ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 වසරේදී ලෝක කුසලානය දිනා වසර 20 ක් සපිරිම නිමිත්තෙන් කොළඹ සී.සී.සී පිටියේ සංවිධානය කර තිබූ විශේෂ ප්‍රදර්ශන ක්‍රිකට් තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්විය.
ඊට එක්ව සිටි පැරණි සහ නවක ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් හමුවූ ජනාධිපති ඔවුන්ට සුබ පැතුම් එක් කළේය. 1996 වසරේ ක්‍රිකට් ලෝක කුසලාන තරගයට එක්ව සිටි අර්ජුන රණතුංග ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ හිටපු ප්‍රවීන ක්‍රීඩක රෝයි ඩයස් ගේ නායකත්වයෙන් යුත් ක්‍රිඩකයින් කණ්ඩායමක් සමග පැවැත්වූ සුහද ක්‍රිකට් තරගය නැරඹීමටද ජනපති එක්වූ අතර ඔවුනට ත්‍යාග ද පිරිනැමීය.
පැවැති තරගයෙන් ලැබුණු මුළු ආදායම උතුරු නැගෙනහිර පළාත් වල වෙසෙන වකුගඩු රෝගීන්ට ආධාර පිණිස පරිත්‍යාග කිරීමේ චෙක්පත හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ජනාධිපතිට පිළිගැන්වීය. ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමය සංවිධානය කළ මෙම උත්සවයට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, සිංගර් ශ්‍රී ලංකා සභාපති හේමක අමරසූරිය, හිටපු ක්‍රිකට් සභාපති ආනා පුංචිහේවා යන මහත්වරු ඇතුළු ක්‍රීඩාලෝලීහු රැසක් එක්ව සිටියහ.
පැවැති සුහද තරගයෙන් අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් 1996 ලෝක ශූර කණ්ඩායම ජයග්‍රහණය ලබාගත් අතර පිත්තෙන් සුවිශේෂි දස්කම් දැක්වූ රොමේෂ් කළුවිතාරණ තරගයේ වීරයා බවට පත්විය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම පුබුදු, පරණ ක්‍රීඩකයෝ දැකලා ඇහැට කඳුළු ආවා. එම 96 තරඟය නම් අමතක කරන්න බැහැ. ඉසුරන්දි, නිලාන්, සිරි සහ අසංක, ඇත්තෙන්ම මාත් එවැනි අවස්ථාවක් එනතෙක් බලාසිටිමි (නි)
දේශපාලනයෙන් ක්‍රිකට් බේරාගනිමු (නි)
1996 වසරේදී ලෝකෙම තිබුනේ නැහැ අපේ වගේ සමබර කණ්ඩායමක්. ඒවගේම හොද විනයක් තිබුන, එකයි 1996 අපි ලෝක සුරයෝ වුනේ. (බ)
නෙතට කඳුලක් ආ පුවතක්. අවුරුදු 20 ක් ගියාද කියලා හිතෙනවා. ඒ දවස අද වගේ. ලොකු දුකකුත් එනවා. අර්ජුන කිව්වහම අපිට මතක් වෙන්නේ එදා අර්ජුනව. අද කොච්චර වෙනස් වෙලාද? අපේ ජීවිතත් කොච්චර වෙනස් වෙලාද? එදා මම අපොස සාමාන්‍ය පෙළ සිසුවෙක්. ඔබ සැමට දීර්ඝායුෂ පතනවා. (නි)
කළු, අරවින්ද, මහානාම ක්‍රීඩාකළ විදිය දැක්කහම වසර 20 කට පසුත් ඔවුන් තුළ තිබුන හික්මීම, අධිෂ්ථානය සහ ජවය වගේම එකමුතුකම අපි යළිත් දැක්කා. මෙන්න මේවා නැති නිසා තමයි අපි අද මේ තත්වයට පත්වුණේ. මේ දේශපාලකයන්ගේ අතපෙවීම් නැතිවනතුරු අපට මේවගේ ක්‍රීඩකයන්ගෙන් යුතු කණ්ඩායමක් බිහිනොවනු ඇත. (නි)
පරණ ක්‍රීඩකයෝ දැකලා ඇහැට කඳුළු ආවා.(හේ)
ඇත්තටම මේ ප්‍රවිනයන්ව දැක්කමත් හයියක් එනවා හිතට. ආපහු මෙවැනි පිරිසක් අලුත් කණ්ඩායමට කවදා එක්වෙයිද? (ර)
මෙන්න අපේ ක්‍රිකට් වීරයෝ. දැකීමත් සතුටක් කලූවිතාරණ නම් තාමත් ලිට්ට්ල් කළුම තමයි. (ර)
ඇස් වලට සතුටු කඳුළු එනවා .....නියම වීරයෝ ..!! දීර්ඝායුෂ පතනවා ...!! (බ)
මේ වගේ ටීම් එකක් ආයෙත් අපිට ඕනේ. ඇත්තටම අපේ පරණ ටීම් එක දැක්කම ගොඩක් සතුටක් එනවා. (බ)
එදා තරඟය නරඹපු හැටි මතක් වුණා. ඒ වගේ දවසක් තවම උදාකරගන්න බැරිවුණත්, ප්‍රාර්ථනා කරනවා කවදා හෝ උදාවේවා කියලා. දයාබර කළු, ඔබ තවම එදා වගේමයි (නි)
ඇත්තෙන්ම හිතට ආඩම්බරයක් වගේම නෙතට කඳුලක් එන දර්ශනයක්. .... අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ ? කියලා හිතුනා. (ර)
අපේ “ලිට්ල් කළු“ 20/20 ට ගහනවා බලන්න කැමතියි (නි)