද?
අපේ ගම්මිරිස් කර්මාන්තය විනාශ කලේ හම්බසෙට් එක...