IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ලංකා ගමනට පෙරහුරුවක්

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පිටත්වීමට සුදානම් වන චාර්ල්ස් කුමරුන් සහ කැමිලා කොන්වෝල් ආදිපාදවරියට සුබපැතීමට සංවිධානය කර තිබුණු  උත්සවය මංගල භේරි වාදනයක් මඟින් ඔප්නැංවීමට  සංවිධායකවරු කටයුතු කර තිබිණි.

මෙම අවස්ථාව සඳහා ලන්ඩන් නුවර ශ්‍රී ලාංකික සහ ඉන්දියානු ජාතිකයෝද ආරාධනා ලදහ.

උත්සවය පවත්වන ලද්දේ බ්‍රිතාන්‍ය රජ පවුලට අයත් ලන්ඩන් නුවර පැරණිම රජ මාලිගය වන ශාන්ත ජේම්ස් රජමැදුරේදිය.

ශාන්ත ජේම්ස් රජමැදුර අදටත් රාජකීය ප්‍රිය සම්භාසන සහ උත්සව පැවැත්වීම සඳහා යොදා ගැණේ. 

නර්තන අංග  ඉදිරිපත්කරන ලද්දේ ප්‍රවීණ නර්තන ශිල්පියෙකු සහ නැටුම් ගුරුවරයකු ලෙස ලන්ඩන් නුවර කටයුතු කරන ඒ.පී.අත්තනායක විසිනි. දක්ෂ නර්තන ශිල්පියෙකු වන අරුණ ශාන්ත මේ සඳහා ඔහුට සහාය විය.

උත්සවය සඳහා ශ්‍රී ලාංකික භේරි වාදන අංගයක් ඇතුළත් කිරීම සුදුසු බවට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් ලද ඇරයුමක් අනුව අවශ්‍ය ශිල්පින් සපයන ලද්දේ කිංග්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන් විසිනි.

උත්සව සභාවට චාල්ස් කුමරු සහ එම ආර්යාව කැඳවාගෙන යනු ලැබුවේ ශ්‍රී ලාංකික භේරි වාදන කණ්ඩායම විසිනි.

එම ප්‍රිය සම්භාසනය සඳහා මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නොනිස්ද සහභාගී විය.

උත්සවය අතරවාරයේ එම රංගන ශිල්පින්වෙත පැමිණි චාර්ල්ස් කුමරු සහ කැමිලා ආර්යාව ඔවුන් දැක්වූ දක්ෂතාවය පිළිබඳ ප්‍රසාදය පළකළහ.

කොළඹදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුව සඳහා බ්‍රිතාන්‍ය එලිසබත් මහා රැජින නියෝජනය කරමින් චාර්ල්ස් කුමරුන් සහභාගිවීමට නියමිතය. 

 



අදහස් (0)

ලංකා ගමනට පෙරහුරුවක්

පුක්කුස වීරේ එඩ්මන්ටන් Sunday, 27 October 2013 12:57 PM

අප නම් අසා ඇති විදියට රජ වරු තේවාව සහ වෙනත් පූජා තියන්න බෙර කාරයෝ පන්සලට එවනවා. මෙතන වෙලා තියෙන්නේ පන්සලෙන් බෙරකාරයෝ යවල රජ කුමරාටයි, කුමරියටයි බෙර ගස්සවනවා.(දිල්)

:       0       0

අජිත් මාපා Sunday, 27 October 2013 01:31 PM

කාලයට ගැලපෙන ශ්‍රී ලාංකිය අභිමානය ලංවෙන අවස්ථාවක් ජයවේව ?(දිල්)

:       0       0

පද්මිණි Sunday, 27 October 2013 09:21 PM

වේල්ස් කුමාරයා නෙමෙයි , ඕනෑම කුමාරයෙක් අපේ ආගන්තුක සත්කාරයට , අපේ අව්‍යාජ සිනහවට වශී වෙනවා. යුරෝපයේ සැම රටකම අපේ අව්‍යාජ තත්ත්වය, අවංක බව තහවුරු වී ඉවරයි. (නි)

:       0       0

පෙරේරා Sunday, 27 October 2013 02:08 PM

කවුරු කොහොම කිව්වත් අපේ අයගේ යටත් විජිත මනසිකත්වයනම් තම වෙනස්වෙලා නෑ(දිල්)

:       0       0

සෙන්ජී Monday, 28 October 2013 04:41 PM

පෙරේරාගේ නමේම යටත් විජිත මානසිකත්වය තිබෙනවා (නි)

:       0       0

පෙත්තා Sunday, 27 October 2013 02:41 PM

ලස්සන හිනාව.කෝටියක් වටිනවා..ජය.(දිල්)

:       0       0

දොඩන්ගොඩ Sunday, 27 October 2013 03:08 PM

ආඩම්බර විය හැකි කරුණක් (නි)

:       0       0

ගල් බණ්ඩා Sunday, 27 October 2013 11:25 PM

අරුණ ,එන්ගලන්තය ලංකා අහසට පොළව වගේ.මේ රටවල් සමාන කරලා අදහස් දාන්න එපා. (නි)

:       0       0

ලාල් කින්ස්බරි Sunday, 27 October 2013 03:20 PM

ආ..ඇත්තද පුක්කුස..? මට පෙනෙන විදියට පුක්කුසට බැඳගත්ත බෙරේ ගහගන්න බැරුවා වගේ. (නි)

:       0       0

චමත් ඉතාලිය Sunday, 27 October 2013 03:36 PM

අපේ අය මොනවා කළත් ඇදයක් පේනවා.අදහස් දාලා තිබෙන සමහරක් අයගේ හිතේ කුහකකම තමයි ප්‍රදර්ශනය කරන්නේ ...මොනවා කරන්නද? (නි)

:       0       0

චන්දිම Sunday, 27 October 2013 03:43 PM

සමහර බක පණ්ඩිතයන්ට මොන දේ කළත් වැරදියි. (නි)

:       0       0

මන්සිල් නෙදර්ලන්තය Sunday, 27 October 2013 04:21 PM

පෙරේරා මහතා සඳහන් කරන්නේ පෘතුගීසි යටත්වාදය ගැනද ? (නි)

:       0       0

ලක්ෂ්මන් Sunday, 27 October 2013 04:35 PM

පෙරේරා,මෙච්චර බාදා මැද්දේ මේ යන ගමනත් මදිද?ටිකක් ඉවසාගෙන බලා ඉදිමුකො (නි)

:       0       0

ශානි Sunday, 27 October 2013 05:05 PM

අපේ අයත් දැන් මේවා පටන් ගන්නවා .... (නි)

:       0       0

ඉඳුනිල්- කින්ස්බරි Monday, 28 October 2013 05:38 AM

එංගලන්තේ සුදු ජාතිකයෝ හොඳයි. අපේ කළු සුද්දෝ සුද්දන්ටත් වඩා. (නි)

:       0       0

නිමල් රණසින්ග්හේ Sunday, 27 October 2013 06:08 PM

මොනවා වුණත් ඔබලා අපේ රටට ආඩම්බරයක්.යටත් විජිත මානසිකත්වය ගැන කතා වැඩක් නැහැ. එහෙම නම් අපි මේ රටවල් වල ඉන්න සුදුසු නැහැ.අපි ගොඩක් ලාංකිකයෝ මේ රටවල්වල දුක් විඳලා ලංකාවට යවන විදෙස් විනිමය නැත්නම් දැනට අපේ රටට මොනවද තිබෙන ආදායම්? (නි)

:       0       0

දිසා Monday, 28 October 2013 07:55 AM

සකල සිරින් පිරි සිරි ලංකාවේ ...හා ..හා.. (නි)

:       0       0

පද්මිණි Sunday, 27 October 2013 07:00 PM

හැබැයි අර තංගල්ලේ ප්‍රශ්නයට මොනවා හරි කඩිනමින් කරන්න වෙයි. (නි)

:       0       0

අරුණ Sunday, 27 October 2013 07:04 PM

හැබැයි අපේ කුමාරවරු එහේ යනකොට එන්ගලන්තයේ නැට්ටුවෝ මෙහෙම නැටුම් නටන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 615 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1097 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site